Saturday, April 20, 2024

සිවිල් සමාජයෙන් ආණ්ඩුවට: විසංවාදය සීමා නොකරනු! විජේදාස ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු!

ජායාරූපය: 2015 පූලි 28වන දින එක්සත් ජාතික පෙරමුණ මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්සිවයෙන් එක් වූ  සමාජ කණ්ඩායම් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම. අද විජේදාස රාජපක්ෂ පිස්සන් යැයි පහර දෙන්නේ සිය පක්ෂ නායකයා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ  මෙකී සිවිල් සංවිධාන ප්‍රධානීන්ටය.  ©s.drshapriya.

මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරීන්ට හා විරුද්ධ මත දැරීමට ඇති ඉඩකඩ සීමාවීම තුළ සිවිල් සමාජය, රජය සමග කටයුතු කිරීමේ කොන්දේසි පිළිබද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ක්‍රියාධරයින් හා සංවිධාන විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය.

මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, භාෂණයේ නිදහස හා විරුද්ධ මත දැරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් හා සංවිධාන වශයෙන් මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ හඩ හා විරෝධය යටපත් කිරිමේ මෑත කාලීන උත්සාහයන් පිළිබද අපගේ දැඩි අවධානය යොමු කර සිටිමු.

2015 පසු ක්‍රිස්තියානි ආගමික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබද ප්‍රකාශයක් කිරිම හේතුවෙන් නිතිඥ හා ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන ලක්ෂාන් ඩයස් මහතාව නීතිඥ තනතුරෙන් ඉවත් කරනා බවට ජූනි 17 වන දින අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ තර්ජනය කරන ලදී. මේ සමගම පොදුවේ මානව හිමිකම් පිළිබද පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන සියල්ල හෙළා දකිමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කරන ලදී.‘අපේ රටේ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ සංවිධාන විදිහට පෙනී සිටින එන්ජීඕ මුදල්වලින් යැපෙන සමහරු මේ රටේ ජනතාව අතර තිබෙන සාමය විනාශ කරලා මේ රට නැවතත් ගිණි ගොඩක් කරන්න හදනවා, එවැනි අය කීප දෙනෙක් ඉන්නවා.’

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙම අදහස නැවත තහවුරු කරමින් ජූනි 22 සිලෝන් ටුඬේ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පවසා සිටියේ එන්ජීඕ ආධාර මත යැපෙන ද්‍රෝහීන් මේ රටේ නැවත ගැටුම් ඇවිලවීමට උත්සාහ දරණ බවයි. තමන්ගේ නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ පවතින බරපතල අඩුපාඩු සම්බන්ධයෙන් මතුකරන ලද විනිශ්චකරුවන්ගේ හා නීතිවේදීන්ගේ ස්වාධිනත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියද රාජ්‍ය නොවන සංවිධාන විසින් මුලාවේ යවා ඇති බව ඔහු මෙහි දී පවසා තිබේ.

යහපාලන රජයේ අධිකරණ අමාත්‍යධූරය දරන ජ්‍යෙෂ්ඨ ආමාත්‍යවරයෙක් මානව හිමිකම් ක්‍රියාධරයින් හා මානව හිමිකම් පිළිබද කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවලට මෙසේ අපවාද කරමින් තර්ජනය කිරිම දැඩි අවධානයට ලක්විය යුතු කරුණකි. මෙය මෙවැනි ආකාරයේ ප්‍රථම සිදුවීම නොවන අතර විශේෂයෙන් ශ්‍රි ලංකා රජයේ විශ්වීය කාලාන්තර ඇගයීමෙහි (ඹබසඩැරි්ක ඡැරසදාසජ ඍැඩසැඅ – ඹඡඍ) කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යැවෙන තමන්ගේ වාර්තාවේ කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා ශ්‍රි ලංකා රජය මානව හිමිකම් ක්‍රියාධරයින් හා රාජ්‍ය නොවන සංවිධාන සමග සිදුකරන සාකච්ඡා මාලාව ආරම්භයේ දී මෙය සිදුවීම උත්ප්‍රාසජනකය.

