ජායාරූපය: අතුරුදහන්කිරීම්වලට එරෙහි ව්‍යාපාරය අන්තර් ජාතික එකකි.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත මෑත කාලයේ දී ඉතාමත් විවාදත්මක වුණු පණතක්. මේ මෑතකදි ඒ තරම් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරපු, මේ පිළිබඳ වැරදි මත ඇති කරපු, පණත් කෙටුම්පතක් නැති තරම්. නීතිය පිළිබඳ ඉතාමත් හොඳ දැනුමක් තිබෙන නීති මහාචාර්යවරු පවා මෙහි තිබෙන වගන්ති පිළිබඳ වැරදි අර්ථ නිරුපණ දුන්නා. එක් වැරදි අර්ථ නිරූපණයක් තමයි, මෙම නීතිය අතීතයට බලපානවයි කියන එක. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තියේ මුලික අයිතිවාසිකම් යටතේ ඉතාමත්ව පැහැදිලිව තිබෙනවා, යම්කිසි අපරාධ නීතියක් බලපාන්නේ අනාගතයට පමණයි කියලා. ඉතාමත් පැහැදිලියි. එම නිසා මේ පණතේ විශේෂයෙන් සඳහන් වීම අවශ්‍යය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සියල්ලටම ඉහළයි. එම නිසා මේ දණ්ඩන වගන්තිය අතීතයට බලනොපාන බව බොහෝම පැහැදිලියි. ඒ වාගේම අපි අත්සන් කර තිබෙන ජාත්‍යන්තර සම්මුතියක් තිබෙනවා නම් අතීතයට බලපාන පරිදි, විශේෂයෙන් වගන්තියක් ඇතුලත් කරල ප්‍රතිපාදන ඇතුලත් කරන්න පුලුවන් කියලා. එහෙම නම් විශේෂයෙන් සඳහන් කල යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට මේ පනත ගියා. මේ පණත දණ්ඩන වගන්තිය ආපසු ක්‍රියාත්මක විමට ටිකක් හෝ ඉඩක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය එයට ඉඩ දෙන්නේ නැහැ. ඒකට කියනවා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා එහෙම කිව්වේ නැහැ. එම නිසා එසේ ආපසු ක්‍රියාත්මක වන විධියට ඍැඑරදිචැජඑසඩැ ක්‍ක්මිැ එකක් නැත්නම් කිසිම අවස්ථාවක අපේ රටේ නීතිය අනුව දණ්ඩන අපරාධයක්, දණ්ඩන වගන්තියක් අතීතයට ක්‍රියාත්මක වන්නේ නැ. මොකද අපේ ව්‍යවස්ථාව උත්තරිතර නිසා. ඒ පිළිබඳව අවිස්වාසයක් තියාගත යුතුව නැ.
අපි ඉංග්‍රිසියෙන් කියනවා අපි Dualist රටක්. අපේ රටේ නීතිය අනුව යම් කිසි ප්‍රඥප්තියක් ජාත්‍යන්තර වශයෙන් අත්සන් කල පලියට එය මේ රටේ නීතිය බවට පත්වන්නේ නැ. මොනිස්ට් (monist) රටවල් වල, උදාහරණයක් වශයෙන් නෙදර්ලන්තයේ, ජාත්‍යන්තර නීතිය, ප්‍රඥප්තියක්, ස්වයංක්‍රීයව රටේ නීතිය බවට පත්වෙනවා. අපට එහෙම එකක් නැ. එම නිසා මෙම පණත ගෙන ඒමෙන් අතුරුදහන්විම කෙරෙන් සියළු පුද්ගලයින් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මේ රටේ නීතිය බවට පත් වෙනවයි කියන මිත්‍යා මතය සම්පුර්ණයෙන් වැරදියි. කණගාටුවට කරුණක් වන්නේ මේ පිළිබඳ වැඩිපුරම කතා කලේ මේ රටේ දහස් ගණන් නීතිඥවරයින් බිහිකිරිම සඳහා නීතිය උගන්වපු මහාචාර්යවරු. ඒක කණගාටුවට කාරණයක්. නමුත් එහෙම නෙවෙයි වෙන්නේ. අපි ෘම්කසිඑ රටක් එම නිසා අපට අවශ්‍ය විදියටයි අපි පණත හදන්නේ. අපට ඕන නීතියක් හදන්නේ අපට ඕන විදියටයි. දැන් සඳහනක් කෙරුණා මේ විවාදය තුල දණ්ඩනීති සංග්‍රහයට පමණක් සංශෝධන ගෙන්න බැරි ඇයි කියලා. දණ්ඩනයක් පමණක් නම් කෙරෙන්නේ, එහෙනම් අපට ඒක කරන්න තිබුණා. නමුත් ඊට වඩා මේ පනතේ පරාසය ඉතා විශාලයි. උදාහරණයක් වශයෙන් 15(1) වගන්තිය කියනවා No Person shall be held in secret detention රහසේ රඳවා තබා ගැනිම තහනම් කෙරෙනවා. ඒ වගේ ඒවා දණ්ඩනීති සංග්‍රහයේ දාල වැඩක් නැ, දාන්නත් බැ, දණ්ඩ නීති සංග්‍රයේ තිබෙන්නේ වරදවල් ප්‍රකාශයට පත් කරලා, ඒවාට දඩුවම් නියම කිරිම. ඊටත් එහා අයිතිවාසිකම් පිළිබඳව, වින්දිතයන්ගේ ඔවුන්ගේ නැදැයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව-the right of representation by an attorney-at-law- – ඒ සියල්ලටම නිතිඥවරුන්ගේ සහාය ලබාගැනීම ඒ ආදිය තියෙනවා. සියල්ලම මේක තියෙනවා. ඒවා දණ්ඩන නීති සංග්‍රහයට දාන්න බෑ. ඉතින් මේ වැනි වැදගත් වින්දිතයන්ට අදාල වන වෙනෙකුත් ප්‍රතිපාදන ගණනාවක් මේ පනතේ තිබෙන නිසා තමයි දණ්ඩනීති සංග්‍රහයට විතරක් මේක ඇතුල් කරලා, දණ්ඩන වගන්තියක් ඇතුලත් කිරිමට බැරිවන්නේ.
