Saturday, April 27, 2024

අපේ ඉංජිනේරුවන්ගේ මිලියන 250 සැලැස්ම මිලියන 2200කට චීනයට දෙයි!

දුම්රිය දෙපාර්ථමේන්තුවේ ඉංජිනේරුවන් විසින් රුපියල් මිලියන 250කට සදා නිම කළ හැකි බවට සැළසුම් ඉදිරිපත් කල දුම්ර්ය සඥා පද්දතියක් පිහිටුවීම රුපියල් මිලින 2200කට වීන සමාගමකට ලබා දී ඇතැයි සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. මෙම ස‍ඥා පද්දතිය අවශ්‍ය වන්නේ අලුතින් ඉදිවන මාතර – බෙලිඅත්ත දුම්ර්ය මාර්ගය සඳහාය.

මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ චයිනා නැෂනල් මෙෂිනරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේශන් China National Machinery Import & Export Corporation (CNMIEC) නම් සමාගමටය.

මෙසේ අධික මිලකට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ දුම්ර්ය දෙපාර්ථමේන්තුවෙහි සඥා සහ දුර කථන අංශය විසින් ලිඛිතවම සිය මිල ගණන් සහ සැළැස්ම ඉදිරිපත් කර තිබියදීය.

මෙම කොන්ත්‍රාත්තුව සඳහා ටෙන්ඩර් කැදවිමක් කර නැත. එලෙසම ටෙන්ඩර් කැඳවීමකින් තොරව එකී දුම්ර්ය මාර්ගය සෑදීම බාර දී ඇත්තේද එම වීන සමාගමටය. 2016 ජූලි මාසයේදී අවසන් කිරීමට නියමිත වූ මෙම දුම්ර්ය මඟෙහි  මේ වන විට අවසන් කර ඇත්තේ සියයට 85ක් පමණි.

ශ්‍රී ලංකා ඉංජ්නේරුවන් විසින් දැනටමත් එවැනි සඥා පද්දතියක් කැළනි වැලි දුම්ර්ය මාර්ගයේ නාරහේන්පිට දුම්ර්ය පොළෙහි පිහිටුවා ඇති බවත් වසර අවසානය වන විට කොට්ටාව දුම්ර්ය පොළ දක්වා එවැනිම සඥා පද්දතියක් පිහිටුවීම සැළසුම් කර ඇති බවත් එම වාර්තාවෙහිම සඳහන් වේ.

ඉහත කී කොන්ත්‍රාත්තුව වීන සමාගමට දීම නිසා ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව මිලියන 2000ට ආසන්නය.

Archive

Latest news

Related news