Thursday, March 28, 2024

සම්බන්දන් සිටින තුරු දෙමළ ජනයාට විකල්ප නායකත්වයක් අවශ්‍ය නැහැ – විග්නේශ්වරන්

“දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජීවතුන් අතර සිටිනතුරු විකල්ප නායකත්වයක් පිළිබඳව කතා කිරීම සුදුසු නොවේ” යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි.

දෙමළ දේශපාලන පාර්ශවයේ මේ වනවිට විකල්ප නායකත්වයක පුරප්පාඩුවක් තිබෙන බවට ඔබ සිතන්නේදැයි?  මාධ්‍ය විසින් කල නගන ලද ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

“මෙම කරුණ ගැටළු සහගත ප්‍රශ්නයකි. දෙමළ නායකත්වය ජනතාවගේ අදහස් වලට සවන්දෙන පුද්ගලයෙකු විය යුතු බව මම සිතන්නෙමි. තමන් සිතන දේ නිවැරදි බව සිතා, එය දෙමළ ජනතාවට බලත්කාරයෙන් ඇතුලත් කිරීමට හැකි බව සිතන නායකත්වය කිසිඳු කාලයක යහපතක් සිදුනොකරන බව මාගේ පුද්ගලික අදහසයි. ආර්.සම්බන්ධන් මහතා ජීවතුන් අතර සිටිනතුරු විකල්ප නායකත්වයක් පිළිබඳව කතා කිරීම සුදුසු නොවනු ඇත” යන්න විග්නේශ්වරන් විසින් දෙන ලද පිළිතුරය‍.

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් කරන ප්‍රකාශය ගැන ඔබට විශ්වාසයක් තිබේද ? යනුවෙන් අසන ලදුව  ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මෙසේ පිළිතුරු දී ඇත:

“දෙමළ ජනතාව සඳහා වන විසඳුම නායක ප්‍රභාකරන් රැගෙනදෙනු ඇතැයි යන්න සියළුදෙනා විශ්වාස කළේය. ඒ ආකාරයෙන් ඔහු එය රැගෙන දුන්නාද? එය දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවනු ඇත. ආර්.සම්බන්ධන් මහතා විසදුමක් ලබා දෙනු ඇත්ද නැත්ද යන්න අප නොදනිමු. එය ලබාගැනීමට සියළුදෙනා තමන්ට හැකි අන්දමින් උත්සාහ කරමින් සිටිති. සියල්ල දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවනු ඇත. මේ සම්බන්ධයෙන් බොහෝ ගැටළු ඇත.

බහුතර ජනතාවගේ අදහස් සහ සුළුතර  ජනතාවගේ අදහස් යනාදිය සම්බන්ධයෙන් ද අප බැලිය යුතුය. දේශපාලන විසඳුමක් ආර්.සම්බන්ධන් මහතා රැලබා දෙයිද? යන පැනයට පිළිතුරු ලබාදීම දූෂ්කරය. නමුත්, ඔහු හැකි තරමින් උත්සාහ කරමින් සිටී. දේශපාලන විසඳුමක් ඔහුට ලබා ගැනීමට ඔහුට හැකිද නැත්ද  යන්න ස්ථීරවම ප්‍රකාශ කිරීමට නොහැකිය”.

(ලංකාටී නිව්ස් ඇසුරෙන් සංස්කරණය කරන ලදී.)

Archive

Latest news

Related news