Sunday, April 28, 2024

මීතොටමුල්ල පරයන මාධ්‍ය කුණු කන්ද – සුනිල් ජයසේකර

ශී‍්‍ර ලංකාව තුළ කසළ කඳු පමණක් නොව කුණු කඳු ද බොහෝ ඇති බව වෙනදාටත් වඩා හොඳින් පෙනෙන්නේ දැන්ය. ඒ මීතොටමුල්ල කුණු කන්ද සිදුකළ විනාශයෙන් පසුවය. මීතොටමුල්ල කසළ කන්ද මගින් ඇතිකළ ඛේදවාචකයට අදට දින 09 ක් ගත වී ඇතත් අඛණ්ඩව කුණු ප‍්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කර ගෙනම සිටින්නට සමාජයට සිදුව ඇත්තේ ඒ නිසාය.

ඇර සොයිසා. ඇර!

අප එසේ කියන්නේ කුණු කසළ බැහැර කිරීමට අදාළව ගනු ලබන කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිව රටේ ඇතැම් තැන්වල සිදුවන විරෝධතා හේතුවක් කරගෙනම නොවේ. ඉතා පැහැදිළිවම එම විරෝධතාවයන්ට නොදැනුවත්භාවය ද, ඒ හේතුව නිසාම ජනතාව තුළ ඇතිවිය හැකි බිය හා සැක සංකා ද ඊටත් වඩා අදේශපාලනික දේශපාලකයින්ගේ සහ දේශපාලන කල්ලි කිහිපයක කුමන්ත‍්‍රණ ද හේතු වී ඇති බවට සැකයක් නැත. ඒ සමගම අප රටේ මාධ්‍ය කර්මාන්තය තුළින් ප‍්‍රදර්ශනය වන සමාජ වගකීමක් නැති මාධ්‍ය භාවිතය ද ඒ සඳහා රුකුල් ලබාදෙන බව පැහැදිළි කරුණකි.

එය එසේ වුවත් අන් බොහෝ ප‍්‍රශ්නවලදී මෙන්ම මේ කුණු ප‍්‍රශ්නයේදී ද රටක් ලෙස අප කරකැවෙමින් සිටින්නේ එකම රවුමකය. ජනතාවගේ ප‍්‍රශ්න හා දුක්ගැනවිලි එකම තැන පල්වීමටත්, විස`දුම් ලබා ගැනීමට ඇති හැකියාවන් පමා කිරීමටත් බොහෝ සේ හේතුවන්නේ එවැනි තත්වයන්ය. පසුගිය දින 09 ක කාලය තුළ මේ රටේ දේශපාලකයන්ගේ හැසිරීම තුළද, එම හැසිරීම් පදනම් කර ගනිමින් මේ රටේ ජනමාධ්‍ය සිදු කරමින් සිටින වාර්තාකරණය තුළින් ද ඒ බව තේරුම්ගත හැකිය. එක් අතකින් සළකා බැලීමේදී මීතොටමුල්ල කුණු කන්ද ආශ‍්‍රයෙන් මතුව ඇති සමාජ සංවාදය තුළ ද මේ රටේ ඇතැම් දේශපාලනඥයන්ගේ හැසිරීම් තුළ ද බොහෝ ජනමාධ්‍ය ඒ පිළිබඳ දක්වා ඇති මැදිහත්වීම තුළින් ද ගැඹුරින් ප‍්‍රදර්ශනය කරන්නේ සමාජයක් ලෙස අප වෙළාගෙන සිටින චින්තනයේ දුප්පත්කමයි. ඕනෑම රටකට අදාළව සළකා බැලීමේදී ආර්ථික දුගී භාවයෙන් රටක් හෝ සමාජයක් මුදා ගැනීම එතරම් අපහසු නැත. ඒ ස`දහා අත්‍යාවශ්‍ය වන්නේ නිසි දැක්මක්, සැළසුමක් හා සංවිධිත කි‍්‍රයාකාරිත්වයකි. එහෙත් සමාජයකට මානසික දුප්පත්කමින් නැතහොත් සමාජය තුළ මුල් බැසගෙන ඇති චින්තන දරිද්‍රතාවයෙන් ගලවා ගැනීම එතරම් පහසු නැත. මක්නිසාද යත් එවැනි මුදා ගැනීමකදී අන් සියල්ලටම පෙර ඒ සමාජයට නිසි දැක්මක් තිබීම අත්‍යාවශ්‍ය වන නිසාය. එහෙත් චින්තන දුගී භාවයක් තුළ සිදු කළ හැකි අපහුම කාර්ය භාරය වන්නේ සමාජයකට නිසි දැක්මක් ලබාදිමය.

