Sunday, April 28, 2024

පොහොසත්ම ජවිපෙ; හෙළිදරව්කර ඇති දේශපාලන පක්ෂ ආදායම් සත්‍යද?

ජායාරූපය: ජවිපෙ ගොවි උද්ඝෝෂණයක උදලු මිටි.

මැතිවරණ දෙපාර්තමේන්තුව දේශපාලන පක්ෂ 6 ක් විසින් ලබා දී ඇති මුල්‍ය වාර්තා අනුව 2016 වසරේ ලංකාවේ පෝහොසත්ම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ යි. 2015 දෙසැම්බර් 31 දිනට ජවිපෙ හි අදායම රු. 87,196,322 කි.

තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත් මෙම තොරතුරු දැන් ප්‍රසිද්ධියට පත් කොට ඇත. එම වාර්තා අනුව,

2015 වසරේ ගිණුම් වාර්තා අනුව එක්සත් ජාතික පක්ෂයේ අදායම රු. 36,317,486 කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2015 අදායම රු. 19,796,009 කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2015 අාදායම ආධාර ලෙස ලැබුණු රු. 2,423,194 කි.

2015 ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආදායම රු. 1,845,000 කි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ 2015 අදායම රු. 115,611,663 කි.

ජාතික හෙළ උරුමය පක්ෂයේ 2015 ආදායම රු. 1,851,133 කි.

2015 දෙසැම්බර් 31 දිනට ජවිපෙ හි අදායම රු. 87,196,322 කි.

ජනතා විමුක්ති පෙරමුණ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී වැටුප් සහ වාහන විකිණීමෙන් ලැබූ ආදායම පවා සවිස්තරාත්මක ලෙස ගිණුම් වාර්තාවේ දක්වා තිබේ.

මෙම සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ආදායම කුඩා පක්ෂවලට අඩුය. ජනාධාපතාවරණ සහ මහා මැතිවරණය්නහිදී මෙම පක්ෂ වැය කරන දැවැන්ත මුදල් නකන්දරාව දෙස බලන විට මෙම සංඛ්‍යා ලේඛන සත්‍යයැයි විශ්වාස කිරීමට දුෂ්කර බව ශ්‍රී ලංකා බ්‍රීප් ආරංචි මාර්ග දක්වයි.

ලංකාවේ දේශපාලන පක්ෂ සිය පක්ෂ සිය මුල්‍ය කටයුතු විනිවිද භාවයකින් පවත්වාගෙන නොයන බවට මෙම වාර්තා අනුව මතුවන බව ප්‍රකාශ කරන කැෆේ සංවිධානය  ලංකාවේ දේශපාලන ක්‍රියාවලියේ මුල්‍ය විනය තහවුරු කිරීම සදහා යන එලදායී සංවාදයකට සදහා මෙම තොරතුරු සහ දත්ත උපකාරී වනු ඇතැයි කැෆේ සංවිධානය සිය අපෙක්ෂාව බව කියා සිටී.

 

Archive

Latest news

Related news