Saturday, April 27, 2024

ජායාරූප කතාව: ජනමාධ්‍ය දිනයේ කොළඹ නිහඩයි; යාපන හා මඩකළපු මාධ්‍යවේදිහු වීදි බසිති!

ජායාරූපය: ඝාතනය කරන ලද මාධ්‍යවේදී නඩේසන්ගේ ජායාරූපය පෙරටුකර ගත් මඩකළපු මාධ්‍යවේදී උද්ඝෝෂණය. Credit: Tamil Guardian.

මැයි 03වනදාට යෙදුන ලෝක ජනමාධ්‍යවේ දී දිනයෙ හි දී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදී සංවිධාන සංකේනද්‍රණය වී ඇති කොලඹ නිහඩව පවතිද්දී යාපනයේ සහ නැගෙනහිර ජනමාධ්‍යවේදීහු සිය අයිතීන් ඉල්ලා වීදි අරක්ගත්හ.

මඩකළපු උද්ඝෝෂණය Credit: Tamil Guardian

යාපනය මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද ජනමාධ්‍ය දින උත්සවයට මරා දමන ලද ජනමාධ්‍ය වේදින සිහිකිරීමක්, විරෝධතා උද්ඝෝෂණයක් සහ ඒ නිමිත්තෙන් නිකුත් කරන ලද පුවත් පත් ප්‍රකාශණයක් අඩං ගු විය.

මාධ්‍යවේදී සැමරුම Credit: Tamil Gaurdian

මෙරට ඝාතනය කරන ලද ජනමාධ්‍ය වේදින් වෙනුවෙන් පිහිටුවා ඇති එකම ස්මාරකය ඇත්තේ යාපනයේ ය. එහි සිංහල. දෙමළ සහ ඉංග්‍රිසි යන තෙබසින්ම සැමරුම් වැකි ඇතුළත් වේ.
මඩකළපුවෙහිදී පැවැති මාධ්‍යවේදී විරෝධතාවයෙහි මූලික තේමාව වූයේ ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමත් මාධ්‍යවේදීන්ට හිරිහැරවලින් තොරව සිය වෘත්තීය කරගෙන යෑමට ඉඩ ලබා දීමත්ය.

මාධ්‍යවේදී සැමරුම Credit: Tamil Guardian

යාපනය මාධ්‍ය සමාජය විසින් නිකුත් කරන ලද නිවේදනය කියා සිටින්නේ පසුගිය සමයේ ජනමාධ්‍යවේදීන් පැහැර ගැනීම්, ඝාතනය කිරීම් සහ ඔවුන්ට කරන ලද පහරදීම් යනාදිය පිළිබඳ නිසි පරික්ෂණ කර මිනීමරුවන් සොයා දඩුවම් කරන තාක් නියම මාධ්‍ය නිදහසක් ඇති නොවන බවයි.

යාපන ය මාධ්‍ය සමාජය පවැත්වූ උද්ඝෝෂණය Credit: Shalin

මෙම ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස වැඩි දියුණූ කිරීම සඳහා තොරතුරු පනත වැන පියවර ගණනාවක්ම ගෙන ඇති බව පිළිගනිමින්ම යාපනය මාධ්‍ය සමාජය කියන්නේ එම සාධනීය පියවරයන් මගින් පසුගිය කාලයෙහි වූ ජනමාධ්‍ය ඝාතන යටපත් කළ නොහැකි බව එය තවදුරටත් කියා සිටී.

එවැනි තත්වයක් යටතේ වත්මනෙහි පවා ජනමාධ්‍යවේදීන්ට ස්වයං වාරණය යොදා ගැනීමට සිදුව ඇතැයි එය කනස්සල්ල පළ කරයි.

යාපනයේ පැවැති විරෝධතාවයට ජනමාධ්‍ය වේදීන් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ.

යාපනයේ විරෝධතාවය Credit: Shalin

මේ අතර කොලඹදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සාකච්චාවක් පවත්වන ලදී

Archive

Latest news

Related news