Monday, May 6, 2024

අධ්‍යාපනයේ අර්බුදය සහ සයිටම් අරගලය – සිරිමල් පීරිස්

ලෝක ධනපති ආර්ථික අර්බුදය තුළ සුභසාධන ආර්ථික ප්‍රතිපත්තීන් සුනු විසුනු වීමත් සමගම විවෘත ආර්ථිකය නොහොත් නග්න ධනපති ආර්ථිකය ඇතිවිය.ඒ සමග ඇති වු ගෝලියකරණ ක්‍රියාමාර්ගයන් තුළින් නග්නවම පෞද්ගලීකරණය විවෘත විය.

ධනපති සුභසාධන ආර්ථිකයන් තුළ අධ්‍යාපනය සෞඛ්‍ය ගමනාගමනය ප්‍රධාන වශයෙන්ම ජනතාවට සැපයීමේදී ඒ ඒ රටවල රජයන් පූර්ණ වගකීම දරණ ලදී. එම සේවාවන් ගුණාත්මකවත් සාධාරණවත් ජනතාව වෙත ළගා කිරිමේ වගකීම රජය මගින් දරණූ ලැබීය.ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හා සයිටම් අර්බුදය වටහා ගත යුත්තේ එවැනි තත්වයක් තුළය.

හැටේ දශකයේ මුල් භාගය වන තුරුම සියළුම උපාධිධාරීන්ට (කලා සහ විද්‍යා) රැකියාවන් සපයා දීමට රජය බැදි සිටිනු ලැබීය. විශේෂයෙන්ම ගුරු පත්වීම් ලබාදීමෙන් එම වගකීම රජය මගින් ශ්‍රී ලංකාව තුළ ඉටුකරනු ලැබීය.අනිකුත් වෘත්තීය උපාධිධාරීන්ටද රැකියා සැපයීමේ වගකීම ශ්‍රී ලංකා රජය මගින් දරණු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ හැටේ දශකයේ ඇති වු අධ්‍යාපන පුනරුදයත් සමග බොහෝ ශිෂ්‍යයන් උපාධි ලාබගැනිම කිසිසේත්ම ධනපති රජයට දරාගත නොහැකි විය. ඒ නිසාම උසස් පෙළ සමතුන් වර්ග කොට සීමිත කොටසක් පමණක් විශ්ව විද්‍යාලයනට ඇතුල් කර ගැනීමේ ක්‍රමවේදයක් රජය ආරම්භ කරනු ලැබීය. එමෙන්ම කලා සහ විද්‍යා උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වගකීමෙන් රජය මගහරිනු ලැබීය.

උසස් පෙළ විෂයයන් 3ක් සමත්වීම උපාධියක් ලැබීමට සුදුසුකමක් ලෙස සැලකුවත් නොයෙකුත් විධි ක්‍රම වරින් වර භාවිතා කරමින් ඉතාමත් සීමිත කොටසක් පමණක් විශ්ව විද්‍යාලයනට ඇතුල් කර ගැනීම නිසා බොහෝ කොටසක් අනාථභාවයට පත්කරනු ලැබීය. යම් මුදලක් වියදම් කිරිමට හැකි ඉන් පිරිසක් බාහිර උපාධි සදහා ඇති විද්‍යා ආයතන වලට ගොස් බාහිර උපාධියක් ලබාගැනිමට තැත් කළ අතර අන් පිරිස උසස් අධ්‍යාපනය ලැබීම අත්හැර දමනු ලැබීය.

විශේෂයෙන්ම 1977 න් පසුව ඇති වු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හේතු කොට ගෙන අධ්‍යාපනය තුළ ගුප්තව පැවති පෞද්ගලීකරණය විවෘතවම ද්‍රෂ්‍යමාන විය. ආගමික සංස්ථා මගින් පවත්වාගෙන යන ලද පාසල් බොහෝමයක් අර්ධ වශයෙන් රජයේ ආධාර ලබන පෞද්ගලික පාඨශාලා බවට පත්විය. එමෙන්ම ජාත්‍යන්තර පාසල් රටපුරා විවෘත වන්නට විය. තවද විදේශ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ ආයතන ගනනාවක් රටපුරා විවෘත විය. විශේෂයෙන්ම ගණකාධිකරණය වැනි විෂ්‍යයන් බොහොමයක් පෞද්ගලික අධ්‍යාපනයට පමණක් සීමා විය. මෙලෙස අධ්‍යාපනය මුදලට විකිණෙන සේවාවක් බවට පත්වනු ලැබීය.

