Wednesday, May 1, 2024

ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති.

62 ලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය විසින් අද (15) දින පවත්වන ලද මහජන රැස්වීම ඇමැතූ සිවිල් සහ දේශපාලන නායකයෝ දූෂණය සහ භීෂනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ජනතා සම්මුතියකින් බලයට පැමිණි මෙම ආණ්ඩුවට ආපස්සට හැරීමට ඉඩ නොදෙන බවට ශපථ කළහ.

ආණ්ඩුව විසින් කර ඇති යහපත් දේ තමන් අගය කරන බව සෑම කතිකයකුම වාගේ කියා සිටි අතර එනමුත් පොරොන්දු ඉටු කිරීම අතින් ආණ්ඩුව මන්දගාමී බවට චෝදනා කළහ.

විහාරමහා දේවී උද්‍යානය අභිසය පවත්වන ලද මෙම රැස්වීමට දහස් ගණනාවක් ජනයා රටෙහි විවිධ ප්‍රදේශවලින් පැමිණ සහභාගි වූහ.

සභාව ඇමැතූ මහගල්කඩවල පුඤඤසාර හිමි කියා සිටයේ මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්ණ වලට සාධාරණ දේශපාලන විසදුමක් ලබා දීම ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට නම් අත්‍යවශ්‍ය බවයි. මෙරට පාලනය කිරීමට රාජපක්ෂවරුන් හැර වෙනත් අය නැතැයි සිතා සිටි ජනාධිපති රාජපක්ෂ පෙරළා දැමූ මෙම බලවේගය අද නව ව්‍යවස්ථා වෙනසක් සඳහා නැගී සිටිය යුතු බව එ හිමියෝ කියා සිටියහ.

පොරොන්දු අත හරින්නේ නෑ! – සමන් රත්නප්‍රිය – (c)s.deshapriya

දිවි පරදුවට තබා මිනීමරු රාජපක්ෂ රිජීමය සමඟ සටන් කොට ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ආපස්සට ගමන් කිරීමට නොව දූෂිතයින් සහ භීෂකයින්ට දඩුවම් කිරීමට’ බව සභාව අමතා පැවසූ සමන් රත්නප්‍රිය කියා සිටියේ ‘එකී සම්මතිය බිඳ හෙළීමට තැත් දරන්නේ කවරකු වුවත් ඔවුන් සමඟ ගනුදෙනු බේරා ගැනීමට අප සූදානම් වියයුතු බවයි.’

සිවිල් සමාජය පාරට බැස්සේ ආණ්ඩුවට එම පණිවිඩය දීමට බවත් අවශ්‍ය වුවහොත් රට පුරා මෙවැනි උද්ඝෝෂණ සංවිධානය කරන බවත්,’ ඔහු තව දුරටත් පැවැසීය. ඉදිරියෙහි දී එවැනි අරගලයන්ට සූදානම් වන්නැයි ඔහු පැමිණ සිටි ජනකායෙන් ඉල්ලා සිටියේය.

දඹර අමිල හිමි: බයනැතිව දූෂකයෝ හිරේ දාන්න! -(c)s.deshapriya

සභාව අමතා වේගවත් කතාවක් කළ දඹර අමිල හිමි ‘ දැන් බලා සිටියා හොඳටම ඇති. රජ්ජුරුවෝ කෙනෙක් යැයි සිතා සිටි රාජපක්ෂට ඔහොම හිටු කියා ඉන්දවීමට හැකිවූ 62 ලක්ෂයේ ජනබලවේගයේ අපේක්ෂාවන්ට පයින් නොගසන ලෙස ආණ්ඩුවට අනතුරු හැඟවූයේ ය.

දැන් ඉතිං තියෙන්නේ විශේෂ අධිකරණ පිහිටුවීමයි. අලුත්කඩේ උසාවියේ වහලා තියෙන කාමරයක් සොයාගෙන අවශ්‍ය විනිසුරන් පත් කර අදම රාජපක්ෂ හොර මුල අධිකරණයට කැඳවන්නයි තියෙන්නේ. අපි මේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනටයි රනිල් වික්‍රසිංහටයි දෙන්නටම. බය වෙන්නේ මොකටද? මේ ජන බලවේගය එදා වගේම අදත් රාජපක්ෂවරුන් සිරගෙට යනකම් බලා ගෙන තමයි ඉන්නේ’ යැයි ද දඹර අමිල හිමි පැවසූහ.

ජනරංජන: මේ මහා ජනකාය අාවේ ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න – (c)s.deshapriya

රැස්වීම් සභාවේ මූලාසන කතාව කළ රාවය කර්තෘ ජනරංජන කියා සිටියේ 62 දෙලක්ෂයේ සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය ආණ්ඩුව නිවැරදි මාවතට හැරවීම ඉලක්ක කර ගත් ව්‍යාපාරයක් බවයි. මහා ජනයා විසින් පෙරළා දමන ලද රාජපක්ෂ දූෂකයින්ට යළි බලයට ඒමට තමන් ඉඩ නොදෙන බව පවැසූ ජනරංජන එසේ නමුත් ඒ නිසාම මෙම ආණ්ඩුවේ වැරදි සහ අඩුපාඩු විවේචනය කිරීමට තමන් මැලි නොවන බව ප්‍රකාශ කළේය.

රැස්වීම් සභාව අැමතූ අමාත්‍ය රාජිත සේනාරත්න ‘ ‘‘විධායක ජනාධිපතික්‍රමය වෙනස් කරන   නව ව්‍යවස්ථාවක් හදනවා. මේ ව්‍යවස්තාව සම්බන්ධයෙන් ජනමත විචාරයකට යන එක යනවාමයි. දැන් ජනාධිපතිතුමාත්  මේ ජනමත විචාරය පවත්වන්න එකඟ වී තිබෙනවා‘ යයැ ප්‍රකාශ කළේය.

ඍැම්වීම අමතා අමාත්‍ය ගනේස, නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා සහ දේශපාලන නායකයිින් වන වික්‍රමබාහු කරුනාරත්න, අසාද් සාලි යන අයද අදහස් දැක්වූහ. ට අමතරව ගාමිණි වියන්ගොඩ සහ ජේ.සී.වැළිඅමුණ සය සිවිල්ද සමාජ ප්‍රධානීහුද අදහස් දැක්වූහ.

‘අමාත්‍ය රාජිත: විශේෂ අධිකරණ එනවා! (c)s.deshapriya

 

 

 

Archive

Latest news

Related news