Sunday, May 19, 2024

රාජපක්ෂ සමයේ පලදාව ලද නිවාඩ් කබ්රාල් පවුල් ගහ!

ජායාරූපය: කබ්රාල්,  රාජපක්ෂ සමඟ.

බැඳුම්කර කොමිසම හමුවේ පසුගිය 16දා හෙළිවූ කරුණූ අනුව රාජපක්ෂගේ මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල් රටේ අනෙක් බැංකු හරහා සිය පවුල් ගහ සමෘද්ධිමත් කර තිබේ.

මෙම තොරතුරු අනාවරණය වූයේ මුල්‍ය කොමිසමේ සමාජිකයකු වූ නිහාල් පොන්සේකාගේ සාක්ෂියෙනි. නිහාල් පොන්සේකා කබ්රාල්ගේ ළඟම මස්සිනාය. නිහාල් පොන්සේනාට අනුව කබ්රාල්ගේ ඥති සහෝදරයකු, ඥාති සහෝදරියක සහ ඔහුගේ ඥාති සහෝදරයාගේ දුව මහ බැංකුවෙහි අධීක්ෂණය යටතේ ඇති බැංකු කිහිපයක අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කරනු ලැබ තිබී ඇත.

නිවාඩ් කබ්රාල්ගේ ඥාති සහෝදරයකු වූ රවි තම්බයියා ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස රාජපක්ෂ සමයෙහිදී පත් කර තිබුණි. තම්බයියා විවාහ වී සිටියේ ද කබ්රාල්ගේ සහෝදරියක සමඟය.

තම්බයියා එම තනතුරෙන් ඉවත්ව ගිය පසු ඔහුගේ දියණියට එම නතතුර දෙන ලද්දේ ද කබිරාල්ගේ අධීක්ෂණය යටතේය‍. ඩී.එෆ්.සී.සී. බැංකුව අයත් වන්නේ ආණ්ඩුවටය. පියාගෙන් දියණියට අධ්‍යක්ෂ තනතුර දෙන ලද්දේ ඔවුන් එහි කොටස් හිමියන් වූ නිසා නොවේ. පවුල් ගහේ වුවලන් නිසාය.

ජාතික සංවර්ධන බැංකුවද ආණ්ඩුවට අයත් එකකි. එහි සභාපති වශයෙන් කබ්රාල් යටතේ පත් කරන ලද්දේ ඔහුගේම ඥාති සහෝදරයකු වූ සුනිල් විජේසිංහය.

තවද කබ්රාල්ගේ ඥාති සහෝදරිය වූ ධාරා විජේතිලක සම්පත් බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලදී. සම්පත් බැංකුව රජයේ ආයතනයක් නොවුනද එය ද කබ්රාල් අධිපති වූ මහ බැංකුව විසින් අධීක්ෂණය කළ  ආයතනයකි. කබ්රාල් විවාහ වී සිටින්නේ මෙම ධාරා විජේතිලකගේ සහෝදරියක සමඟය.

අර්ජුන් මහේන්ද්‍රන් යටතෙහි මෙන්ම කබ්රාල් යටතෙහිදීද සිය ඥාතීන් බැදුම්කර ගනුදෙනු කරන සමාගම්හි ප්‍රධානීන් වී සිටි ඇත බව මෙම සාක්ෂියෙන් හෙළිදරව් විය.

මේ අනුව රාජපක්ෂ පිළ බැදුම්කර මඟඩිය ගැන කරන කතා හුදෙක් දේශපාලන වංචාවක් බව පැහැදිලිවේ.

Archive

Latest news

Related news