රාජ්‍ය ප්‍රතිපත්තීන් හේතුකොට ගෙන උසස් අධ්‍යාපනයට වරමි ලැබූ පිරිසත් ශ්‍රි ලංකාවේ මුළු මහත් අධ්‍යාපන පද්ධතියම පෞද්ගලීකරනයට මෙන්ම දූෂණයට ද ලක්වනු ලැබීය.
ජාතික පාසලකට හෝ ප්‍රධාන පාසලකට තම දරුවකු ඇතුළු කර ගැනිම සාමාන්‍ය වැසියෙකුට කළ නොහැක්කක් විය. ජාතික පාසල්වලට සහ ප්‍රධාන පාසල්වලට ශිෂ්‍යයකු ඇතුළත් කරගැනිමේදී  ප්‍රමුඛස්ථානය දෙන දෙමාපියන් ගේ ආදි ශිෂ්‍ය භාවය සහ වෘත්තීය භාවය සුදුසු කමක් ලෙස සලකන නිසාම සමාජ ස්ථර භාවයේ පහත් තටිටු වල ජනයාට එම පහළ ස්ථර භාවයේ සිටීමටම බලකරනු ලබන නිසා සමිපත් අතින් උසස් තත්වයේ පැසැලකට දරුවකු ඇතුල්කර ගැනිමට නොහැකි වී තිබේ. පාසැලට මිල මුදල් අධික අන්දමින් ප්‍රධානය කොට වංචා සහගත ලෙස බොහෝ ධනපතියන් වෘත්තිකයන් තම ළමුන් උසස් පාසල්වලට ඇතුළත් කරගනු ලැබුවත් එම පාසල් මායිfමි ජීවත් වන කමිකරුවකු හෝ ගොවියකුගේ දරුවකුට උසස් පාසලකට ඇතුල්වීම වලකා ඇත.

[alert type=”success or warning or info or danger”]පාසල් තුළ ඉගැන්වීමේ ක්‍රියාවලිය දෙස බැලුවිට පවා එයද මොනතරමි පෞද්ගලික වී ඇද්දැයි ද්‍රෂ්‍යමාන වනු ඇත. උපකාරක පන්තිවලට නොගොස් සමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයනට මුහුණ දෙන සිසුවකු සොයාගත නොහැක .මෙයට ගුරු හිඟය පාසල් තුළ පවතින අසමාන තත්වයන් පමණක් නොව පෞද්ගලිකරණයද බලපා ඇත. [/alert]

ගුරුවරුන් බොහෝමයක් උනන්දු වනු ලබන්නේ පාසල් වල ඉගැන්වීම සමිබන්ධව නොව පෞද්ගලික උපකාරක පන්ති සමිබන්ධයෙන්ය. විවෘතව තම උපකාරක පන්ති සමිබන්ධව ප්‍රචාරණ කටයුතු කරනු ලබන ගුරුවරුන් බොහෝමයක් අපට දක්නට ලැබෙන්නේ මේ හෙයින්ය. උපකාරක පන්ති වලින් පෝෂණය නොවී විභාගයන් සමත් නොවන බවට ශිෂ්‍යයන් ඇදදමා ඇත්තේ ද පෞද්ගලීකරණය හේතුකොට ගෙනය. එබැවින් රාජ්‍ය පාසල් අධ්‍යාපනය පෞද්ගලීකරණයට භාජනය වෙමින් පවතින බව මින් පෙනීයයි. රාජ්‍ය පාසල් තුළ පවතින අධ්‍යාපනය සාර්ථක කරගැනිමට හැකිවන්නේ වත් පොහොසත් පිරිසකට පමණක්ය,යන්න පැහැදිලිව පෙනෙන ලබන කරුණකි.

