Monday, May 20, 2024

ජීඑල්ගේ අපේක්ෂකයෙක් ළඟ ගංජා කිලෝ 34ක්; වෙන පක්ෂයක නම්?

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජී.එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් යුත් පක්ෂයෙන් කාත්තන්කුඩි ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයකු ගංජා කිලෝ 34ක් සමග කාත්තන්කුඩි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ලංතා ට්රුත් වාර්තා කරයි. මොහු ත්‍රීරෝද රථයකින් ගංජා රැගෙන යමින් සිටියදී පූනෝච්චිමූනෙයි, වෙරළ පාර ළමා නිවාසය අසළදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ගංජා ළඟ තාබාගැනීම හා ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ කාත්තන්කුඩි මහේස්ත්‍රාත් අධිකරණය වෙත මොහුව ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇත. කාත්තන්කුඩි පොලිසියි මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෙම සිදුවීම  ශ්‍රීලනිප හෝ එජාප අපේක්ෂකයකු සම්බන්ධයෙන් වාර්තා වූයේ නම් රාජපක්ෂවරු  මේ වන විට උඩුබුරුලන්නට පටන්ගන්නට ඉඩ තිබුණි. නමුත් දැන් ජීඑල් කතා නැත. මෙවැනි වැරදි සම්බන්දයෙන් අදාල පක්ෂ වගකිවයුතු යැයි කීම සාධාරණද නැත.

 

 

Archive

Latest news

Related news