Monday, May 20, 2024

2014 ශිරන්තිගේ පැරිස් වෙසක් බිල රු. මිලියන 25යි

ජායරෑපය: ශිරන්ති රාජපක්ෂ පැරිසියේදී වෙසක් උත්සවයට ගිය ගමන්.

2014 වර්ශයෙහි පැරිස් නුවර පැවැති යුනෙස්කෝව විසින් ප්‍රංශයේ පැරිස් නගරයේ සංවිධානය කරන ලද වෙසක් උත්සවයට සහභාගි වූ ශිරන්ති රාජපක්ෂ සහ ඇයගේ නැන්දම්මා කෙනකු වූ ඩේසි ෆොර්ස්ට් වෙනුවෙන් මහජන මුදලින් රුපියල් ලක්ෂ විසි පහක් වැය වී තිබේ.

ඩේසි ෆොර්ස්ට් යනු මෑතදී තමා යෝශිත රාජපක්ෂට දෙන ලද නිවෙස මිලදී ගත්තේ නාදුනන අමුත්තකු විසින් ගෙනැවිත් දුන් මැණික් මල්ලක ආධාරයෙන් යැයි කී රාජපක්ෂ පවුලේ කාන්තාවකි.

ශිරන්ති රාජපක්ෂ නැවැතී සිටි හෝටලේ කාමරයක් දිනක මිල යුරෝ 2000ක් වූ බවත් කියැවේ. හෝටලයෙහි ගත කල දින තුන තුත සිය කාමරයේ තිබූ ශීතකරනයෙන් ඇය ගපා ගත් කෑම බීම සඳහා යූරෝ 700ක් වැය වී තිබේ.

වෙසක් උත්සවයට සහභාගිවීමෙන් පසු ශිරන්ති ප්‍රංශයේ පවත්නා ලූර්ද් නම් කතෝලික දේවස්ථානයද වැධ පුදා ගැනීමට ෆොරස්ට් සමඟ ගොස් තිබේ.

මෙම තොරතුරු පාර්ලිමේන්තුවට අද දින අනාවරණය කරන ලද්දේ විදේශ ඇමැති මංගල සමරවීර විසිනි.

Archive

Latest news

Related news