රජයේ විශ්ව විද්‍යාල තුළ නොයකුත් ගැහැට විදිමින් පිරිසකට අධ්‍යාපනය ගෙන යෑමට අවස්ථාව සැලසුනත් එම සුදුසුකම්ම පවතින වැඩි පිරිසකට විශ්ව විද්‍යාල වරමි නොලැබීම හේතු කොට ගෙන අනාථ වී ඇත. යන්තමි හෝ හැකියාවක් ඇති පිරිස විදේශ විශ්ව විද්‍යාල පිහිටුවා ඇති අනුබද්ධ ආයතන මගින් උපාධි ලබාගන්නා අතර නැති බැරිකම නිසාම අනාථ වන අන් පිරිසේ අනාගතය දෛවයට භාර දි ඇත.

ධනපති රාජ්‍ය ප්‍රතිපත්තීන් මතින් ඇතිකර ඇති මෙවැනි අහිතකර ප්‍රතිථල නිසා අද දින අධ්‍යාපනය නිරායාසයෙන්ම තව තවත් ගැටළු මතු කරන තත්වයක් ඇති කර තිබේ. මේ නිසාම අධ්‍යාපනය එක පසකින් පෞද්ගලීකරණය මගින් මහත් පිරිසකගෙන් උදුරා ගෙන ඇති අතර තවත් අතකින් වෘත්තිකයන් අතර පවතින මමත්වය සහ තම වෘත්තියේ ආධිපත්‍ය රැකගැනීමට දරණ උත්සාහයන් මගින් තවත් පිරිසක අධ්‍යාපන අයිතිය උදුරා ගනිමින් සිටී. අප විසින් සයිටම් ගැටළුවට විසදුම් සෙවිය යුත්තේ පෞද්ගලීකරණයත් බලහත්කාරයත් යන ගැටළු මුල් කොට ගනිම්න්ය.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍යවේදී අධ්‍යාපනය ගැටථ රාශියකට මුහුණ දී ඇත. පෞද්ගලීකරණය නිසාම මහජන සෞඛ්‍ය සේවාව මුළුමනින්ම කඩාවැටී ඇත. සෞඛ්‍ය සේවක සේවිකාවන් මහජනයාගෙන් ටිකෙන් ටික ඈත් වී නිළධාරින් ස්වරූපයට පත්වෙමින් සිටියි. ප්‍රාථමික සෞඛ්‍ය සංරක්‍ෂණ සේවාව මගින් ඇති කිරිමට ගත් ප්‍රජා සහභාගීත්වය වෙනුවට රාජ්‍ය නීති මගින් ඇති කරනු ලබන දණ්ඩනය ක්‍රියාත්මක වෙමින් පවතී. ප්‍රජා සෞඛ්‍ය සේවකයන් තම ප්‍රජාව තුළ ජීවත්වනු වෙනුවට ඉහළ ස්ථරයක ස්වරූපයත් විදහා දැක්වීමට යොමු කොට තිබේ.

ගුරුවරුන් ඉංජිනේරුවන් කාර්මිකයන් මෙන්ම වෛද්‍යවරුන්ව බිහිකිරිමද නීත්‍යානුකූලව ප්‍රමිතියකින් යුතුව කළ යුත්තකි. ඒ පිළිබදව සම්පූර්ණ වගකීම රජය සතු විය යුත්තකි. ඊට අවශ්‍ය උපදේශක සභාවක් පත්කොට නියමිත අවශ්‍යතාවයන් සපුරා ගැනිමට රජය පියවර ගත යුතුය.එසේම අවශ්‍යතාවයන් සපුරාලිය නොහැකි ආයතන අකර්මර්ණය කිරිමේ බලය රජය සතුය වෘත්තීය සමිතියකට හෝ වෘත්තිකයන්ගේ සංගමයකට එවැනි වගකීමක් පැවරීම එක් වෘත්තියක ආධිපත්‍යයක් සපුරනු නොඅනුමානය.

