Monday, May 20, 2024

රටම පට්ට ගහන නෙත් FM බැලුම්ගලේ ස්ත්‍රීන් රවටා මුදල් ගසාකන සොඬෙක්

ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් නොතිබිය නොහැක. එහෙත් මේ එවැනි සිද්දියක් නොව මධ්‍ය වෘත්තිය ඝනිකා සේවයේ යොදවන මාධ්‍ය කාරයන්ගේ නිරුවතයි. නෙත් ගුවන්විදුලියේ පමනක් නොව අන්තර්ජාලය තුලද ප්‍රචාරය වන බැලුම්ගල නැමැති වැඩසහන බහුතර ග්‍රාමීය ජනයා මෙන්ම බොහෝ නගර වාසීන්ද අසා නැතිවිය නොහැක. උදේ 6.00 වන විට ලෝකයටම ඇහෙන්ට දේවාල කපුවන්, පතාලයන්, ඝනිකා සේවයේ යෙදෙන්නන් හා විවිද තලවල අති පීඩිත ජනයාගේ සිල්ලර හොර මැරකම් පට්ටාගසන බැලුගල මෙහෙයුම් කරුවන් ජාතික වීර වරයන් බව ලක්වාසී ජනතාවට හැඟවීමට ගත් වෙහෙස රැකෙන්නේ, බැලුගල ජඩ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති ව්‍යාජ වීරවරයන්ගේ සැබෑ නිරුවත හෙලිවන තාක් පමණි.

ජඩ මාධ්‍යකරුවන්ගේ තෝම්බුව

අප අද එම ජඩ මාධ්‍ය කරුවන්ගේ තෝම්බුව මෙසේ දිග හරින්නෙමු. නෙත් බැලුම්ගල වැඩසටහන කලක සිට විවිද මාධ්‍ය කරුවන් යටතේ ප්‍රචාරය වුවද අප අද කතාකරන්නේ වත්මනේ එහි බැලුම්ගල වැඩසටහන් අධ්‍යක්ෂක චරිත් සුද්දත්චාරී හා නිවේදක චාමිකර ගීත් ගයාන් ඇතුළු නෙත් fm  ආයතනයේ සේවයේ නියුතු  පුද්ගලයන් සම්බන්දවයි. චරිත් සුද්දත්චාරි යනු විවාහක එක් දරු පියෙකි. ඔහු තම බිරිදද දරුවාද  අත්හැර දමා ජීවත්වන අතර  තම දරුවාට  නියමිත වේලාවට නඩත්තු මුදල් ගේවීමට හෝ වගකීමක් නැති පියෙක්ය.  එහෙවු වගකීම් විරහිත පියවරුන්, වංචනිකයන්, තක්කඩින් බැලුම්ගලේ විලි ලැජ්ජාවකින් තොරව රටේම දරුවන්ගේ අනාගතය ගැන උපදෙස් දෙන්නෝ වීම කොතරම් විහිලු සහගතදැයි ජනතාව දැනගත යුතුය.

විවිද  අසාධාරණයන්ට ලක් වූ ස්ත්‍රීන් කිහිප පොලක් නෙත් එෆ් එම් ආයතනය සමග පසුගිය කාල වකවානුව තුල සම්බන්ද වන්නේ තමන් පත්ව ඇති අයුක්ති සහගත තත්වය රටට හෙලිකර පෝලිසීයේ හෝ වගකිව යුත්තන්ගේ අවධානය යොමුකරවා ගැනීමේ අටියෙනි. එම අවස්තාවලදි පැමිණෙන රෑමත් හා ධනවත් කතුන් දැලේ දමා ගැනීමේ මෙහෙයුමක් චරිත් සුද්දත්චාරි විසින් නිරන්තරයෙන් ක්‍රීයාත්මක කර ඇත. අපට ලැබී අති තොරතුරු හා සාක්ෂි සමග සසදන විට වසර 2014 වර්ෂයේ පමණ සිට බැලුම්ගල අනන්ගයා විසින් සමාජ අසාධාරණයට ලක්ව බැලුම්ගල සරණ යාමට පැමිණී ස්ත්‍රීන්  කබලෙන් ලිපට වැටී වට්ටවා ඇත. කාන්තාවන් රවටා මුදල් ලාබාගැනීම්, ලිංගික වුවමනා එපාකම් ඉටුකර ගැනීම් මෙන්ම අවසන එම කාන්තාවන් බිය වද්දා නිහඩ කිරීමටද මෙකී නෙත් පාදඩයන් කටයුතු කර තිබේ.දැනට ඉදිරියට නොපැමිනි තවත් ස්ත්‍රීන් සිටින බවටද තොරතුරු තිබේ.

