Sunday, April 28, 2024

ජායාරෑප කතාව: මැයි දිනයේ දෙමළ පණිවිඩය

ජායාරූපය: කිළිනොච්චියේ පැවැති සිවිල් සමාජ මැයි දිනයෙහි දී දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය විචිත්‍රණය කර තිබූ අයුරු Credit: Tamil Guardian.

2017 මැයි දිනය දකුණෙහි දේශපාලන පක්ෂ විසින් සමරණ අතරවාරයේ මෙරට උතුරු නැගෙනහිරද විවිධ දේශපාලන පක්ෂ විසින් මැයි දිනය සමරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දිනයෙහි සටන් පාඨ වශයෙන් තිබුණේ ආසන සංවිධායකවරුන්ගේ විසින් මුද්‍රණය කර දෙන ලද ඔවුන්ගේ නම සඳහන් ජායාරූප සහ බැනර්ය. රාජපක්ෂ මැයි දිනයේද ඒ අතින් වෙනසක් තිබෙන්නට නැත.

කොළඹ වාමාංශික සහ වාත්තීය සමිති මැයි දින වැඩ කරන ජනයාගේ අයිතීන් පිළිබඳ සටන් පාඨ වලින් වර්ණවත් විය.

ඊට සහමුලින්ම වෙනස්ව උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන ලද මැයි දින පෙළපාලි සහ රුස්විම් දෙමළ ජනයාගේ මානව අයිතීන් පිළිබඳ සටන් පාඨ වලින් පිරී තිබුනි.

මේ ඒ මැයි දින පිළිබඳ ජායාරූපමය වාර්තාවකි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුතු  ජාතික මහජන පෙරමුණේ වාචකච්චේරියේ පැවැති මැයි දිනයෙහි දිවිපිදූ ප්‍රථම කලු කොටි සමාජිකයා වූ මිලර්ගේ මව අනුස්මරණ පහන දල්වයි. Credit: Garikaalan

 

දෙමළ ජාතික සන්ධානයේ මැයි රැළිය පා.ම. සුමන්දිරන්ගේ නායකතවයෙන්   පුළුල් සහභාගිත්වයක් ඇතිව නැගෙනහිර අක්කරෙහිපත්තුවේදී පවත්වන ලදී. එහි තේමාව වූයේ සහෝදරත්වය සහ සහජීවනය තුලින් දෙමළ අයිතින් සහතික කිරීමය. Credit: Garikaalan

 

යාපන විශ්ව විද්‍යාලයේ කම්කරු සංගමය මැදි දින රැස්විමක් උදය වරුවෙහිදී පවත්වන ලදී. Credit: Garikaalan

 

යාපන විශ්ව විද්‍යාලයේ කම්කරු සංගමය මැදි දින පෙළපාලියෙහි සංස්කෘතික අංග ද විය. Credit: Garikaalan

 

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ මැයි දිනය වවුනියාවෙහි පැවැති අතර අතුරුදහන්වූවන් සහ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය ද එහි දී කැපී පෙනුණි.Credit: Garikaalan

 

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ මැයි දිනය වවුනියාවෙහි පැවැති දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය  එහි මෙසේ පෙන්නුම් පෙනුණි.Credit: Garikaalan

 

මහ ඇමැති විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් උතුරු පළාත් සභාව මුලතිව් පුදුකුඩුඉරිප්පුවෙහිදී එහි සමූපකාර සමිතිය සමඟ එක්ව පැවැත් වු මැය දිනයෙහි තේමාව වූයේ මුලික දෙමළ අයිතින් දිනා ගැනීම මගින් වඩා හොඳ කම්කරු බලකායක් ඇති කිරීමයි. Credit: Garikaalan

 

කිළිනොච්චියේ පැවැති සිවිල් සමාජ මැයි දිනයෙහි දී යුද හමුදාවට බාර වූ පසු අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රශ්ණය ද මතු කර තිබුණි Credit: Tamil Guardian.

 

කිළිනොච්චියේ පැවැති සිවිල් සමාජ මැයි දිනයෙහි අතුරුදහන්වූවන්ගේ මා පියන් සිය ගණනාවක් ගමන් ගත්හ. Credit: Garikaalan

 

දෙමළ ප්‍රගතිශීලී සන්නධානය යටතෙහි විශාල රුස්විමක් කඳුරට දෙමළ ජනතාව  විසින්ත තලවාකැළෙහි පැවැත් වූ අතර එහි මූළික වූයේ වතුකරයේ සේවය කරන දෙමළ ජනයාගේ ප්‍රශ්ණය. මනෝ ගනේශන් එම පෙරමුණේ කොටස් කරුවෙකි.

 

තලවාකැලේ් පැවැති දෙමළ ප්‍රගතිහීලී පෙරමුණේ රුස්වීමට කඳුරට දෙමළ ජනයාගේ වෘත්තීය සමිති ද හභාගි වූශ.

Archive

Latest news

Related news