මම වැඩියෙන් කතා කිරිමට කැමති අද තිබෙන තත්වය පිළිබඳව. මිට අදාලව මේ වගේ නීති කොච්චර ගෙනාවත් වැඩක් නැ. මේවා ක්‍රියාත්මක කෙරෙන්නේ නැති නම්. මහනුවර පැත්තේ මේ දවස් වල සිදුවන සිදුවීම් පිළිබඳව අපි කවුරුත් කම්පාවෙන් සිටින්නේ මම මහනුවර පළාතේ කෙනෙක් නිසා. ඒ පළාතේ ඉපදිලා හැදුනු වැඩුනු කෙනෙක් නිසා මට මේ දවස් ටිකේ දුරකථනයෙන් පණිවිඩ හැම මිනිත්තු කීපයකටම සැරයක් ලැබෙනවා. අද මේ වගේ සිද්ධියක් වෙනවා. මෙතන මේ වගේ දෙයක් වෙනවා කියලා. මම ඒ තැන් පිළිබඳව කියන්නෙත් නෑ ඒවා අවුස්සන්න කිසිම ඉඩක් මම තියන්නේ නෑ.
ඊයේ සමහර පළාත් වල බොහෝම වග කිවයුතු අයගෙන් ලැබුණ ආරංචි අනුව සමහර තැන්වල පොලිසිය බලාගෙන ඉඳලා තියෙන්වා . සමහර තැන්වල පොලිසිය කියා තිබෙනවා අපට වෙඩි තියන්න අවසරය, නියෝග හම්බවෙලා නැ කියලා. කවුරුත් කියන්නේ නැ මිනිස්සුන්ව මරන්න කියලා. නමුත් බලය පාවිච්චි කරන්න පුලුවන් සාමය ආරක්‍ෂා කර ගැනිමට. පොලිසියට සාමන්‍ය උපදෙස් තිබෙන්නෙත් මරන්න වෙඩි තියන්න නෙවෙයි අවම බලය පාවිච්චි කිරිමට ඒ අවස්ථාවේ හැටියට. ඒ වගේම අපේ දණ්ඩනිති සංග්‍රහයේ තිබෙනවා ඕනෑම කෙනෙක්ගේ දේපල හෝ කෙනෙක්ගේ ජිවිතය ආරක්‍ෂා කිරිමට වෙනත් කෙනෙකුට පුලුවන් බලය පාවිච්චි කිරිමට. ඒක ඕනෑම සිවිල් පුද්ගලයෙකුට පුලුවන්. නමුත් කණගාටුයි කියන්න ඊයේ විශේෂයෙන්ම ඒ ගැන කියන්න ඕනේ මේ තැන්නේකුඔුරේ, මැණික්හින්න පළාතේ ඇතුලේ සිදු වු සිදුවීම් වලදි හුගක් පොලිස් නිලධාරින් කියලා තියෙනවා අපට කරන්න දෙයක් නැ. අපට බලයක් නෑ, අපට කි නෑ වගේ කතා. ඒ කියන්නේ උඩට වෙඩි තියන්නද යන්නේ. උඩට වෙඩි තියලා මේ වැඬේ කරන්න බැ. එම නිසා මේ පිළිබදව ඇක්ෂන් ගන්න ඕනෑ. ක්‍රිියාත්මක වෙන්න ඕනෑ. මේ නීති හදන්නේ, හදිසි නීති දාලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. ඒ කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. මේ රටේ හදිසි නීතිය යටතේ තියෙනවා වැළැක්වීම සදහා අත් අඩංඟුවට ගැනීම කරන්න.