 චරිත් සුද්දත්චාරි 

වත්තල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික ස්ත්‍රියක් තමාට සිදුවූ මුදල් වංචාවක් සම්බන්දයෙන් නෙත් බැලුම්ගලට තොරතුරු ලබාදීමට ඉදිරිපත් වී ඇති අතර වැඩිදුර කරුණු දැනගැනීමටයි පවසමින් ඇය නෙත් එෆ්.එම් ආයතනයට ගෙන්වාගෙන තිබේ. ඇය තොරතුරු ලබා දී නැවත යන අතර තුර බැලුගල වැඩසටහන් අධ්‍යක්ෂවරයා වන චරිත් සුද්දත්චාරී විසින් දුරකතන ඇමතුමක් ලබාගෙන පවසා ඇත්තේ එම වංචාවට එරෙහිව වැඩසටහනට අවශ්‍ය වැඩි දුර තොරතුරු ලබා ගැනීමට සහය වන්නේ නම් වැඩසටහන ප්‍රචාරය කල හැකි බවයි. ඉන් අනතුරුව චරිත් විසින්  නිතර දුරකතන ඇමතුම් දෙමින් එකී ස්ත්‍රියට රවටා මුදල් වංචා කොට ඇත. චරිත් විසින් මූලිකත්වය ගෙන ආරම්භ කිරීමට යන  “රෝ” නම් ආයතනයට අවශ්‍ය මුදල් ලක්ෂ 2.5 ක් මෙකි ස්ත්‍රිය රවටා ලබාගෙන ඇත. ඒ ඇය එහි කොටස්කරුවෙකු බව කියමින් ව්‍යජලෙස ලිපි ලේඛන වලද සටහන් කරමිනි. ඊට අමතරව  කිහිප විටකදීම එකී කාන්තාවගෙන් ලක්ෂ 4 ක් පමණ චරිත් සුද්දත්චාරී විසින් ලබාගෙන ඇත. චරිත් සුද්දත්චාරි නම් වංචාකාරයා වංචාවට පෙර ආරක්ෂිත පියවර ගෙන ඇත්තේ එකී ලක්ෂ 04 කට ආසන්න මුදල කඩින්කඩ නෙත් ආයතනයේම සේවයේ නියුතු වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට දම්මවාගෙන මතු යම් දිනෙක නීතියෙන් ගැලවීමට මග පදාගැනීමේ අටියෙනි.  අපට අසාධාරනයට ලක්වූ  ඇයගේ පුද්ගලිකත්වය සලකා අප හට ඇයගේ කතාවේ ඉතුරු හරිය අපට හෙලිකළ නොහැක. නමුත් මේ ලිපිය චරිත් සුද්දත්චාරි නම් වංචාකාරයා බලන්නේ නම් අප ඔහුට කියන්නේ එකී කාන්තාව අනුරාධපුරයට කප් රුක සිටුවන්නට රැගෙන ගොස් කළ හදියද සහසුද්දෙන් අපට හෙලිකල හැක. එම ගමනටද එකී කාන්තාවගෙන්ම මුදල් ලබාගෙන නැවත් කඩිමුඩියේ එම කාන්තාව පලාවා හැරීමේ කතාවද අප සතුය. නෙත් fm බැලුම්ගල මෙහෙයවන වංචාකාරයන් සමූහ ගතව මෙම කාන්තාව බිය වද්දවා වසර 03 ක් යටගසා තිබූ මෙකී වංචාව 2017|01|28 පොලිස් පැමිනිල්ලක් ලෙස  එලියට එන්නේ තවත් මෙවැනිම වංචාකාරි අනග රැගුමක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙකී පොලිස් පැමිණිල්ලේ ඇයගේ නම් ගම් ඉවත්කර පහත පැමිණිලි අංක (01) ලෙස අමුණන්නෙමු.  පොලිස් පැමිණිලි අංක 01

