Tuesday, July 16, 2024

බැඳුම්කර වංචාව: පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලක්ෂ 970ක අල්ලස් ගෙවූයේ සාධක අරමුදලේ සේවය කර සමන් කුමාරටද?

භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධ තොරතුරු වෙන්දේසියට පෙර ලබා ගැනීම සඳහා සහයදුන් “චාලි” නැමැත්තාට අල්ලස් ලබා දුන් බවත් ඔහුට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 397කට අධික මුදලක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ගෙවා ඇති බවත් එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වන නුවන් සල්ගාදු නමැත්තා බැඳුම්කර කොමිසම හමුවේ අද (12) හෙළි කර තිබේ.

නුවන් සල්ගාදු මහතා කොමිසම හමුවේ ලේඛනයක් ඉදිරිපත් කළ අතර එම ලේඛණය පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගේ උපදෙස් මත සකස් කළ එකක් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. තමන්ගේ වෙනත් සමාගම් හරහා එක් එක් පුද්ගලයින්ට මුදල් ගෙවූ ආකාරය එම ලෙඛනය මගින් පැහැදිලි වී ඇත.

“චාලි” “ටැංගෝ” “කා” යන අන්වර්ත නාමවලින් හඳුන්වන පුද්ගලයින් සඳහා එම මුදල් ගෙවා ඇති බව ඒ අනුව අනාවරණය වී තිබේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා සම්බන්ධ සේවක අර්ථ සාධක අරමුදල ගැනුම්කරුවා “චාලි” යන අන්වර්ත නාමයෙන් හඳුන්වා ඇති අතර ඔහුට 2014 වසරේ සිට ගෙවීම් සිදු කර ඇතිබව අද සාක්ෂිවලදී හෙළි වී තිබේ.

2014 වසරේ සිට 2015 සැප්තැම්බර් දක්වා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ වැඩකර ඇති “චාලි” නැමැත්තා උදයශීලන් නම් පුද්ගලයෙකු බවද කොමිසමේදී හෙළි වී ඇත.

2014 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු 2017 වසර දක්වා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ වැඩකර ඇති “චාලි” නමින් ඉන්දික සමන් කුමාර හැදින්වූ  බවත් අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් “ටැංගෝ” “කා” යන අන්වර්ත නාමවලින් හඳුන්වන පුද්ගලයින් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවද නුවන් සල්ගාදු ප්‍රකාශ කර ඇත.

පසුගිය කාලයේ බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ දුරකථන සංවාදවල සිටි “ලිට්ලි ජොනී” පිළිබඳව මෙතෙක් හෙළිවී නොතිබූ නමුත් “ලිට්ලි ජොනී” යනු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් සේවක භාරකාර අරමුදලේ වැඩකරන පද්ගලයාට සහ එකල ඩී.එෆ්.සී.සී. බැංකුවේ වැඩ කළ කවීන් කරුණාමූර්ති නැමති පුද්ගලයා බව නුවන් සලගාදු විසින් අද හෙළි කර තිබේ.

අද දින “වොල්වොරීන්” යනුවෙන් තවත් අන්වර්ත නමක් අනාවරණය වූ අතර නුවන් සල්ගාදු සඳහන් කර ඇත්තේ “වොල්වොරීන්” යනු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවය කළ නවීන් අනුරාධ නම් පුද්ගලයා බවයි.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් නුවන් සල්ගාදු මහතා ඉදිරිපත් කළ ලේඛනය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී විනිසුරුවාරයා අනාවරණය කරගෙන ඇත්තේ 2014 වසරේ ජූලි 17වනදා සිට 2014 දෙසැම්බර් 30වනදා දක්වා ර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගෙවීම් හරහා “චාලි” නැමැත්තාට රුපිය්ල මිලියන 94කට වැඩි ප්‍රමාණයක් 18වතාවක් ගෙවා ඇති බව.

එහිදි විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා නුවන් සල්ගාදුගෙන් විමසා ඇත්තේ මෙම පුද්ගලයින් සඳහා විශාල වශයෙන් අල්ලස් ලෙස ගෙවීම් සිදුකර ඇතිබව. එහිදී නුවන් සල්ගාදු එය පිලිගෙන තිබේ.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news