සයිටම් ගැටථව මෙතරම් අවධානයක් යොමුවන්නේ එය පුද්ගලික වෛද්‍ය ආයතනයක් වන නිසාත් වෛද්‍යමය සම්බන්ධතාවයක් පවතින හෙයිනුත්ය. මෙවන් අවධානයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ අනිකුත් අංශවලට නොපැවතීම සෞඛ්‍ය සේවයේ පිරිහීමට බලපානු ඇත. වර්ථමානයේ බොහෝ පෞද්ගලික රෝහල් වල සේවය කරනු ලබන හෙද නිළධාරීන් ප්‍රමිතිගත ආයතනයකින් පුහුණුවක් ලබා ඇද්ද යන්න ගැටථවකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ඇති වෛද්‍ය පීඨයන් යම් ප්‍රමිතිකරණයකට ලක් වී ඇත්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත. නව කොතලාවල පීඨයේ වෛද්‍ය විද්‍යාලයට මෙවන් ප්‍රමිතිකරණයත් බලපාන ලද්දේ දැයි පැහැදිළි විය යුතුය. මෙවන් කරුණු සලකා බැලිමේදී විමසිල්ලෙන් බලන ජනයාට වෛද්‍යවරුන්ගේ සදාචාරාත්මකභාවය පිරිහීමට මෙවන් කරුණු බලපෑවාදැයි විමසිලිමත්වීමට සිදුව ඇත.

වෛද්‍ය ක්ෂේත්‍රය තව තවත් දියුණු කිරිමෙන් ජනතාවට විශේෂ සේවයක් සිදුවිය යුතුය.රජයේ වෛද්‍යවරුන් විසින් කරනු ලබන පෞද්ගලික සේවාවේදී අය කරනු ලබන මිල ගණන් අද සාමාන්‍ය ජනයාගෙන් දුරස් වී පවතින්නක් බවට හොදම සාක්ෂියකි. මෙවැනි දේ පාලනය කිරිම රජයක යුතුකම හා වගකීම වෙයි.

සහකාර වෛද්‍ය නිළධාරීන් පුහුණුව සහ වතු වෛද්‍ය නිළධාරී්න් පුහුණුව නතර වීමට බලපෑ කරුණු සමිබන්ධවද අප කල්පනා කළ යුත්තෙමු. ගම්බද ප්‍රදේශවල වෛද්‍යවරු හිගයට පිළියමක් වු සහකාර වෛද්‍යවරුන් නොමැති කමින් ගම්බද ජනතාව පීඩාවට පත්ව ඇත. ප්‍රාථමික සෞඛ්‍ය සංරක්‍ෂණ වැඩ පිළිවෙල යටතේ ඇති කිරිමට උත්සාහ ගත් සෞඛ්‍ය ග්‍රාමෝදය මධ්‍යස්ථාන පිහිටුවීමට ගත් උත්සාහය ඇන හිටීමත් ග්‍රාමිය ජනතාව දුෂකරතාවයට පත්ව ඇත. මෙම ක්‍රියාදාමයන් ඇන හිටීමට කිනම් බලහත්කාරයක් බලපාන ලද්දේ දැයි සොයා බලා පිළියම් යෙදිමට ලංකාවේ කම්කරු ව්‍යාපාරය මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරයද පෙරමුණු ගත යුතුය. ශ්‍රී ලංකාව තුළ ජනයාට සරිලන පරිදි වෛද්‍යවරුන් බිහිකිරිම රජයේ වගකීමක් වන අතර වෛද්‍ය ප්‍රතිකාර මගින් ජනයා සූරා කෑමට ලක් නොවීමට වගකීමද රජය සතුය. මේ කාර්්‍යයන් ධනපති ව්‍යුහයක් තුළ ඉටුකර ගැනිමට අපගේ ශක්තිය යොමුවිය යුතුය.

කොළඹ විශ්ව විද්‍යාලය මගින් සෞඛ්‍ය අධ්‍යාපන එම් එස් සී උපාධිය අහෝසි කිරීමත් පේරාදෙනිය විද්‍යාලය මගින් පවත්වනු ලබන සම සෞඛ්‍ය උපාධිය වසර 4 සිට වසර 3 දක්වා සීමා කිරිමත් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් පවත්වනු ලැබු සහකාර වෛද්‍ය නිළධාරි පාඨමාලාවත් වතු වෛද්‍ය සහකාර පාඨමාලවත් අහෝසි වූයේ කිනම් බලපෑමකින්ද යන්න සොයා බැලීම වෘත්තීය සමිති සහ අනෙකුත් සිවිල් සංවිධාන වල යුතුකමක් බව අවධාරණය කිරීම අප සතු වගකීමකි.

-සිරිමල් පීරිස්

Archive

Latest news

Related news