|චරිත් සුද්දත්චාරි සහ වංචනික ලෙස රවටනු ලැබු ස්ත්‍රිය|

2017 වර්ෂයේ මැයි මස මෙවැනිම ආකාරයට තවත් ස්ත්‍රියක් පැමිණෙන්නේ තමාට සිදුවූ අසාධාරණයක් රටට හෙලිකර දැමීමටය. එම කාන්තාවටද කොක්ක ගසන්නට සැදී පැහැදුනු චරිත් සුද්දත්චාරීට වැඩ වරදින්නේ යූරෝපයේ හැදී වැඩී ඉතිහාසයක් ඇති එම කාන්තාවගෙන්ය.  එම කාන්තතාව චරිත් සුද්දත්චාරීගෙන් වූ අසාධාරනයට එරෙහිවන්නේ වෙනත්ම ආකාරයකටය. ඇය සේම චරිත්ගෙ ප්‍රේම ගුලී කා මුදල් වංචාවට ලක් වූ මෙපමණ කලක් ඊට එරෙහි පියවර නොගත් ස්ත්‍රීන් කිහිප පොලක් සම්බන්දකර නීතිය ඉදිරියට පැමිණ වීමය. මෙම කතුන් බොහොමයක්ට බොරු බලාපොරොත්තු දී රවටා  අපයෝජනය කොට මුදල්ද වංචාකොට වික්ටෝරීයානු වැඩවසම් සදාචාරයට පිංසිද්ධ වන්නට මෙකී කතුන් නිහඩ කර ඇත්තේ  ජඩ මාධ්‍ය තග දමමින් එකී කතුන්ගේ පුද්ගලිකත්වය කෙලෙසන බව තර්ජනය කරමින්ය. ලෝකයටම සදාචාරය හා ජාතික වීරත්වය උගන්වන්නට උදේම ජනතාවට උපදෙස් දෙන බැලුම්ගල තක්කඩින් ගේ ජීවිත මඩගොහොරුවෙ මේ එක් පරිචේදයක් පමණි.

(x) නැමති මෙකී කාන්තාව අපචාරයන් හා වංචාවන් වලට ලක් වූ අනෙකුත් කතුන් පෙරට ගෙන ඒම දරාගත නොහැකි වූ බැලුගල නඩය වහා මෙම කාන්තාවට තර්ජනය කරන්නේ පාතාලය ලවා වුවද ඔවුන්ට වැඩක් දිය හැකි බවද අනියමින් පවසමිනි. අඩි හතරක් උස නොමැති චාමිකර කර නැමති බැලුම්ගල නිවේදකයා චරිත් සුද්දත්චාරී ආරක්ෂා කිරීමට පෙරට එන්නේ මෙකී  කාන්තාවට තර්ජනය කර පසු බසින ලෙස අනතුරු හගවමිනි. අවසන එම කත නීතීමය පියවර ගනීදෝ යන බියෙන් බම්බලපිටිය පෝලීසියට ඇයට පෙර ගොස්  බොරු පැමිනිලි දමමින් පොලිස් ලොක්කන්ගේ සහය ඇතිව ඇයව බියවද්දන්නට චාමිකර හා චරිත් කටයුතු කොට ඇත. ලොව ප්‍රථම වරට කාන්තාවකට විවාහ කරගන්න බව පවසමින් ප්‍රේම කර රවටා මුදල්ද වංචාකොට එම කාන්තාව කියන්නේ ඇත්තක් බව ඔප්පුවන ලෙස පොලිස් පැමිනිල්ලක් කරමින් එකී රැවටූ කාන්තාවගෙන් ආරක්ෂාවීමට පොලිස් සහය පැතූ අපූරු පෙම්වතා නෙත් fm ආයතනයේ බැලුගලේ  සිටීම අප රටේම මාධ්‍ය ජාල වලට මහත්  ආඩම්බරයකි. උදේ පාන්දර හයේ සිට යකාටවත් බය නැතැයි කියමින් පාතාලයෙන්ම  මුදල්ගෙන පතාලයන්වැට ප්‍රචාරන වැඩසටහන් කරමින් මොර දෙන බැලුම්ගල වංචාකාරයන් තමන් රැවටු ස්ත්‍රියකට

