Tuesday, July 16, 2024

සාමූහික අායාචනය: දරුන් නුස්රා ලමා නිවාසයේ දරුවන්ට යුක්තිය හා ආරක්ෂාව සහතික කරනු!

කලුබෝවිල අංක 39/7 ඒ, පීරිස් පාර යන ලිපිනයේ පිහිටි දරුන් නුස්රා ලමා නිවාසයේ දරුවන් දහ අට දෙනෙක් අතවරයට ලක්වීම පිලිබද පසුගිය දිනවල නැගුණු චෝදනාවල පසුබිම තුල, පහත අත්සන් තබා තිබෙන සංවිධානවල අපි, ලමා ආරක්ෂණය භාරව සිටින ආණ්ඩුවේ හා රජයේ ආයතන වෙත මේ සිද්ධිය පිලිබද අපගේ අවධානය හා මේ ගැන අප ඉදිරිපත් කරන ඉල්ලීම් ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස මෙලෙස ඉදිරිපත් කරමු.

මේ වනවිට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩුවක් විභාග කෙරෙමින් තිබෙන අතර මෙම සිද්ධියේ වින්දිතයින් කෙරෙහි අගතිවිරහිතව එම නඩුවට අදාල වෛද්‍ය හා නීතිමය වාර්තා සහ වෙනත් සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජයේ අධිකාරීන් වෙතින් බරපතල ප්‍රමාදයක් පෙන්නුම් කෙරෙමින් තිබේ. මෙලෙස ඉදිරිපත් කිරීම පමා කරන වාර්තාවලට ලමා නිවාසයේ ගැහැණු දරුවන්ගේ පුද්ගලික කාමර ඇතුලු නිවාස පරිශ්‍රයේ සවි කොට තිබුණු සීසීටීවී කැමරාවල දර්ශන ද ඇතුලත්ය. මෙම සිද්ධියේ වින්දිතයන් බවට පත් වී සිටින ලමුන්ගේ සමාජ හා ආර්ථික අසරණභාවය සලකා බලා ලමා ආරක්ෂණය භාරව සිටින රජයේ ආයතන මෙම නඩුවට සිය පූර්ණ අවධානය යොමු කල යුතු බවටත් අධිකරණ ක්‍රියාදාමය කඩිනම් කිරීම සදහා අධිකරණයට අවශ්‍ය සහය පූර්ණ ලෙස ලබා දිය යුතු බවටත් අපි ඉල්ලා සිටිමු.

එසේම මෙම නඩුවේ සැකකරුට මේ වනවිට ඇප ලබා දී තිබේ. වින්දිතභාවයට ලක්වූ ලමුන් බිය ගැන්වීමට හා ඔවුන්ට බලපෑම් කිරීමට සැකකරු කටයුතු කරනු ඇති බවට අප තුල බියක් ඇත. එම නිසා පොලිසිය සහ ජාතික ලමා ආරක්ෂණ අධිකාරිය අදාල ලමුන්ට වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට ලැබිය යුතු ආරක්ෂාව නිසි ලෙස ලබා දිය යුතුව තිබේ. එසේම ජාතික ලමා ආරක්ෂණ අධිකාරිය, පොලිස් අපරාධ විමර්ශන අංශය, ලමා හා කාන්තා කාර්යාංශය සහ කොහුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශය ලමා නිවාසයේ රැදී සිටින ලමුන්ගේ යහපැවැත්ම හා ආරක්ෂාව ගැන වගකීම භාර ගත යුතුය. එම නිසා අප ඉල්ලා සිටින්නේ දරුන් නුස්රා ලමා නිවාසයට නව කලමණාකාරීත්වයක් පත්වන තුරු එම නිවාසයේ තාවකාලික භාරකාරත්වය ලමා ආරක්ෂණ අධිකාරිය විසින් පවරා ගත යුතු බවත් නව කලමණාකාරීත්වයක් ඇති කිරීම සදහා වූ විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.

