චීවරධාරී ගලබොඩඅත්තේ ඥානසාර අත්අඩංඟුවට නොගත යුතු යැයි ප්‍රකාශයක් කළ අස්ගිරි නිකාය මෙන් දැන් යම් යම් ගුරු සංගම් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුලු වී එයට රුපියල් කෝටියක අලාභ හානි කළ සරසවි සිසුන් අත් අඩංඟුවට නොගත යුත යැයි අඥාවක් නිකුත් කර තිබේ.
එසේ අත් අඩංඟුවට ගැනීම නතර නොකළහොත් තමන් ගරු වැඩවර්ජනයක් කැඳවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියා තිබේ.
මේ අනුව බැලුව හොත් මෙම ශිෂ්‍ය පිරිස්වලට රටේ ඕනෑම කාර්යාලයකට බලයෙන් පැන ඒවා අල්ලා ගෙන බඩු භාන්ඩ විනාශ කිරීමට අයිතියක් තිබේ.
හරියට ඥනසාරට මෙරට දෙමළ මුස්ලිම් ජනයාට බැන වදිමින් ජනයා උසි ගැන්වීමට අවසර තිබිය යුතු යැයි අස්ගිරි පාර්ශවය කියා ඇති පරිදිය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ආසියානු මානව හිමිකම් කොමිසම කියා සිටියේ අස්ගිරි පාර්ශවයට නීතියට ඉහළින් යැමට ඇති ඉඩ විසින් ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය කෙළසන බවයි.
ගුරු සංගම් නායකයින් කියන පරිද දැන් සරසවි සිසුන් සහ භික්ෂූන්ටද රටේ නීතියට ඉහළින් යෑමට නිදහස දිය යුතුය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කල මෙම කළහකාරි සිසුන්ගේ නියෝජිතයින් කිහිප දෙනෛකුට ඇමැතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දුන්නේ නම් මෙම ප්‍රචන්ඩත්වය වළක්වා ගත හැකිව තිබුණි. එසේ අවස්ථාවක් නොදිමත් පසුව ඔවුන්ට අමාත්‍යාංශය තුලට බලයෙන් අතුල්වීමට ඉඩ දිමත් ඉන් පසු ඔවුන්ට දරුණූ ප්‍රහාරයක් එල්ල කිරීමත් ගැටුම් කළමණාකරනයේ දුර්වලතාවයකි. මෙම ගැටුම ලොහසියෙන්ම මඟ හරවා ගැත හැකිව තිබුණූ එකකි. එසේ නමුත් රනිල් – සිරිසේන ආණ්ඩුවේ පතෝල හැසිරීම නිසා ඥානාන්විතව ක්‍රියාත්මක වීමට එයට බැරිය. එම ප්‍රහාරය හෙළා දැකිය යුතුය.
අනෙත් අතට අමාත්‍යාංශයක් තුලට බලයෙන් සිය ගණනාවක් කඩා වැදුණූ විට ආණ්ඩුව අත් පොරවාගෙන සිටිනු ඇතියි සිතීම මුලාවකි. මෙම සිසුන් කළහයක් අපේක්ෂාවන් සිටි බව ඔවුන් විසින් අමාත්‍යාංශයට කරන ලද හානියෙන් පෙනේ.
එවැනි හානියක් කල පිරිස් අත් අඩංඟුවට නොගත යුතු යැයි කීම තවත් එවැනි කළහකාරීත්වයන්ට උඩ ගෙඩි දීමකි. ගුරු සංගම් කළ යුත්තේ පොලිසියේ පහර දීම් වලට විරුද්ධව උසාවි යෑමය. ඒ වෙනුවට වැඩ වර්ජන තර්ජනය කිරීම ලෙහෙසි නමුත් හරියන පියවරක් නොවේ.
වැඩ වර්ජන කිරීමේ හැකියාවක් ඇතොත් ගුරු සංගම් මුලින්ම කළ යුත්තේ ලක්ෂයකට අධික ගුරු පරපුරේ අයිතින් වෙනුවෙන් සටන් වැදිමය. ඒ වෙනුවට දැන් පෙනෙන්නේ සයිටම් වලිගයේ එල්ලී දෙව්ලොව යෑමට ඇති ලැහැස්තියයි.