Tuesday, July 16, 2024

වධහිංසා පැමිණවීමට එරෙහි වූ ජවිපෙ මංත්‍රීට සපුගස්කන්ද පොලීසිය  පහරදී අත් අඩංඟුවටත් ගනී.

ජායාරූපය: ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල අත් අඩංඟුවට ගැනීම තවත් පොලිස් උප්පරවැට්ටියකි.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ තරුණයෙකුට සපුගස්කන්ද පොලීසිය විසින් ඉතා අමානුෂික ලෙස පහරදී ඇති අතර එම පහරකෑමෙන් බරපතල තුවාල බලා සිටි එම තරුණයා රෝහල්ගත කරන ලෙස ඉල්ලා සිටි ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතාටද පොලිසියට ඉතාමත් අමාණුෂික ලෙස පහරදී ඇති බව වාර්තා වේ.

සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපතිවරයා නොමනා ලෙස හැසිරෙමින් සිදු කළ මෙම අමාණුෂික පහරදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසියේ අමාණුෂික පහරකෑමට ලක්වූ තරුණයා රෝහල්ගත නොකිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීමේදී තමන්ට මෙලෙස පහරදුන් බව රෝහලට රැගෙනයන අතරවාරයේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර කළේය.

මෙම සිදුවීම ඉතා පැහැදිලිව අමානුෂික ක්‍රියාවක් බවත්,බියගම ආසනයේ හෙයියන්තුඩුව පදිංචි තරුණයෙකුට පොලිසියෙන් පහර දී ඇති අතර එම තරුණයා රෝහල් ගත කරන ලෙස පැවසීමේදී පොලිසියෙන් තම රාජකාරියට බාධා කරන බව සඳහන් කරමින් රන්වල මහතාට මෙලෙස පහර දී ඇති බවත් බස්නාහිර පළාත් සභා මනත්‍රී මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි.

කෙසේ නමුත් සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කළ බව පවසමින් මේ වනවිට බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතාව සපුගස්කන්ද පොලීසිය වසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඛනිජ තෙල් වර්ජනය අවස්තාවේදීද ආණ්ඩුවේ මරයන් හා එක්ව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයන්ට පහරදුන්නේද සපුගස් කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාය. අශෝක රන්වල මහතා ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයෙකුද වන අතර එදිනද සපුගස්කන්ද පොලීසිය තුළදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් රන්වල මහතාට ඉතාමත් අමාණුෂික ලෙස පහරදී තිබිණි.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news