Thursday, April 25, 2024

‘එල්ටීටීඊ ද නැත්ද නොසළකා වියෝ වූ ප්‍රියයන් සැමැරීමට අයිතියක් තිබේ‘ මාහිකො ජනපතිට කියයි.

මුලතිව් හි එලීල් රාජේන්ද්‍රන් පියතුමා විසින් යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා පිරිස් අනුස්මරණය කීරිමට කටයුතු කිරීම නිසා තමන් නිරන්තරයෙන් පොලිස් ප්‍රශ්නකිරිම්වලට භාජනය වන බවට පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එවා තිබේ. එම පැමිණිල්ල පාදක කර ගනිමින් ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවන මානව හිමිකම් කොමිසම අනුස්මරණයට ඇති අයිතිය සහතික කරන ලෙස ඉල්ලා සිටී.

තිස් වසරක ආයුධ සන්නද්ධ අරගලයෙන පසු ශ්‍රී ලංකාව වාර්ගික සම්බන්ධතා ගොඩනඟමින් සංහිදියාව කරා පියමං කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එවැනි ක්‍රියාදාමයක් තුළ තමප්‍රියයන්ගේ විප්‍රෙයා්ගය ගැන ශෝඛවීම සහඔවුන් අන්සමරණය කිරීම සඳහා අවකාශය සහ හැකියාව සියළුම ප්‍රජාවන් සතු වීම වැදගත් බව කියා සිටී.
සොල්දාදුවන් සැමැරීමට ඇති අයිතිය මෙන්ම ස්වකීය වියෝවූ ප්‍රියයන් එල්ටීටීඊ සටන්කරුවන්ද නැත්ද යන්න නොසළකා ඔවුන් සැමැරීමට ඥාතීන්ට අයිතියක් තිබිය යුතු බව මානව හිමිකම් කොමිසම සිය ලිපය මගින් අවධාරණය කොට තිබේ.

මෙම සන්දර්භය තුල අනුස්මරණයන්හි යෙදීමට පවුල්වලට ඇති අයිතිය සහ එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වන අයගේ අයිතිය ආරක්ෂා කරදෙන ලෙස මානව හිමිකම් කොමිසම ජනාධිපති සිරිසෙනගෙන් ඉල්ලා සිටී

සම්පුර්ණ ලිපිය පහත පළවේ:

Archive

Latest news

Related news