Tuesday, July 16, 2024

අරළු-බුළු-නෙල්ලි දිව ඔසුවක් බව යළි ප්‍රත්‍යක්ෂ වෙයි.

අරළු, බුළු, නෙල්ලි යන පාරම්පරික ඖෂධ ත්‍රිත්වය මිනිස් සිරුරෙහි ක්ලොස්ට්‍රෝල් පාලනය කිරීම සඳහා දිව ඔසුවක් බව වෛද්‍ය මහාචාර්ය කොල්වින් ගුණරත්න සහ ජේෂ්ඨ හෟද රෝග විශේෂඥ රුවන් ඒකනායක විසින් කරන ලද පරීක්ෂනයන්ගෙන් යළි සනාථ වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත පත වාර්තා කරයි. මෙම ඖෂධ ත්‍රිත්වය ආයුර්වේද වෛද්‍යවරුන් විසින් සියවස් ගණනාවක් පුරා රෝග නිවාරණය පිනිස යොදා ගෙන තිබේ.

මෙම නිගමනයට පැමිණ ඇත්තේ විධිමත්ව කරන ලද ශායනික පරීක්ෂණ මගිනි.  මෙම පර්යේෂණ පවත්වා ඇත්තේ ලින්ක් නැචුරල් පොඩක්ට්ස් පර්යේෂනාගාරයේ සහායෙනි.

මෙම පර්යේෂණ සඳහා යොදා ගෙන ඇත්තේ දැනටමත්  ක්ලොස්ට්‍රෝල් පාලනය සඳහා ප්‍රතාකර ගන්නා ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වූ රොගීන් සියයකට ආසන්න ප්‍රමාණයකි.

ත්‍රිපාල නමින් හැදින්වෙන මෙම ඖෂධ ත්‍රිත්වය සංසෝග කර සාදනු ලබන පොති ගැනීම මගින් එම රෝගීන්ගේ ක්ලොස්ට්‍රෝල් යහපත් මට්ටමට පැමිණි බව  සිලෝන් මෙඩිකල් ජර්නල්හි ඉහත කී වෛද්‍යවරුන් විසින් පළ කරන ලද ලිපියකින් කියැවේ.

Archive

Latest news

Related news