රජයේ විශ්වීය කාලාන්තර ඇගයීමට සහභාගි වන මෙන් මානම හිමිකම් ක්‍රියාධරයින්ට හා රාජ්‍ය නොවන සංවිධානවලට විවෘත ආරධනයක් ලැබී තිබේ. නමුත් අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ මෙම අදහස් රජය පිළිනොගන්නා බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොවී ඇති මොහොතක සැබෑ ප්‍රතිපත්තිමය සම්බන්ධතාවයක් රජය සමග ගොඩනගා ගත හැකිද හා ගොඩනගා ගත යුතු ද යන්න පිළිබද ගැටළුවක් පැන නගී.

ආමාත්‍ය රාජපක්ෂගේ මෙම ප්‍රකාශය අපහසු සත්‍ය පවසන්නන්ට පහරදීම සම්බන්ධයෙන් පසුගිය රජයයන් සමයෙහි පැවති ප්‍රවණතාවය නැවත ඉස්මතු කරවයි. ශ්‍රි ලංකා ළමා ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සූජීව සමරණායක එම තනතුරෙන් ඉවත් කිරිම සදහා ජනාධිපතිතුමා විසින් ගත් තිරණයත්, තම නීතිඥ ප්‍රතීකා සකලසූරියගේ වැඩ තහනම් කිරිමට ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ගත් තීරණයත් මෙම තත්වය තවත් ඉස්මතු කරවයි.

ශ්‍රි ලංකාවේ ළමා ආරක්ෂණ පද්ධතියේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ප්‍රීතිකා සකලසූරිය ඔස්ටේ්‍රලියානු අධිකරණයක් වෙත ඉදිරිපත් කරන ලද සූජීව සමරණායකගේ දිවුරම් පෙත්සම ඔවුන්ව තම තනතුරුවලින් ඉවත් කිරිම සදහා හේතු වී ඇති බවට වාර්තා වේ. 2017 ජූනි 18 සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති පරිදි ‘මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ කුමන අරමුණකින් යුතුව ද සහ කෙසේ ද ? මෙවැනි ක්‍රියා කළින් සිදු වී තිබේ ද ? සහ මෙම ක්‍රියා සදහා රජය නොවන සංවිධානවලින් කිසියම් ‘වාසියක්’ ඔවුනට ලැබී ඇත්දැයි’ සොයාබලන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබේ.

මේවා විවේචනය සදහා රජය තුළත් ඉන් පිටතත් ඇති අවකාශය අඩුවීමේ භයානක ප්‍රවණතාවය පිළිබද මෙන්ම විරුද්ධ අදහස් පිළිගැනීමට ඇති අකමැත්ත පිළිබද මෑත කාලීන සිද්ධි කීපයකි. වැඩ වර්ජන හමුවේ රටේ විනයානුකුළභාවය ඇති කිරිම සදහා ජනාධිපතිතුමන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ආරාධනා කලේ වැඩි කලකට පෙර නොවේ.

