Sunday, December 29, 2024

කවිකාර ගුරු මාරු කළ සුදු කෝට් හාමිගේ කතා වස්තුව.

‘මැම්බර්ට වැඳ වැඳ ළග දෙකට නැමීගෙන
පොඩි වුන්ට දාන ගැම්බර් අපි ඉන්නේ බලාගෙන
නොවැම්බර් මාසේ කෙම්මුර වැඩියි පුතෝ බලාගෙන
නොම්බර් එකේ වීරයොත් ගියෙ අපෙන් කෙළෝගෙන’

මගේ මුල්ම පත්වීම මට ලැබුණේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට. ඒක මම ඉගෙන ගත්ත ඉස්කෝලේ. මම ඒ ඉස්කෝලෙට ගිහිල්ලා ටික කාලෙකින් තමයි මේ විදුහල්පතිතුමා පැමිණියේ. එතුමා හමුදා සේවයේ වැඩ කළ කර්නල්වරයෙක්. අධ්‍යාපන ඇමැතිතුමාත් ආදි ශිෂ්‍යයෙකු වන මේ පාසලේ තිබුණු දේශපාලන වටපිටාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එහි තිබුණු වටපිටාව අනෙකුත් පාසල් එක්ක සන්සන්දනය කරන්න අමාරුයි.

මම පාසල් යන කාලේ ඉඳලම කවි ලියනවා. විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලෙත් කවි ලිව්වා. දැනුත් කවි ලියනවා. ඒ කවි ලියන්නේ මට ඇසෙන පෙනෙන දේවල් එක්කයි. පාසල් යන කාලේ අහපු දැකපු දේවල් ගැන ඒ කාලේ කවි ලිව්වා. විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ අහපු දැකපු දේවල් එක්ක කවි ලිව්වා. දැන් මම කවි ලියන්නේ පාසල් ගුරුවරයෙක් විදිහට අහන දකින දේවල් එක්කයි. ළමයින් ගැන. අධ්‍යාපනයට සම්බන්ධ දේශපාලනය ගැන. එහෙම නැතිව අපිට නොපෙනෙන නොඇසෙන දේවල් ගැන කවි ලියන්න අදහස් එන්නේ නැහැනේ.

මම දැන් ලියන කවි පලකරන්නේ මගේ ෆේෂ් බුක් ගිණුමේ. මට කාටවත් මඩ ගහන්න වුවමනාවක් තිබුණා නම් වැරදි දේවල් දාන්න උවමනාවක් තිබුණා නම් වෙනත් නමකින් කරන්න තිබුණා. නමුත් මට එහෙම අදහසක් නැති නිසා තවමත් මම ලියන කවි පලකරන්නේ මගේ නමින්. මේ විදිහට ලියපු කවි ගොඩක් දැනටත් මගේ ෆේෂ් බුක් ගිණුමේ තියනවා.

මේ විදිහට යන අතරේ මට විරුද්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමර්ශණයක් ආරම්භ කෙරෙනවා. විමර්ශන කණ්ඩායමක් එනවා මාව හමුවෙන්න. ඇවිල්ලා මගෙන් ප‍්‍රශ්න කරනවා. ඒ අය මගෙන් අහන්නේ ‘‘ඇයි ෆේෂ් බුක් එකේ කවි ලියන්නේ ?’’ කියලා. ඒකට ඉතිං මට උත්තරයක් නැහැ දෙන්න. ඊළ`ගට අහන්නේ ‘‘ඔබ ලියන කවිවලින් පාසල සහ අධ්‍යාපන අමාත්‍යාංශය විවේචනය වෙනවා නේද ?’’ කියලා. ඉතිං මොකද කියන්නේ ? විවේචනය වෙනවා තමයි. කවි ලියන්නේ විවේචනය කරන්න. නැත්නම් කවි ලියන්නේ නෑනේ. ඔය විදිහට දිගින් දිගටම ෆේෂ් බුක් කවි ගැන ප‍්‍රශ්න අහන නිසා ඒ එකින් එකට උත්තර දෙනවට වඩා මට ලේසි වුණා මගේ ෆේෂ් බුක් පිටුව ඒ අයට පෙන්වන එක. ඉතිං මම ඒ විමර්ශන කණ්ඩායමට පෙන්නුවා මේන්න මේවා තමයි මම ලියලා තියන කවි කියලා.

