Sunday, May 19, 2024

මහින්දගෙන් මහින්දට: ”ඕනෑ කෙනෙක් ජායාරූප ගහගත්තදෙන්”; රාජපක්ෂ පොහොට්ටුවෙන් පැනයයි!

තමාගේ ජායාරූප ඇතිව මැතිවරණ ප්‍රචාරක කටයුතු කර ගැනීමට ඕනෑම ජන්ද අපේක්ෂකයකුට හැකි බව හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට දන්වා යවා තිබේ.

මීට ආසන්ම හේතු වී ඇත්තේ පසුගිය දිනෙක පොහොට්ටුු පක්ෂයේ කාර්යාලයක තිබී රාජපක්ෂ මහතාගේ ජායාරූප සහ එම රැව ඇතුළත් පත්‍රිකා පොලීසිය විසින් අත් අඩංඟුවට ගැනීමයි. තමන්ගේ පක්ෂයේ නොව අයකුගේ ජයාරූප මැතිවරණ ප්‍රචාර සඳහා යොදා ගැනීම තහනම්ය යන නීතිය යටතේ පොලීසිය විසින් එම පියවර ගෙන තිබුණි. මෙම සිදුවී ඇත්තේ මැදවච්චියෙහිදී ය.

එසේ නමුත් තමා පොහොට්ටු පක්ෂයේ නායකයා බැවින් තමාගේ ජායාරූප පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයින්ට පාවිච්චි කළ හැකි යැයි රාජපක්ෂ දන්වා නැත.

රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නායකයා වන බවට වීරවංශගේ වෙබ් අඩවියේ කයිවාරු!

මෙයින් පෙනෙන්නේ වීරවංශගේ කයිවාරු තිබියදී පොහොට්ටුවට කෙලින්ම සහාය දුන්න හොත්  සිරිසේන විසින් තමා ශ්‍රීලනිපයෙන් පන්නා දමනු ඇතැයි රාජපක්ෂ බිය වී සිටින බවයි.

ඔහු කොතරම් බියවී ඇත් ද යත් එසේ තම ජායාරූප යොදා ගන්නා කිසිවෙකුගේ දේශපලන නොපනත්කම්වලට තමා වග නොකියන බවද එම ලිපියේ සදහන්වේ.

 

එම ලිපිය පහත පළවේ:

Archive

Latest news

Related news