Wednesday, May 8, 2024

මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එජා විශේෂ නියෝජිත අනිද්දා මෙරටට

ජායාරූපය: බෙන් එමර්සන්.

මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන්  මහතා 2017.07.10 – 2017.07.14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දූත ගමනක නිරත වනු ඇත.

2011 වසරෙහිදී මෙම තනතුරට පත් බෙන් එමර්සන් එක්සත් රාජධානියෙහි රාජනීතිඥවරයෙකි. ඔහු කාම්බෝජියේ යුද අපරාධ අධිකරණයෙහි විශේෂ උපදේශකයකු වශයෙන්ද කටයුතු කර තිබේ.

සිය සංචාරයේදී ශ්‍රී ලංකාවෙහි මා ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් කෙටුම්පත සකස් කිරීමට සම්බන්න්ධයෙන්  උපදෙස් සහ මගපෙන්වීම් ලබාදෙනු ඇතැයි විශ්වාස කැරේ.

බෙන් එමර්සන්  මෙරටදී රවි කරුණානායක, මංගල සමරවීර, සංගල රත්නායක යන ඇමැතිවරුන් හමුවීමට නියමිත අතර   ඔහු අනුරාධපුර සිරගෙදර රඳවා සිටින දෙමළ  දේශපාලන රැඳවියන් හමුවී සාකච්ඡා කිරීමටද අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාණ්ඩුවේ ආරාධනයක් මත මෙරටට පැමිණෙන බෙන් එමරසන් මෙරට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව, නීතිවේදීන්, ශ්‍රාස්ත්‍රඥයින්, රාජ්‍ය නොවන සංවිධාන සමඟද සාකච්ජා කිරීමට බලාපොරොත්තුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ.

ඔහු අනුරාධපුරයට සහ වව්නියාවෙහිදීද සිය තොරතුරු  සොයා බැලීම කරනු ඇත.

බෙන් එමර්සන් සිය දූත ගමන අවසානයෙහි දී ජූලි 14වන දින සවස 3.00ට මෙරට එක්සත් ජාතීන්ගේ කිරයාලයෙහිදී පුවත් පත් සාකච්ජාවක් පවත්වනු ඇති අතර ඔහු විසින් කරනු ලබන පුවත්පත් නිවේදනය මෙරට භාවිත වන භාෂා තුනෙන්ම එදින ප්‍රකාශයට පත් කැරෙනු ඇත.

 

 

Archive

Latest news

Related news