විමර්ශන කණ්ඩායමෙන් මොකුත් විශේෂ ප‍්‍රතිචාරයක් ආවේ නැහැ. මගේ ප‍්‍රකාශ සටහන් කරගෙන ගියා. ටික දවසකින් මට ස්ථාන මාරුවක් ලැබෙනවා (2017 ජුනි 12වෙනිදා*. ඇත්තවශයෙන්ම සිදුවුණේ මාරුවීම වෑන් එකකින් ඉස්කෝලෙටම ගෙනල්ලා දීපු එකයි. ඒ ලිවුමේ තියෙන්නේ සේවා අවශ්‍යතාවක් මත නාරම්මල මයුරපාද විද්‍යාලයට මාරු කරනවා කියලා. මේ මාරුවීම ලැබුණට පස්සේ ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ඒකෙන් කලබල වෙලා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් සයිට් එකේ මාධ්‍ය නිවේදනයක් දානවා කවි ලියපු ගුරුතුමා සම්බන්ධයෙන් මාධ්‍යවල පලවෙන තොරතුරු වැරදියි. මේ මාරුවීම සේවා අවශ්‍යතාවක් සඳහා කළ එකක් කියලා.

මම ඒ මාරුවීම අනුව මයුරපාද විද්‍යාලයට ගිහිල්ලා දැන් මාස දෙකයි. තවම මට ටයිම් ටේබල් එකක් නැහැ. තවමත් මම මයුරපාද විද්‍යාලයේ අතිරික්ත ගුරුවරයෙක්. එච්චර හදිසි සේවා අවශ්‍යතාවකට මාව මාරු කළා නම් මාස දෙකක් තිසේසේ ටයිම් ටේබල් එකක් නැතිව ඉන්න බෑනේ. මගේ මාරුවීම් ලිපියේ තිබෙන්නේ සාමාන්‍ය පෙළ විද්‍යා විෂය සඳහා නාරම්මල විද්‍යාලයට මාරු කරනවා කියලා. කුලියාපිටිය සෙන්ට‍්‍රල් එකේ මම හිටියේ තාක්ෂණවේදය උසස් පෙළ ගුරුවරයෙක් විදිහට. මම දන්නේ නැහැ මේ විදිහට ගුරුවරයෙකුගේ විෂයන් මාරු කරන්න පුලූවන්ද කියලා.

කොහොම වුණත් මයුරපාද විද්‍යාලයේ මට ලැබිලා තියෙන්නේ හය හත පන්තිවලට ගණිතය උගන්වන්නයි. ඒත් ඩෙංගු රෝගය නිසා නිවාඩු ගිය ගුරුවරයෙකු වෙනුවට. ඒ නිසා ඉතාම පැහැදිලියි මගේ ස්ථාන මාරුව සේවා අවශ්‍යතාවක් මත සිදු කෙරුණක් නොවන බව.

මම කුලියාපිටිය විද්‍යාලයේ වැඩකරන කොට මට ටයිම් ටේබල් එක තිබුණේ 13 වසරේ. මාව මාරු කළ නිසා විභාගයට ලියන්න කලින් අවසන් මාස දෙක හමාර විතර කාලයට මගෙන් ඉගෙන ගත්ත ළමයින්ට මගේ විෂයට දැන් ගුරුවරයෙක් නැහැ. අඩුතරමින් අගෝස්තුවල ළමයි විභාගයට ලියනකම් ඉඳලා මාරු කරන්න තිබුණා. එහෙමවත් පමාවක් නැතිව මාව මාරු කරන්න නාරම්මල විද්‍යාලයේ කොයිතරම් බරපතල සේවා අවශ්‍යතාවක් තිබිය යුතුද? ගිය ගමන්ම මට ටයිම් ටේබල් එකක් ලැබිය යුතුයි නේද? ඒත් දැන් මම එහි කාල සටහනක් නැතිව ලයිබි‍්‍රයට වෙලා පොත් කියව කියවා ඉන්නවා. එයින් පෙනෙනවා මේක සේවා අවශ්‍යතාවක් මත කළ මාරුවීමක් නොවෙයි කියලා.

