Tuesday, May 7, 2024

සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ සාමාජිකයකුට පොලිස් හැරිහැරයක්

සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය  හා සම්බන්ධ පාරිසරික ක්‍රියාකාරිකයෙකු වන  සංජීව කුලතිලක සහෝදරයාගේ නිවසට 2017.08.22 දින මධ්‍යම රාත්‍රී 12.20 පමණ කුරුණැගල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු එස් .අයි. චරිත් ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනෙක් පැමණ ඔහු හා පවුලේ අය බියවද්දවා බව ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවමින් එම සංගමය ප්‍රකාශ කරයි.

එමෙන්ම  ප්‍රදේශයේ පරිසර ගැටළුවක් සමිබන්ධව එම සංගමය සතුව තිබූ පෝස්ටර් පොලීසියට ගෙනවිත් බාරදෙන ලෙසද එම නිලධාරීන් විසින් තර්ජනය කර ඇත.

සිවිල් නිතීය පොලීසිය විසින් කඩ කරමින් තම සංගමයේ සාමාජික සාමාජිකාවන් බිය වැද්දවීමට කුරුණැගල පොලිසිය රාත්‍රී කාලයේ කඩා වැද නීතිය කඩ කිරීම සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද එම සංගමය ඉල්ලා ඇත.  පරිසර සංරක්ෂණය ව්‍යවස්ථා දායක අයිතියක් වන අතර එයට බාධා කිරීම සම්බන්ධයෙන් එකී පොලිස් නළිධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත්වන ලෙස සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news