තවද මෙම සිද්ධිය හා ඈදී සිටින්නේ චෝදනාලාභී සැකකරු පමණක් නොවේ. දරුන් නුස්රා ලමා නිවාසයේ කලමණාකාරීත්වය සහ පරිවාස නිලධාරීන් සිය රාජකාරි ඉටු කිරීමේ දී නොසැලකිලිමත් වී තිබෙන බවට හා ලමා නිවාසයේ ජීවත් වූ ලමුන් මුහුණ දුන් ඛේදනීය අත්දැකීම සංකීර්ණ කිරීම සදහා ඒ අනුව අනියමින් දායක වී තිබෙන බවට වාර්තා ඇත. වඩාත් කණගාටුදායක කර වන්නේ අතවර සිදුකිරීම පිලිබද චෝදනා තිබිය දී අදාල ලමුන් පැරණි කලමණාකාරීත්වය යටතේ පවතින ලමා නිවාසය වෙත නැවත යවා තිබීමය. වින්දිත ලමුන් හා ඔවුන්ගේ මවුපියන් සමග සහයෝගීතාවය ප්‍රකාශ කරන අතර අප පරිවාස නිලධාරීන්ගේ මෙම අමානුෂික ක්‍රියාව තදබල ලෙස හෙලා දකිමු. ලමා නිවාස කලමණාකාරීත්වයේ සහ පරිවාස නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය පිලිබද විමර්ශනය කරන ලෙස හා ඉන් වැරදිකරුවන් ලෙස ඔප්පු වන අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි තවදුරටත් ඉල්ලා සිටිමු.

ඒ අනුව පහත අත්සන් තබන සංවිධාන මෙම සිදුවීම තරයේ හෙලා දකිමින්, වින්දිතභාවයට ලක් වූ ලමුන් සදහා යුක්තිය, ඔවුන්ගේ සුබසිද්ධිය සදහා වූ ආර්ථිකමය, මුදල්මය හා සමාජමය සහයෝගය, වෛද්‍ය හා උපදේශන සහය සහ ඔවුන්ගේ ආරක්ෂාව සදහා අවශ්‍ය කරන අනෙකුත් සියලු ප්‍රතිපාදන සැලසිය යුතු බවට රජයෙන් ඉල්ලා සිටී.

Mass Movement For Social Justice – சமூக நீதிக்கான வெகுஜன அமைப்பு
Akshaya
Muslim Rehabilitation Organization
Women Action Network
Mannar Women’s Development Federation
Organization For Social Development, Batticaloa
Mantra Life
மாற்றுத்திறனாளி மாதர்களின் நலனோம்பு அமைப்பு
Suriya Women Development
Affected Women’s Forum, Akkaripatru
People’s Association for Peace and Development (PAPD)
Women In Need, Batticaloa
Women Development Forum, Batticaloa
Affected Women’s Forum – Akkaraipattu
People’s Welfare Association – Kiran
Eastern Social Development Foundation- Sri Lanka
Network for Advocating Requirement of women (New-arrow)
Viluthu, Batticaloa
Islamic Women’s Association for Research and Empowerment (IWARE), Kattankudy
Working Women’s Development Forum
Muslim women development trust – puttalam
Affected women’s forum Ampara
Airas
Kolonnawa Shoora Council
Muslim Rights Organization
StandByMeLk
Sri Lanka Brief
Justice for All
Human Rights Office, Kandy
INFORM Human Rights Documentation Centre
Institute of Social Development
International Youth Alliance for Peace
Centre for Society and Religion
EQUAL GROUND
National Christian Evangelical Alliance
Centre for Policy Alternatives
PEaCE (Protecting Environment and Children Everywhere)
ECPAT (End Child Prostitution, Child Pornography and Trafficking of Children for Sexual Purpose)
Future in our Hands
Lend a Hand Fund
Centre for Human Rights and Development
Enable lanka foundation

Archive

Latest news

Related news