ගණකාධිකරණ උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ට 2015 එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයේ සිට මේ වන විට අවස්ථා ගණනාවකදීම සිසුන්ගේ සාමකාමි විරෝධතා සදහා පොලිස් ප්‍රහාර එල්ල වී තිබේ. පසුගිය සතියේ සයිටම් විරෝධතාවයේ දී සිසුන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය හා ඉන්පසුව සිදුවන අත්අඩංගුවට ගැනීම් යහපාලන රජයේ මර්දනකාරි මුහුණුවරේ මෑතකාලීනම ප්‍රකාශයයි. 2016 දෙසැම්බර් විරෝධතාවයේ යෙදුනු හම්බන්තොට වරාය සේවකයින් මර්ධනය සදහා නාවික හමුදාව යෙදවීම, 2017 ජනවාරි සාමකාමි විරෝධතාවයක නිරත වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයින් අත්අඩංගුවට ගැනීම ඇතුළු අවස්ථා ගණනාවක දීම සේවක අරගල මැඩපැවැත්වීම සදහා ද ප්‍රචණ්ඩත්වය යෙදවීමට රජය ක්‍රියාකර ඇත.
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මානව හිමිකම් ක්‍රියාධරයින් පරික්ෂණයන්ට, සීමාකිරිම්වලට හා තර්ජනයන්ට භාජනය වේ. මැයි 18 මුල්ලිකුලම් හි පැවති ජීවිත අහිමිවූවන් සිහිපත් කිරිමක් වැලැක්වීම හා එහි සංවිධායකයින්ට හා සම්බන්ධ වූ ක්‍රියාධරයින්ට එරෙහිව පොලිසිය විසින් දිගින් දිගටම සිදුකරන හිරිහැර පසුගිය රජය සමයේ පැවති අන්තරාදායක ප්‍රවණතාවයන් තවමත් පවතින බව තහවුරු කරවයි. මෑත කාලීනව යෝජනා කරන ලද නව ත්‍රස්තවාදයට මුහුණ දීමේ පණත (ක්‍දමබඑැර ඔැරරදරසිප ්ජඑ), යෝජිත ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබද ස්වාධීන මණ්ඩල පනත හා මෑත කාලීනව ඉවත් කර ගන්නා ලද අපරාධ විධි විධාන සංග්‍රහයේ ප්‍රතිසංස්කරණයන් වැනි තීරණාත්මක නීති ප්‍රතිසංස්කරණයන් මගින් මෙම තත්වය තවත් අනතුරුදායක කරවයි.
ජනාධිපති හා අගමැතිතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ,

■ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් රජය විසින් නිළ වශයෙන් ප්‍රතික්ෂේප කරන ලෙස හා මානව හිමිකම් ක්‍රියාධරයින් හා රාජ්‍ය නොවන සංවිධාන සදහා ඇති පිළිගැනීම ප්‍රසිද්ධියේ තහවුරු කරන ලෙසත්,
■ රාජ්‍ය ආයතනවල පවතින අඩුපාඩු පිළිබද හෙළිකිරිමට ඉදිරිපත් වන රාජ්‍ය නිළධාරින් එරෙහිව පියවර ගැනීම නවතන ලෙසත්, ඒ වෙනුවට ඒ සදහා ඔවුන්ව දිරිමත් කරමින් ඔවුන් ඉස්මතු කරන කාරණා සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කරන ලෙසත්,
■ මානව හිමිකම් පිළිබද අවධානයන්, විරුද්ධ අදහස් හා විවේචනයන් ඉදිරිපත් කිරිමට හිතකර තත්වයක් රජය තුළත්, පොදුවේ සමාජය තුළත් ඇති කිරිමට කටයුතු කිරිමත්,

එසේම වර්තමාන රජය සමග ගණුදෙනු කිරිමේ කොන්දේසි පිළිබදව තීරණාත්මක ලෙස සිතා බලන ලෙස මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රීය අයිතින් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන හා ක්‍රියාධරයින්ගෙන් අපි ඉල්ලා සිටිමු. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා සංක්‍රාන්ති යුක්තිය වැනි ක්‍රියාවලින්හි දී සිදුකරන ලද ජනතා සහ සිවිල් සමාජ අදහස් විමසීමේ ක්‍රියාවලින්හි ප්‍රතිඵල රජය විසින් නොසලකා හැර හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි අවස්ථාවලදී පෙන්වීමට පමණක් යොදාගෙන තිබේ. ඒ අතරම රජයේ ක්‍රියාකාරිත්වයන් හා අක්‍රියත්වයන් හේතුවෙන් රජය විසින් පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ හා නිදහසන් දරුණු අවධානමකට ලක්ව තිබේ. රජය සමග ප්‍රතිපත්තිගරුක සම්බන්ධතාවයකට තිබෙන ඉඩකඩ සීමාවෙමින් පවතින වටපිටාවක රජය ප්‍රශ්න කිරිමට හා අභියෝග කිරිම අපගේ ප්‍රතිපත්ති තුළ අපි බැදී සිටින බවට තවදුරටත් අප ප්‍රකාශ කර සිටිමු.
අත්සන් තැබුවේ

