Wednesday, May 8, 2024

මෙන්න වැඩ! කව්ද කියන්නේ සිරිසේනලාට වැඩ බැහැයි කියලා!

ජායාරූපය: ජනාධිපති රාජපක්ෂ අරලිය හෝටයේ විවෘත කිරීමක. ඩඩ්ලි සිරිසේන දකුණු පසින් සිටී.

ජනාධිපති වැඩ බැරි දාස කෙනෙක් යැයි නගන අවලාදය නිශේධ කිරීම පිනිස සිරිසේන පවුල ජවාධික අශ්වයින් මෙන් පොලොන්නරුව සිය අනසකට ගන්නා සැටි මේ කෙටි සටහනින් පෙනේ. එහි දොසක් ඇතොත් එය නිවැරදි කිීරීම සිරිසේන පවුලට බාරය.  එසේ වෙතොත්  අපි එය පළ කරමු. මෙම සටහනට මේ තාක් නම් සිරිසේන පවුල ප්‍රතිචාර දක්වා නැත.

පරාක්‍රම සමුද්‍රයේ පතුළ හෑරීමට පෙර එහි ජලධාරිතාවය අක්කර අඩි එක්ලක්ෂ හය දහසකි. හෑරීමෙන් පසුව ධාරිතාවය තවත් අඩි දස දහසකින් වැඩි විය යුතු වුවත් වැඩි වී ඇත්තේ අක්කර අඩි තුන් දහස් නමසියයකි. ජලමට්ටම එයින් ඉහළට නොයෑමට පොළොන්නරුවේ වාරී නිළධාරීහූ නිතරම වග බලා ගනිති. ඒ වැව් ඉවුරේ ඉදි කර ඇති ඩඩ්ලි සිරිසේන මහතාගේ ‘සුදු අරලිය‘ සංචාරක හෝටලයේ උද්‍යානය ජලයෙන් යටවෙන නිසාය. බැකෝයන්ත්‍ර යොදාගනිමින් වැව් භූමිය හාරා උද්‍යාන භූමිය තව තවත් විශාල කර ගන්නා ආකාරය දැන් ගියත් දැක බලා ගැනීමට පුළුවන.

සුදු අරලිය හෝටලයට අමතරව චතුරිකා සිරිසේන මහත්මිය විසින් ‘ලේක් පාක්‘ නමින් අති සුඛෝපභෝගී හෝටලයක් පරාක්‍රම සමුද්‍ර වැව් තාවුල්ලේ මෑතකදී විවෘත කර තිබේ. එහි උද්‍යාන භූමිය ද වාරි නිළධාරීන් විසින් රැක ගත යුතුය. එම නිසා චුරු චුරු වැස්සක් වැටුනත් වාන්දොරටු විවෘත නොකරම බැරිය. චතුරිකා සිරිසේනගේ අනෙක් හෝටලය හබරණ පොළොන්නරුව පාරේ ඇති “තිදස් අරණ“ ය . චතුරිකා සිරිසේන ජනාධිපති දුව වීමට පෙර මෙහි තිබුනේ මත්පැන් බලපත්‍රයක්වත් නැති කුඩා රෙස්ටොරන්ට් එකක් පමණි. පිටතින් මත්පැන් අරන් එන බේබද්දෝ මෙතැනින් බයිට් එකක් රැගෙන කාබී ප්‍රීති වූ තැනකි. නවාතැන් තිබුනේ ද නැත. නමුත් සිරිසේනගේ යහපාලනයට පිං සිදුවන්නට පසුගිය වසර 3 දී එය ප්‍රධාන පෙලේ හෝටලයක් බවට පත් විය. කෙසේ වෙතත් එය වැව් පිටියක ඉදිනොකිරීම නිසා පොළොන්නරුවේ ගොවියෝ සැනසුම් සුසුම් හෙළති.

ක්‍රිස්තු වර්ෂ 1153 සිට 1186 දක්වා අප රට පාලනය කළ අසහාය නර ශ්‍රේෂ්ඨයා වන මහා පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම පරාක්‍රමබාහු සමුද්‍ර ජලාශය ඉදි කළේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් පරෝපකාරයට නොගෙන නිකරුණේ මුහුදට ගලා නොයා යුතුය යන උදාර අදහස් මුදුන්පත් කිරීම සඳහාය. එහෙත් අද සිදුවන්නේ සිරිසේනලාගේ හෝටල් රැකීමට මහා ජල සම්පත මුහුදට මුදා හැරීමය.

ජයදේවද සිල්වා/මුහුණු පොත

Archive

Latest news

Related news