Sunday, May 5, 2024

මා ප්‍රිය අවුන් සාන් සුකී: රොහොන්ගියා ජනයා වෙනුවෙන් රදගුරු ඩෙස්මන්ට් ටූ ටූ ලියූ විවෘත ලිපිය

ජායාරූපය: ඩෙස්මන්ඩ් ටූ ටු විසින් සිය මුහුණූ පොතට එක් කර ඇත්තේ දලයි ලාමා සමඟ ඔහු සිටින මෙම ජායාරූපයයි.

මා ප්‍රිය අවුන් සාන් සූකී,

මා දැන් වයස්ගත ය. දුබල ය. නිල වශයෙන් විශ්‍රාමික ය. එසේ වෙතත් පොදු කාරණා අරභයා නිහඩව සිටීමට මා ඇතිකර ගත් අධිශ්ඨානය මෙසේ බිද දමන්නේ ඔබ දේශයෙහි මුස්ලිම් සුලුතරය වන රොහින්ගියා ප්‍රජාව මුහුණ දී සිටින දුක්ඛිත තත්වය පිලිබඳ ගැඹුරුතම වේදනාව නිසා ය.

මගේ හදවතෙහි ඔබ ආදරණීය නැඟනියක වෙයි. වසර ගණනාවක් මගේ මේසය මත ඔබේ ජායරූපයක් තබා ගතිමි. ඒ මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ඔබ තුළ වූ ආදරය සහ කැපවීම වෙනුවෙන් ඔබ මුහුණ දුන් අසාධාරණයත් ඔබ පෙන්වූ  පරිත්‍යාගයත් සිහිගන්වනු පිනිස ය. ඔබ ධාර්මිකත්වය සංකේතවත් කළේය. 2010 වසරෙහිදී අපි ඔබ නිවාස අඩස්සියෙන් නිදහස්වීමෙන් ප්‍රමෝදයට පත්වීමු. 2012 වසරෙ හි දී  ඔබ විපක්ෂ නායිකාව ලෙස පත්වීම  ප්‍රීති උත්සවයක් තර ගත්තෙමු.

ඔබ  ප්‍රසිද්ධ දේශපාලනයට එළඹීම විසින් රොහින්ගියා ජනයාට එරෙහිව මුදා හැරෙමින් තිබූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ අපේ සංකා දුරැලීය. එසේ නමුත්  අයකු විසින් ‘වාර්ගික ශුද්ධකිරීමක්’ ලෙසද තවත් අයකු විසින් ‘සෙමෙන් කැරෙන ජනඝාතනයක්’ ලෙස ද හදුන්වනු ලබන ක්‍රියාදාමය නතර නොවී දිගට ම පැවැතී මෑතක සිට වේගවත් වී තිබේ. රොහොන්ගියා ජනයාගේ වේදනාවන් පිළිබඳ අප දකිනා ජායාරූප අපව වේදනාවෙන් සහ බියෙන් මුසපත් කරවයි.

මානවයින්  පෙනුමින් එකිනෙකාට වෙනස් බවත් ඔවුන්ගේ ඇදහිළි වෙනස් බවත් ඔබ දන්නා බව අපි දනිමු. ඉන් සමහරකු අත අනෙකාට වඩා වැඩි වෙඩි බලයක් තිබිය හැකි තිබිය හැකි වුව ද ඒ කිසිවකු උසස් හෝ පහත් නැත. අප අපව සූරා බලන්නේ නම්  අප හැම සමාන ය. එකම පවුලක අය වෙමු. එනම් මානව පවුල ය. බුදුනුවන් හා මුසල්මානුවන් අතර ස්වභාවික වෙනසක් නැත. එමෙන්ම අප යුදෙව්වන් හෝ හින්දූන් වුවද, කිතුණුවන් හෝ අදේවවාදීන් වුවද අප ඉපැදී ඇත්තේ ආදරය කිරීමට ය. අගතියකින් තොරව‍.  අනෙකා කෙරෙහි විශම සැළකීම ඉබේ ඇත නොවෙයි. එය උගන්වා ඇතිකරනු ලබන දෙයකි.

මා ප්‍රිය සොයුරිය, ඔබේ නිහඩතාවයේ දේශපාලන මිල මියන්මාරයේ ඉහළම තනතුර කරා නැගීම නම්  ඒ මිල නිසැකවම නැගිය නොහැකි තරම් බැවුම් සහිත එකකි. තමන් සමඟ සාමයෙන් නො වසනා රටක් වේ ද, සිය රටෙහි සියලු ජනයාගේ ගරුත්වය සහ වටිනාකම පිළිගැනීමට ත් ආරක්ෂා කිරීමට ත් අසමත් වන දේශයක් වේ ද එම දේශය නිදහස් නැත.

එවැනි රටක නායකත්වය දැරීම ධාර්මිකත්වයේ සංකේතයකට ගැලපෙන්නේම නැත. ඒ විසින් අපේ වේදනාව උත්සන්න කරයි.

අප, දිග හැරෙමින් පවත්නා මේ භයංකාරත්වය සාක්ෂිදරමින් සිටින මේ මොහෙතෙහි, ඔබ යළි දිරිමත් සහ ශක්තිමත් වන්නැයි අපි යාඥා කරමු. යුක්තිය, මානව හිමිකම් සහ ඔබේ ජනයාගේ සමගිය උදෙසා ඔබ කතා කරන්නැයි අපි යාඥා කරමු.  උත්සන්න වෙමින් එන අර්බූදයට මැදිහත් වී ඔබේ ජනයා යළි ධාර්මිකත්වයේ මාවත කරා ගෙන එන්නැයි ද අපි යාඥා කරමු.

ඔබට දෙවි පිහිටයි.

ඩෙස්මන්ඩ් ටූටු,

හිටපු අගරදගුරු, දකුණූ අප්‍රිකාව.

සිංහල අනුවාදය: ශ්‍රී ලංකා බ්‍රීෆ්/ සුනන්ද දේශප්‍රිය

Archive

Latest news

Related news