වැළැක්වීම සදහා අත් අඩංඟුවට ගැනීමබ කියන්නේ වරදක් කලේ නැතත්, යම්කිසි කෙනෙක්ගේ ක්‍රියාවන් නිසා වරදක් වෙන්න ඉඩ තිබෙනවා නම්, ඒ බවට සාක්‍ෂි තිබෙනවා නම් හේතු තිබෙනවා නම් වැළැක්වීම සදහා අත් අඩංඟුවට ගැනීම කරන්න පුලුවන්. අද වැළැක්වීම සදහා අත් අඩංඟුවට ගැනීම පාවිච්චි කරන්න පුලුවන් හදිසි නීතිය යටතේ බොහොම ලේසියි. මේවා අවුස්සන අය ඉන්නවානම් ඒ පිළිබඳව සාක්‍ෂි තියෙනවානම්, ඒ පිළිබඳ විශ්වාස කිරිමට තියෙනවා නම් අත්තනෝමතිකව නෙවෙයි, යම්කිසි පදනමක් තියෙනවා නම් ක්‍රියාත්මක වෙන්නට පුලුවන්. ඉතින් වැළැක්වීම සදහා අත් අඩංඟුවට ගැනීම ක්‍රියාත්මක කරන්නත් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුයි. නැතිනම් හදිසි නීතිය පාවිච්චි කරලා වැඩක් නැ. හදිසි නීතිය දාලා වැඩක් නැ. ඇඳිිරි නීතිය රෑට විතරක් දාලා වැඩක් නෑ. සමහරතැන් වල දවල්ටත් දාන්න ඕනි.
අපි බොහොම බරපතල ලෙස මේ පිළිබඳ සාකච්ඡා කල යුතුයි. මේකට මුහුණ දෙන ආකාරය පිළිබඳව. ඉදිරි දින කීපයේදි වෙනින් පළාත් වලට පවා මේක පැතිරිමේ භායානකකම තිබෙනවා. අවසාන වශයෙන් මගේ නම කියවුණා, මා සිංගප්පූරුවේදී කරපු , මට මතක නෑ අවුරුද්ද පිලිබඳව, දෙමළ කණ්ඩායම් සමඟ කරපු සාකච්ඡාවකට මා සහභාගී වු බවට සඳහනක් කෙරුනා, මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමන්ගෙන්. ඒක සම්පූර්ණ ඇත්ත, මම කවදාවත් නෑ කියලා නෑ. අපි කතා කලේ මේ රටේ තිබෙන ජනවාර්ගික ගැටළුව එක් තනි රටක් තුල විසඳාගැනීම සඳහා තමයි අපි සාකච්ඡා කලේ .ගෝලීය දමිල සංසදය එකේ සමහර අදහස් එක්ක මම එකඟ වෙන්නේ නෑ. නමුත් ඔවුන් එක්ක කතා කරන්න ඕන. ඔවුන් එක්ක සාකච්ඡා කරන්නේ නැතිව මේක කරන්න බෑ. එක තනි රටක් තුල. ඒ සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස අද ඨකදඉ්ක ඕපසක ත්‍දරමප එකට එකතුවෙලා හිටපු එමෑනුවල් පියතුමා වගේ අය අද ලංකාවට එනවා .
විමල් වීරවංශ – point of order ගරු මුලාසනාරුඪ මන්ත්‍රිතුමනී, ඒ Tamil Net වාර්තාවේ තියෙනවා එකඟවේච්ච ප්‍රතිපත්ති දහය. ඒ දහයේ පලවෙනි එක තමා ලේබලය කුමක් වුවත් අභ්‍යන්තර ස්වයං පාලනය ලැබෙන විදියේ ව්‍යවස්ථා සංශෝදනය , මේ රණවිරු දඩයම් ඕව ඔක්කොම තියෙනවා . තමුන්නාන්සේලා සාකච්ඡා කලා විතරක් නෙවෙයි, මේ රට පාවාදෙන එකඟතාවයකට ගියා.
ජයම්පති වික්‍රමරත්න – එහි තිබෙන්නේ මේ රටතුල සිටින විවිධ ජනකොටස් වලට තමන්ගේ කටයුතු කර ගැනීමට බලය ලැබෙන පරිදි ව්‍යවස්ථා ව්‍යුහය වෙනස් කරන්න ඕනෑ කියන එක . ඒක අද නෙවෙයි මම හැමදාම කියපු දෙයක්. දැනුත් කියනවා, ඉදිරියටත් කියනවා.
-බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියළු තැනැත්තන් ආරක්ෂා කිරිම පිළිබද පණත් කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයේ දී ජයම්පති වික්‍රමරත්න සහෝදරයා පළ කල අදහස් (2018-03-07)