Tuesday, April 16, 2024

ගංවතුර සහන සඳහා බෑග් සහ ටී ෂර්ට් මුද්‍රණය කර ගැනීම

දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන භාණ්ඩ බෙදා හැරීම සදහා  ‘ස්වදේශ කටයුතු‘ ලේබලය ටී ෂර්ට් සහ බෑග් මුද්‍රණය කර ඇතැයි කැෆේ සංවිධනය චෝදනා කරයි.

දුප්පත් පොහොසත් ලාංකිකයින් සියළු දෙනා තම හැකි පමණනින් විපතට පත් වූවන්ට ආධාර ලබාදීමට උත්සහ කරයි. ලංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාව හැකි පමණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාණ්ඩ ලබා දෙමින් තිබේ.

එම භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ යැයි නම ගැසූ බෑග් එකක දමා බෙදා හැරීම පසුගිය දින කිහිපයේම සිදු විය. දුඹුරු පැහැදි ‘ස්වදේශ සේවා‘ යැයි නම ගැසූ ටී ෂර්ට් සහන බෙදීමට ගිය රාජ්‍ය සේවකයින්ට ඇද ගැනීමට ලබා දී තිබුණි. ගාල්ල දිස්ත්‍රික්කයේ සහන බෙදීම සදහා මෙවැනි බෑග් සහ ටී ෂර්ට් ඇදීම මුලිකම අවශ්‍යතාවයක් ලෙස සැලකුණි.

ස්වෙච්ඡා සංවිධාන, පුරවැසි, ආගමික සංවිධාන සරණාගතයින්ට තමන්ගේ ඇදි වත හැර අන් සියල්ල පරිත්‍යාග කරන අයුරු අප දුටුවෙමු. එවැනි පරිසරයක ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මහජනයාට සහන සැලසීමට ඇති මුදලින් ටී ෂර්ට්, බෑග් සදහා වැය කරමින් සිටීම ලැජ්ජා සහගත බව  කැෆේ සංවිධානය සිය නිවේදනයේ කියා සිටී.

 

Archive

Latest news

Related news