බයේ නතර වන්නේ බම්බලපිටිය පොලිසීයේය. එකී පොලිස් පැමිණිලිද අංක (02,03) පහතින් අමුනන්නෙමු. පැමිණිල්ලකට තරම් ප්‍රමාණවත් කරුනු හෝ නොමති බැවින් පොලීසිය බැලුගල චාමිකර ගීත් ගයාන්ගේ පැමිනිල්ල ඉදිරි දිනයක සමතමන්ඩලයට යොමුකර ඇත. අපට ආරංචි වන පරිදි එහිදී පැමිණිලි කාර පාර්ශවයේ කේවට්ටයා විසින්ම විත්ති පාර්ශවයේ ස්ත්‍රියගෙන්  සමාවගැනීමට නියමිතය. බැලුම්ගලේ ගිරිය පුප්පන් කෑකෝ ගහන කොට හාදයා හිතන්නේ ලෝකෙම උන්ට යටකල හැකි බවය. හූනු බිජුවක් තරම් වත් මොලයක් හෝ ආත්මාභිමානයක් තිබේ නම් අසරණ වී ආයතනයට පැමිණෙන ස්ත්‍රීන්ට කිසිවෙකු මෙවැනි පහත් ලෙස  සලකන්නේ නැත.

පොලිස් පැමිණිලි අංක 02

පොලිස් පැමිණිලි අංක 03

මීට අමතරව තොරතුරු වාර්තාවන පරිදි හංවැල්ල ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් හිමි කතක්ද රවටා ඇති අතර එම කාන්තාව තම පවුල් සංස්ථාව රැකගැනීමේ අරමුණින් ප්‍රසිද්දියේ තොරතුරු හෙලිකරනාවට අකමැතිවිය. තවත් වත්තල ප්‍රදේශයේ තරුණියක් වන අචලා නැමතියක් 2016 වර්ශයේ රවටා සෙනසුරාදා දින නෙත් fm කාර්‍යාලයට කැදවා ලිංගික අතවර කොට ඇත. ඇය යම් මානසික ආතති තත්වයෙන් පෙලෙන තරුණියක් වන අතර එම තත්වයන් ප්‍රයෝජනයට ගනිමින් ඇය දීර්ගකාලයක් රවටා ඇත. බැලුම්ගලට ජඩ මාධ්‍ය දූෂකයන්ට අවශ්‍ය වෙතොත් ඒ සියලු තරුනියන්ගේ හඩ පට ලැබෙන්නට සැලැස්විය හැක. රටේ දූශන හොර වැඩ ඇල්ලීමට ප්‍රථම නෙත්  fm ආයතනය තුල සිටින හොර තක්කඩි මානසික ලෙඩුන්ගේ තත්වය රටට කීමට බැලුම්ගලට හැකියාවක් ඇත. එසේ නොමැති නම් අකුණ මඩ ගසන බව කියා පොලිසියට ද යා හැක. කිසිවෙකුගේ ලිංගික ජීවිතය හෝ පුද්ගලික ජීවිත වලට පහර ගැසීමේ පහත් අරමුණකින් තොරව මෙම තොරතුරු හෙලිකරන්නට තීරණය වන්නේ මාධ්‍ය වේදී සලුපිලි පැලද උපාසක මහත්වරුන්ගේ අජූත කම හෙලිකළ යුතුම නිසාවෙනි.

ගැහැනුන් රැවටීමට අමතරව නෙත් බැලුම්ගල ජඩ මාධ්‍ය කරුවන්  සරුවට කරගෙන ගිය ව්‍යාපාරය වන්නේ කොලඹ වසා සරුවට පැතිර ඇති සම්බාහන මධ්‍යස්ථාන අතුරින් මහාපරිමාණ සම්භාහන මධ්‍යස්ථාන වලින්  මුදල් ගෙන ඒ අහල පහල ඇති අනෙකුත් කුඩා සම්බාහන මධ්‍යස්ථාන වලට එරෙහිව වැඩසටහන් මෙහෙය වීමය.  රටට පේන්නේ බැලුම්ගල සේවය කරන්නේ ජනතාවටය යනුවෙන්ය එහෙත් සත්‍ය ලෙස  සේවය සපයන්නේ  මහා පරිමාණ ඝනිකා මඩම් කරුවන්ගේ හා සම්භාහන ආයතනවලටය. ඒ ව්‍යාපාරික එදිරිවාදින් මැඩ තවත් සරුවට තොරාගත් එවැනිම ආයතන රැකීමටය.