ක්මක්ද වැරදි වෙනුවට කව්ද වැරදි සෙවීම

මාධ්‍ය නිදහස රටකට අතිශයින්ම වැදගත් වන්නේ එතැනදීය. එහෙත් අවාසනාවකට අප රටේ බොහෝ මාධ්‍යවේදින් මෙන්ම දැනුවත් යැයි සිතන සමාජ කොට්ඨාශ පවා කල්පනා කරන්නේ මරණ බියකින් තොරව ජනමාධ්‍යවේදින්ට කටයුතු කිරීමට ඇති හැකියාව ජනමාධ්‍ය නිදහස බවය.

සමාජ වගකීමකින් යුතුව මාධ්‍ය හැසිරවීම සඳහා මාධ්‍යවේදින්ට ඇති හැකියාව හා මාධ්‍ය කර්මාන්තය තුළ ඒ පිළිබඳව ඇති පිළිගැනීම එහිදී ඉතා තීරණාත්මකය. එහෙත් අවාසනාවකට අද නැත්තේ ද එයයි. ඒ අනුව අද මාධ්‍යවේදියාට මාධ්‍ය නිදහස සඳහා ආණ්ඩුව සමග සිදු කළ යුතු සටනක් නැත. අද මාධ්‍යවේදියාට සටන් කිරීමට සිදුව ඇත්තේ තමන්ගේම වූ ප‍්‍රජාව සමගය. තම කර්මාන්තය ඇතුළතය.

ඒ බවට ඇති හොදම නිදසුන මීතොටමුල්ල ඛේදවාචකය පදනම් කරගෙන මේ රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සිදුකළ හා සිදුකරමින් සිටින මාධ්‍ය භාවිතයයි. ඒ තුළ අද පවා වැඩි ඉඩක් වෙන් කර ඇත්තේ එක් එක් දේශපාලකයන් එකිනෙකාට එරෙහිව සිදුකරන විවේචනයන්ට. නැත්නම් ඇතැමුන් තමන් පදනම් කර ගනිමින් සිදුකරන කයිවරුවලටය. එසේත් නැත්නම් පටු දේශපාලන අරමුණු මත දේශපාලන කල්ලි කණ්ඩායම් විසින් මෙහෙයවන උදේඝෝෂණ වලටය. දිනපතා රටතුළින් බැහර කරන කුණු කසළ පිළිබඳව ගත හැකි හා ගත යුතු ස්ථීරසාර පියවරයන් පිළිබඳව එම ජනමාධ්‍ය බොහෝමයක්ම දක්වා ඇත්තේ ඉතාමත් අඩු අවධානයකි. අද දිනයේ පළවු සති අන්ත පුවත්පත් කියවා බැලීමෙන්ම ඒ බව මැනවින් අවබෝධත කරගත හැකිය.
ඉතා පැහැදිළි ලෙසම රටේ නාගරික ප‍්‍රදේශ තුළින් දිනපතා බැහැර කරන කුණු කසළ ප‍්‍රමාණය අතිවිශාලය. කොළඹ නගර සභාව තුළින් පමණක් එම ප‍්‍රමාණයට දිනකට ටොන් 750 ත් 850 ත් අතර ප‍්‍රමාණයක් වේ. කඩුවෙල, බියගම, දෙහිවල, ගල්කිස්ස වැනි ඒ අවට නාගරික ප‍්‍රදේශවලින් ඊට එකතුවන කසළ ප‍්‍රමාණය අනුව ප‍්‍රශ්ණය තවදුරටත් බැරූරුම් කරවයි. ඒ අනුව එම තත්ත්වයට සාර්ථක ලෙස මුහුණදීම සඳහා සැළසුම් සකස් කිරීමේ වගකීම ඇත්තේ රජයට වුවත් ඒ පිිළිබඳව වගකීමකින් යුත් සමාජ සංවාදයක් ඇති කළයුතුව ඇත්තේ ජනමාධ්‍ය විසින්ය.
එහෙත් ඒ සමාජ වගකීම මේ රටේ බොහෝ ජනමාධ්‍ය වෙතින් ඉටුවන බවක් පෙනෙන්නට නැත. රට හමුවේ ප‍්‍රමුඛ අභියෝගයක් වී ඇති කුණු කසළ ප‍්‍රශ්නයට විසඳුමක් ස`දහා එම කුණු කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය ද ඇතුළු ගතයුතු ක‍්‍රමවේදයන් පිළිබ`ද විධිමත් සමාජ සංවාදයක් ගොඩනගනු වෙනුවට දේශපාලකයන්ගේ වාචාල කතා සහ දේශපාලන කල්ලි කණ්ඩායම් විසින් මෙහෙයවන ඊනියා මහජන විරෝධතාවලට ප‍්‍රමුඛතාවය දීමෙන් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා ගත නොහැකිය.

 

Archive

Latest news

Related news