Monday, May 20, 2024

දළදා මාලිගාවට අලියෙක් ගැනීමේ මුවාවෙන් කළ රු. කෝටි 25ක වංචාවක් යට ගහලා!

දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 26.5කට අධික මුදලක් වැය කර විශාල වංචාවක් සිදු කොට ඇති බව සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.  එම පුවත් පත මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලිමක් කිරීම මගිනි.

රාජපක්ෂ සමයෙහි කරන ලද අලි ජාවාරම් පිළිබඳව සොයා බැලීමට 2015 වසරෙහිදී වත්මන් ආණ්ඩුව  විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව කරන ලදී. එම කමිටුවේ වාර්තාව  පාරලිමේන්හෙතුවට ඉදිරිපත්ළි කරන ලද නමුත් මහා ජනයාට හෙළි නොකර ආණ්ඩුව විසින් යට ගසා ගෙන සිට තිබේ.

විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහමාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී බුරුමයෙන් අලියකු ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝට් 26 .5ක් වැය කර ඇති බව  එම කමිටුව මගින්  අනාවරණය කරගෙන තිබේ.  මෙම ගනුදෙනුව සිදු කර ඇත්තේ 2017 වසරෙහිදී්‍ය.

මෙම වංචාව සඳහා  ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම විශාල ලෙස වැඩියෙන් සඳහන් කොට ඇත. ඒක පුද්ගල කමිටුව  සිය වාර්තාව මගින් කියා සිටින්නේ මෙම  වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු සියළු දෙනාට දඬුවම් නියම කළ යුතු බවයි.

එසේ නමුත් ආණ්ඩුව එම වාර්තාව යට ගසා  ඇති අතර  වරදකරුවන් නීතියේ රුහැණට හස ුකර ගැනීමට පියවරක් මේ තාක් ගෙන නැත.

එම  පුවත්පත සඳහන් කරන්නේ රේගු දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමන්ත ගුණසේකර මහතා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කමිටුව පත් කරන ලද බවයි.

Archive

Latest news

Related news