තවත් එක්තරා අවස්තාවක බැලුගලට ලැබුනු තොරතුරකට අනුව පොලීසිය සමග කල වැටලීමකදී තරුණියන් පිරිසක් මත් කුඩු පානය කරන ස්ථානයක් වැටලීය. එම වැටලීම හා සම්බන්ද වැඩසටහනක් කිරීම බැලුම්ගල වැඩසටහන් අධ්‍යක්ෂවරයාගේ අරමුණ විය. එහෙත් එම අවස්තාවේ අත් අඩංගුවට පත් තරුණියන් අතර කොලඹ තදාසන්න ප්‍රදේශයක මහේස්ත්‍රාත් වරයෙකුගේ දෝනී ඇන්දා කෙනෙක්ද විය. බැලුම්ගල එම වැඩ සටහන වහා අත් හිටවන්නේ මහේස්ත්‍රාත් වරයාට බයේය. බැලුම්ගලේ අපක්ෂපාති චන්ඩිකම් එතනින් හමාරය. ගමක තෙල් බෙහෙත් වෙදෙක්, කට්ටඩියෙක් , 2.50 හොරුන්ට දාන චන්ඩිපාර්ට් ඇත්තේ ගැලරියට ආතල් දී නමක් දිනාගෙන ලොකු ලොකු හොරුන් ගෙන් භය කර කප්පම් ගැනීමට බවටද අපට තොරතුරු ඇත.  ජනතාවට වැඩක් කර ඇති ක්‍රිස්තියානී  පූජකයෙකුට මඩ ගැසීමට දේශපාලකයෙකුගේ කොන්ත්‍රත්තුවක් ගත් බැලුම්ගල වැඩසටහනින් පසු ඇදගෙන නෑ හැටිද තොරතුරු සහිතව අප සතුව ඇත. එකී පූජකවරයාට දන නම්ස්කාරකොට සමාවගෙන බැලුම්ගල වීරයන් පලායන්නේ ප්‍රදේශයේ ජනතාව පුජකයාට සහය වෙමින් බැලුම්ගලට එරෙහිව උද්ගෝෂණයක නිරත වීමෙන් අනතුරුවය.

මේ සියල්ලටම වඩා බරපතල වන්නේ විවිද බරපතල අපාරධ කරුවන්ට(වැලිකඩ සිරකරු ඝාතකයන්) සුදු හුනු ගාමින් එකී ඝාතකයන් නිදහස් කරණ ලෙස කියමින්  නීතියේ හා  අදිකරණයේ  අප්පොචිලා වෙමින් වැඩසටහන් මෙහෙයවීමයි.  නෙත් ඈපා ඇතුලු ගැනූ රවටන බැලුම්ගල  සහචරයන් නෙත් fm ආයතනයේ නිල ඊමේල් ලිපිනය මගින් එකී ඝාතකයන්ට කඩේ යමින් සාක්ෂිකරුවන්ට තර්ජනය කරන්නේ මීට බෝහෝ කලකට පෙරය. එහෙත් දැන් ඒ ඝාතකයන් ඉන්නේ හිරගෙවල්වලය. ඝාතකයන් රැකීමට නෙත් ඈපලා ගහන දේශපාලන ඩීල් වලට ප්‍රති උත්තර ලබාදෙන හැටි බැලුම්දිගලින් දිගට හරහට මඩ ගැසූ  අවහවල් නරි නොවන්නන්ගෙන් ඉගෙනගෙන එන්නයි බැලුම්ගල හචා පචා නඩයටම අප කියන්නෙමු.  නෙත් ඈපලාට කොන්දක් කියා  දෙයක්  තිබේ නම් අවමයෙන් කල යුත්තේ මෙකී කරුනු සොයාබලා විවිද අසාධාරනයන්ට ලක්ව නෙත් ආයතනයේ පිහිට පතන අසරණ ස්ත්‍රීන් කබලෙන් ලිපට දමන ස්ත්‍රී දූෂකයන් වංචාකාරයන් වහා ආයතනයෙන් පන්නා දැමීමයි. එසේ කරන්නට කොන්ද හයිය මදිනම් එකී කාන්තාවන් පෙරටුව නෙත් ආයතනය වටලන දිනය වැඩි ඈතක නොවන බවද අප මතක් කරන්නෙමු.

පොලිස් පැමිණිලි සඳහා පහත link වෙත යොමුවන්න.

පොලිස් පැමිණිලි අංක 01

පොලිස් පැමිණිලි අංක 02

පොලිස් පැමිණිලි අංක 03

|භානු විජේරත්න| අකුණ නිව්ස්

Archive

Latest news

Related news