ඇත්තටම මා විදුහල්පතිවරයාට කවි ලිව්වේ නැහැ. එතුමා තොප්පියක් දාගත්තා. මම ලියපු කවිවල පාසලක් ගැන කියලා නැහැ. විදුහල්පතිවරයෙකු ගැන කියලත් නැහැ. අධ්‍යාපන ආයතනයක් ගැන කියලත් නැහැ. විදුහල්පතිවරයාගේ නම සඳහන් කරළත් නැහැ. පාසල් ගුරුවරයෙක් මේක ලියන්නේ කියලත් නැහැ. හිතලූ මාතෘකාවක් මත ලියපු ඒ කවි ප‍්‍රශ්තුත වෙන්න ඇති මගේ ස්ථාන මාරුවට කියා මම දැන් හිතනවා.

ඒ විදුහල්පතිවරයා කර්නල් කෙනෙක්නේ. එතුමා ඉස්කෝලේදි බයිනෝ එකක් (හමුදාව සතුරන් නිරීක්ෂණය කරන දුරදක්නයක්* පාවිච්චි කළා ඈත ඉන්න ළමයින් කවුද කියා හඳුන ගන්න.

[alert type=”success or warning or info or danger”]

සුදු කෝට් හාමිගේ කතා වස්තුව.

යටි පතුල් ලෙවකකා තනතුරක් ලබාගෙන
උස් බවක් යැයි සිතා හිස් බවක් දරාගෙන
විස්කමක් සේ සුදු කෝට් බෑ පොරෝගෙන
දස්කමක් වගේ කට පුක වගේ විරෝගෙන

ආමි එක ගැන කියන ගොං කතා දැන් තිත්ත
ඌ ගැනම ඌ බොරු පිඹිනවා වගේ ඇත්ත
පනින රිලවෙකුට උස ඉණිමගකි බැඳගත්ත
බයිනොකිලර් එකකින් බලාපන් පස්ස පැත්ත

වචන දහයකට වචන අට බැගින් ඇමැති වන්දනා
චණ්ඩිකම තමයි එකම පොඩි උන්ට ගොරවනා
නිවටකම මැකෙන් නෑ ඔය බැල්මට ඔරවනා
ගොං කතා අහං දෙයියො මගේ යටි බඩත් කොරවුණා

සාස්තර බල බලා කරන බොරු බේගල්
යර්ස් සර් කිය කියා වඳින උන් ආතල්
චාන්සලර් පවා ජපුරෙ අපිට හරි කේවල්
ට‍්‍රාන්සර් කියන්නේ බන් අපිට හුරු දේවල්

මැම්බර්ට වැඳ වැඳ ළග දෙකට නැමීගෙන
පොඩි වුන්ට දාන ගැම්බර් අපි ඉන්නේ බලාගෙන
නොවැම්බර් මාසේ කෙම්මුර වැඩියි පුතෝ බලාගෙන
නොම්බර් එකේ වීරයොත් ගියෙ අපෙන් කෙළෝගෙන

[/alert]

මේ වෙන කොට විසඳාගත යුතු ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ රටේ මූලික නීතිය ආයතන සංග‍්‍රහයද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද කියන එකයි. අපි වැඩ කළ යුත්තේ ඒ දෙකෙන් කවරක් මුල් කරගෙනද කියන එකයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් භාෂණයේ සහ සිතීමේ අයිතිය තහවුරු කරලා තියනවා. එය යටපත් කිරීමට ආයතන සංග‍්‍රහයට හැකිද?
-කුෂාන් ශාලික හේරත්/ janawari8.com

Archive

Latest news

Related news