Thursday, March 28, 2024

ලක්ෂාන් ඩයස්ට විරුද්ධව ඇමැති විජේදාසගේ මර්ධනකාරී ප්‍රකාශය ගැන ආණ්ඩුවේ මුඛ පූට්ටුවීම

ජායාරූපය: නීතිඥ ලක්ෂාන් ඩයස්.

මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස්  මහතාගේ නීතිවේදීත්වය අහෝසි කරන බවට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය ගැන ඔහුගේ දේශපාලන නායකයා වන අගමැති වික්‍රමසිංහගේ සිට ඔහුගේ  තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සූරිය දක්වා සියලු බලධාරීන්ගේ මුඛ තවමත් තිබෙන්නේ පූට්ටු වූ ගමන්ය.

විජේදාස රාජපක්ෂ  විසින් ලක්ෂාන් ඩයස් මහතා ට පැය 24 ක් තුල ජාතියෙන් සමාව ගත යුතු බව කියන, හා නැතිනම් නීතිඥ වෘත්තියෙන් ඉවත් කරන බව  ‍ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාස ගණනාව තුළ මෙරට කි්‍ස්තියානි දේවස්ථාන 190කට පහර දීම් සිදුව ඇති බවට ඔහු විසින් රෑපවාහිනී සාකච්ජාවකදී ඉදිරිපත් කරන ලද අදහස් ය. එම සංඛ්‍යා ලේඛන අතුලත් වන්නේ National Christian Evangelical Alliance of Sri Lanka විසින් සකස් කරන ලද වාර්තාවය.

ලක්ෂාන් ඩයස් විසින් ඉදිරිපත් කරන ලද අදහස් වැරදි නම් ඊට පිළිතුරු දෙනවා වෙනුවට ඔහුට තර්ජනය කිරීම මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අමු අමුවේ කෙළෙසීමක් වන නීති විරෝධී ප්‍රකාශයකි.

මෙම ප්‍රකාශයෙන් අදහස්වන්නේ අගරදගුරු මැගල්කම් රංජිත් යටතට ගැනෙන කතෝලික නිකායට අයත් දේවස්ථාන සම්බන්ධයෙන් නොව ක්‍රිස්තියානි නිකායට අයත් ඉවැන්ජලිකල් සබාව නම් කුඩා නිකායන්ටය. එබැවින් එවැනි පහරදීම් සිදුව නැති බවට මැල්කම් රංජත් විසින් කරන ලද ප්‍රකාශය ලක්ෂාන් ඩයස් විසින් කරන ලද අදහස් දැක්වීමට අදාළ නැත.

නීතිඥයකුගේ වෘත්තී්‍ය අහෝසි කිරීමේ බලතල හිමිවන්නේ ඇමැතිවරුන්ට නොව මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණයටය. විජේදාසට එම අධිකරණ බලතල අධිකරණ ඇමැති වූ පළියට හිමිවන්නේ නැත.

ඇමැති විජේදාස විසින් වැරදි බව ප්‍රකාශයක් නිසා ලක්ෂාන් ඩයස්ගේ නීතී වෘත්තිමය තත්වය අහෝසි කිරීමට පෙර විජේදාස විසින් තමන්ගේ නීතිවේදිත්වය ගැන යළි සළකා බැලිය යුතුව තිබෙන බව දේශපාලන ආංරංචි මාර්ග දක්වයි. ඊට හේතුව නම් සෑම දේශපාලකයකු මෙන්ම ඔහුද බොරු පොරොන්දු සහ බොරු ප්‍රකාශ කරන නිසාය.

මෙරට සෑම නීතිවේදියකුම කරන සෑම ප්‍රකාශයක්ම ඔවුන්ගේ නීති වෘත්තියට අදාළ නැත. එසේ වන්නේ නම් විජ්දාසට සිදු වන්නේ නීති පොලීසියක් පිහිටුවා සෑම නීතිවේදියකුම පිටුපස ඉන් එක් අයකු බැගින් සිටුවීමටය.

මෙැවිනි වල්බූත කියන කරන අධිකරණ ඇමැතිවරයකු සිටින ආණ්ඩුවකට අබසරණය. ( අබසරණ ඥානසාර ස ඝවා ගෙන සිටින්නේ මෙම ඇමැතිවරයාම බවට ලංකා ඊ නිව්ස් සඳහන් කර තිබුණි.)

මෙම දුෂ්ඨ ප්‍රකාශය හෙළා දැකීමට අගමැතිවරයා හෝ මාධ්‍ය ඇමැතිවරයා හෝ මාධ්‍ය අධ්‍යක්ෂවරයා හෝ ඉදිරිපත්ව නැත. ඔවුන් ඉදිරිපත් වන්නේ නාවික හමුදාපති විසින් ජනමාධ්‍ය වේදීන්ට පහර දෙන විට හමුදාපති බේරා ගැනීමට පමණය.

ලක්ෂාන් ඩයස් මහතාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම මෙම මෙහොතේ සෑම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයකම යුතුකම බව ශ්‍රී ලංකා බ්‍රීෆ්  අදහසය.

අදාළ වාර්තාව ගැන සැකෙවින්:

සුළුතර ආගමික කණ්ඩායම්වලට එරෙහි ප්‍ර‍චණ්ඩක්‍රියා අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින බව National Christian Evangelical Alliance of Sri Lanka ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව 2015 වසරේ සුළුතර ආගමික කණ්ඩායම් වෙත ප්‍ර‍චණ්ඩක්‍රියා 90 ක් ද, 2016 සිදුවීම් 89 ක් ද, 2017 දී සිදුවීම් 36 ක් වාර්තා වී ඇතැයි . Sri Lanka Summary Report on Religious Freedom May 2017 නැමති වාර්තාවේ සදහන් වේ. 2014 වසරේ දී ප්‍ර‍චණ්ක්‍රියා 111 වාර්තා වී ඇතැයි වාර්තාවේ සදහන් ය.

ක්‍රිස්තියානි පල්ලි ගිණිතැබීම, කඩා බිද විනාශ කිරීම, දේපල අලාභ කිරීම, පුජකවරුන් වෙත පහරදීම, මරණ තර්ජන, හිරිහැර කිරීම, බලහත්කාරයෙන් ඉවත් කිරීම සිදුවන බව වාර්තාවේ දැක්වේ. මුස්ලිම් ආගමිකයින්ට එරෙහිව සිදුවීම් 44 ක් වාර්තා වී ඇති අතර එයින් සිදුවීම් 221 ක් ම වාර්තා වී ඇත්තේ 2017 වසරේ දී ය. පහරදීම්, ගම්වැසියන්ට තර්ජනය කිරීම, ව්‍යාපාරික ස්ථාන වෙත තර්ජන, හා වෛර භාෂාව භාවිත කිරීම සිදුවන බව ද National Christian Evangelical Alliance of Sri Lanka ආයතනය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

– මුහුණු පොතිනි.

Archive

Latest news

Related news