Saturday, April 27, 2024

තොරතුරු අයිතිය ප්‍රවර්ධනයට තවත් දේ කළ යුතුය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජායාරූපය: බලහත්කාරී අතුරුදහන්වීම්වලට ලක්වූ සිය දරැවන් සොයන මේ මව්වරුන්ට එම දරුවන්තො පිළිබඳ තොරතුරු අයිතිය ලැබී ඇත්ද? 

(නිමාව්‍ය) තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියක් බවට පත් වීමෙන් පසු ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඒ පිළිබඳව ඇති වී තිබෙන උනන්දුව දැනටමත් අගය කළ හැකි මට්ටමක පවතින නමුත්, තවදුරටත් එහි ඵලදායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කළ හැකි බොහෝ දේ ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි. විශේෂයෙන්ම. එහිදී රජය සතුව මෙන්ම සිවිල් සමාජ සංවිධාන හා ජනමාධ්‍ය සංවිධාන ඇතුළු මෙරට මාධ්‍ය ප්‍රජාව සතුව ද විශේෂ කාර්යභාරයක් ඇති බව අපි විශ්වාස කරමු.

එවැනි පසුබිමක් තුළ ලොව පුරා ප්‍රජාව තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ දිනය සමරමින් විවධ වැඩසටහන් ක්‍රියාත්මක කරන මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින් ලෙස අපගේ අවධානය යොමු විය යුතුව ඇත්තේ එම අයිතිය තවදුරටත් අර්ථවත් කරමින් එය මෙරට පුළුල් පුරවැසි ක්‍රියාකාරීත්වයක් බවට ප්‍රවර්ධනය කිරීම සඳහා ය.

තොරතුරු අයිතිය මෙරට නීතිගත කිරීමේ අවශ්‍යතාව මතු කිරීමේ සිට එය නීතියක් බවට පත් කර ගැනීම දක්වා දශක තුනකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩ අරගලයක නියැළුන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මෙරට සෙසු ජනමාධ්‍ය සංවිධාන හා සමස්ත මාධ්‍ය ප්‍රජාවට එහි ලා විශේෂ වගකීමක් ඇති බව ද මේ අවස්ථාවේ අවධාරණය කරමු.

සී. දොඩාවත්ත, කැඳවුම්කරු; දිලීෂා අබේසුන්දර,  ලේකම්.

Archive

Latest news

Related news