පුද්ගලයින්

  1. Ainslie Joseph
  2. Anuratha Rajarathnam
  3. Asma Edris
  4. Balachandran Gowthaman
  5. Bhavani Fonseka
  6. Bishop Kumara Illangasinghe
  7. Chintaka Rajapakse
  8. D.B.S. Jeyaraj – Journalist
  9. Deanne Uyangoda
  10. Dinushika Dissanayake – Attorney-at-Law
  11. Dr. Lionel Weerakoon
  12. Dr. Maureen Ernest
  13. Emil van der Poorten
  14. Ermiza Tegal – Attorney-at-Law
  15. Farzana Haniffa
  16. Gamini Akmeemana
  17. Gehan Gunatilleke – Attorney-at-Law
  18. Godfrey Yogarajah – Deputy Secretary General, World Evangelical Alliance
  19. Herman Kumara
  20. Ian Ferdinands
  21. Jake Oorloff
  22. Jayadeva Uyangoda
  23. Jayantha Dhanapala
  24. Jayanthi Kuru-Utumpala
  25. K. Aingkaran – Attorney-at-Law
  26. Linus Jayatilake
  27. Lucille Abeykoon
  28. M.K. Jayatissa
  29. Mahinda Gunarathne
  30. Mala Liyanage
  31. Marisa de Silva
  32. Mirak Raheem
  33. Mujeebur Rahman P.M.
  34. Najah Mohamed
  35. Neil Priyantha Fernando
  36. Nigel Nugawela
  37. Nilshan Fonseka
  38. P. Selvaratnam
  39. P.N. Singham – Activist
  40. Padma Pushpakanthi
  41. Periyasamy Muthulingam
  42. Prabath Kumara
  43. Prema Gamage
  44. Priyadarshanie Ariyaratne
  45. Prof. Jayantha Seneviratne
  46. Raja Senanayake
  47. Renuka Sampath
  48. Rev. Fr. Sarath Iddamalgoda
  49. Rev. Sr. Nichola Emmanuel
  50. Rev. Sr. Noel Christine Fernando – Sramabimani Kendraya
  51. Riza Yehiya
  52. Rohini Weerasinghe
  53. Ruhanie Perera
  54. Ruki Fernando
  55. S.C.C. Elankovan
  56. Sajeewa Chamikara
  57. Sampath Pushpakumara
  58. Sampath Samarakoon
  59. Sandun Thudugala
  60. Sarah Arumugam – Attorney-at-Law
  61. Sarala Emmanuel
  62. Shamila Rathnasooriya
  63. Sheila Richards
  64. Shenali de Silva
  65. Shivantha Rathnayake
  66. Shreen Abdul Saroor
  67. Subha Wijesiriwardena
  68. Sunanda Deshapriya
  69. Tehani Ariyaratne
  70. Thilak Kariyawasam
  71. Udaya Kalupathirana
  72. Visakha Tillekeratne
  73. Ceylon Industrial Workers’ Union
  74. Citizens for a Secure Sri Lanka
  75. Environmental Conservation Trust
  76. EQUAL GROUND
  77. Floating Space Theatre Co.
  78. Future in Our Hands – Badulla
  79. INFORM Human Rights Documentation Centre
  80. Institute for Social Development (ISD)
  81. Lanka Farmer Forum
  82. Mannar Women’s Development Federation (MWDF)
  83. Movement for Land and Agriculture Reforms
  84. National Fisheries Solidarity Movement (NAFSO)
  85. People to People Dialogue on Peace and Sustainable Development.
  86. People’s Alliance for Right to Land (PARL)
  87. Plantation Community Development Centre

Archive

Latest news

Related news