Monday, May 20, 2024

වඩාම අගතිගාමී රාජ්‍ය මාධ්‍ය: මැතිවරණ වාර්තාකරණ මාධ්‍ය උපමාන විධිමත් කරනු! – නිමාව්‍යා

මාධ්‍ය උපමාන කඩකිරිම් ගැන විධිමත් ක්‍රියාමාර්ග අවශ්‍යයි.

2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ වාර්තාකරණයේ දී මෙරට ජනමාධ්‍ය මැතිවරණ කොමිසමෙහි මාධ්‍ය උපමාන නොතකා හරිමින් තවදුරටත් පක්‍ෂග්‍රාහි අසමබර පිළිවෙතක රැඳි සිටීම සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම තත්වය වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා කඩිනම් පියවර ගැනිමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

මැතිවරණ සමයකදි නිවැරදි තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඉවහල් වන පරිදි සත්‍ය තොරතුරු සමබරව හා අපක්‍ෂපාතීව පුරවැසියන් වෙත ලබාදීම සදහා සියලු මාධ්‍ය වෙත පොදු වගකිමක් පැවරේ. මැතිවරණ කොමිසමෙහි මාධ්‍ය උපමාන පෞද්ගලික අංශයට මෙන්ම රාජ්‍ය අංශයට එකසේ බලපාන සේ නිකුත් කර ඇත්තේ එබැවිනි. එහෙත් පොදු දේපළක් ලෙස සලකා බැලිමේ දි රාජ්‍ය මාධ්‍යයට පැවරෙන වගකිම විශේෂිතය. ඒ අනුව රාජ්‍ය මාධ්‍යයෙහි පක්‍ෂග්‍රාහිත්වය වඩාත් ගැටලුකාරි බව අවධාරණය කිරිමට සිදුවේ.

එහෙත් පොදුවේ සමස්ත මාධ්‍ය භාවිතයෙහි මෙන්ම විශේෂයෙන්ම, රාජ්‍ය මාධ්‍ය භාවිතයෙහි දක්නට ලැබෙන පක්‍ෂග්‍රාහිත්වය වහා විසදුම් සෙවිය යුතු ගැටලුවක් ලෙස තවදුරටත් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටි.

ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වු ජාතික ලේකම් කාර්යාලය (NSMR 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමය සහ ප්‍රචාරණ ක්‍රියාවලිය, ජන මාධ්‍ය විසින් ආවරණය කර ඇති ආකාරය පිළිබද නිකුත් කර ඇති පළමු අතුරු තක්සේරු වාර්තාව මඟින් මෙම පක්‍ෂග්‍රාහිත්වය වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

පුවත් පත් මුල් පිටු සහ රූපවාහිනිී නාලිකාවන් හි පුවත් විකාශන වල අන්තර්ගතය දේශපාලන පක්‍ෂ අතර බෙදී ගොස් ඇති ආකාරය පිළිබඳ ඔවුන්ගේ නිරීෂණයට අනුව ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ ලෙස පිළිවෙලින් එජාපයට හා එ- ජ- නි- ස- 26% හා 23.5% ක ඉඩක් හිමිවෙද්දී, විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ 18.6% ක් සහ 15.8% ක් වශයෙනි. වෙනත් සියලු පක්‍ෂවලට 3-4% කි- එම ප්‍රමාණයෙන් ද කොටසක් වෙන් ව ඇත්තේ එම දේශපාලන පක්‍ෂවල ප්‍රතිරූපය අවවර්ධනය සඳහා බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දි තිබේ-
රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් බලන විට මෙම පක්‍ෂග්‍රාහිත්වය වඩා බරපතලව තිබේ.

මෙම අසතුටුදායක තත්වයෙහි වෙනසක් ඇති කිරීම පිණිස පවතින මැතිවරණ කොමිසමෙහි මාධ්‍ය උපමාන වඩා බලපෑම් සහගත තත්වයකට වර්ධනය කිරිම කඩිනම් අවශ්‍යතාවයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.

මෙම තත්වයන් පිළිබඳ නිරන්තරයෙන් නිරික්‍ෂණය කිරිමේ දි වගකීමට බැඳි සිටින මැතිවරණ පැමිණිලි පිළිබඳ නිත්‍ය නියෝජිත කමිටුව සහ මාධ්‍ය උපමාන පිළිබඳ නිත්‍ය නියෝජිත කමිටුව මේ පිළිබඳව කඩිනමින් මැදිහත්විම් සිදුකරමින් මාධ්‍යවල මධ්‍යස්ථභාවය හා අපක්‍ෂපාතිභාවය ඇති කිරිමට ක්‍රියාකරනු ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් කරයි.

08 පෙබරවාරි 2018, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

Archive

Latest news

Related news