Friday, April 26, 2024

ජාතිවාදයෙන් තොර සාමානාත්මතා සමාජයක් සහතික කරමු – ලක්බිමේ මව්වරු සහ දියණියෝ 

ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය මාර්තු 08 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය  සමරන්නේ අපගේ සමාජය දේශපාලනය , ජාතිකවාදි හා ආගම්ක අන්තවාදයෙන් ව්‍යාකුලත්වයට පත් වෙමින් පවතින අවස්ථාවකය.

එක් අතකින් පසුගිය පෙරවාරි මස 10 වන දින පැවැති පළාත් පාලන ආයතන ජන්ද විමසිමේදි එක් එක් දේශපාලන පක්ෂ ලබා ගත් ජන්ද ප්‍රතිඵලය අවස්ථාවාදී දේශපානඥයන් විසින් රටේ දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය කිරිමට යොදාගෙන ඇත. අනෙක් අතින් ජාතිවාදය යළිත් හිස ඔසවන සිද්ධි ගණනාවක් නිසා අප සමාජය කම්පනයට පත් වෙමින් තිබේ. තවත් අතකින් පළාත් පාලන ආයතන තුළ 25% කාන්තා කෝටාව යථාර්ථයක් බවට පත් කිරිමේදී ගෑටළුකාරි තත්ත්වයකට මුහුණ පෑමට සිදුවී තිබේ.

1989 දී ලක්බිමේ මව්වරු දියණියෝ සංවිධානය, ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ උතුරේත් දකුණේත් සිදුවන මිනිස් ඝාතන සහ ප්‍රචන්ඩත්වය හෙළා දකිමින් මේ දක්වා ජාතික සමඟිය , ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් , කාන්තාඅයිතිවාසිකම් , සාමය සහ සංහිඳියාව , වෙනුවෙන් පෙනී සිට ඇත. ශාප ලත් 30 අවුරුදු යුද්ධයෙන් පසුත් , යුද්ධ නිමා වී වසර 9 ගත වුවද , උතුරේත් , දකුණෙත් හදවත් තුළ ජනිත වු වේදනාවන් තවමත් නිමා වී නොමැත. උතුරේ මව්වරු තම අතුරුදහන් වූ ඥාතින් වෙනුවෙන් ආරම්භ කළ උපවාස වර්ෂයක් සපුරා ලයි. අතුරුදහන් වුවන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කිරිම සඳහා සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් ස්වාධින කොමිසමක් රජය පත් කරන ලද්දේ ද ඊයේ පෙරේදාය.

ශ්‍රී ලංකාව බහුවාර්ගික රටක් වශයෙන් ව්‍යවස්ථාපිත වුවද, සිංහල . දෙමළ , මුස්ලිම් ජාතින් අතර අද සාමය වෙනුවට පැන නැගි තිඛෙන්නේ වෛරයයි. පසුගඅය සති දෙක තුළ අම්පාර සහ මහනුවර තෙල්දෙණිය යන ප්‍රදේශවල ඇති වු සිදුවීම් එයට සාක්ෂි දරනු ඇත. මෙය අද රටේ කොතැනක වුවද ඇවිලිය හැකි ගිණි පුපුරකි. මෙයට ජාතිවාදය වපුරන සමහර සමාජ මාධ්‍ය මෙන්ම ජාතවාදය වපුරා තම ජන්ද ගොඩ වැඩි කර ගැනීමට බාල දේශපාලනයෙහි යෙදෙන දේශපාලනඥයින්ද වගකිව යුතුය. කුමන ජාතියක වුවද ජිවිත සහ දේපල නැතිවන්නේ අපගේම සහෝදර සහෝදරියන්ගේය. බියෙන් සැකෙන් ජිවත්වීමට සිදුවන්නේ අපටමය. මේ නිසා නැති වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි , සාමය සහ සංහඳියාවයි. ප්‍රචන්ඩකාරිව හැසිරෙන යන වෛරය පතුරවන බලවේගයන් අත්අඩංගුවට ගැනීමට නොවලහා ඉටුවිය යුතු කාරණයකි. අනෙක් අතට මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මර්ධන නිති ක්‍රියාත්මක කිරිමට පෙළඹිම අපට අනුමත කළ නොහැක. එමෙන්ම සාධාරණ ජනතා ඉල්ලිම් පොලිසියහා හමුදාව යොදා මර්දනය කිරිමද අපි හෙළා දකිමු. කාන්තාවන් වශයෙන් පුරුෂ මූලික සමාජ ක්‍රමය තුළ ස්ත්‍රීන් පහත් කොට සලකන සියළු ආකාරයේ වෙනස්කම් තුරන් කළ යුතු බවද අපි අද අවධාරණය කරමු. දිනපතා වාර්තාවන කාන්තා සහ ළමා මරණ , ලිංගික බලහත්කාරකම් , ස්ත්‍රී දුෂණ සහ මරණ , ගෘහස්ථ පහර දීම් , තුරන් කළ යුතු බවද අපි තරයේ විශ්වාස කරමු.

ජාතික ආදායමින් වැඩි කොටසකට දායක වන ප්‍රධාන ආදායම් මාර්ග තුන වන වතුකම්කරු , ඇගළුම් සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවල වැඩ කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා කරන ලෙස අපි බලකර සිටිමු.

ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා ජාලය ලෙසත්, එයට ඇතුළත් කාන්තා සංවිධාන සහ ක්‍රියාකාරින්යන් වෙන වෙනමත්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ කාන්තා සමානත්වය අගයන බොහෝ දෙනාත් දිගු කලක් තිස්සේ කරන ලද අඛණ්ඩ අරගලයක ප්‍රතිඵල ලෙසින්, දේශපාලනයේ පහළ ම ස්ථරය වන පළාත් පාලන ආයතන සඳහා 25% කෝටාවක් දිනා ගැනීම සතුටට කාරණයක් විය. 25% කාන්තා කෝටාව ලැබුණු පමණින් සෑහිමකට පත්විය නොහැක. පළාත් සභා තුළත් පාර්ලිමේන්තුව තුළත් කාන්තා නියෝජනය ස්ථාපිත කිරිම සදහා පෙරම ුණ ගන්නා ලෙස අප ජාලය අද දින සියළු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිමු. ජාත්‍යන්තර ස්ත්‍රී දිනය 2018 සමරන මේ අවස්ථාවේ අප ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය ලෙස සමස්ත ස්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සියථ පීඩාවන්ට , ජාතිවාදයට , අන්තවාදයට සහ අසාධාරණයන්ට එරෙහිව නැගි සිටිමින් අපගේ අයිතින් දිනා ගැනීම උදෙසා පෙළ ගැසමු.

ලක්බිමේ මව්වරු සහ දියණියෝ

2018 මාර්තු 08 වන දින දීය.

Archive

Latest news

Related news