Monday, May 13, 2024

නෙදර්ලන්ත මැතිවරණයෙන් අන්ත දක්ෂිනාංශය පරදී!

ජායාරූපය:උදෑසන රැකියාවට යෑමට පෙර ජන්ද පොළට ආ නෙදර්ලන්ත ජන්දදායක දායිකාවෝ!

අපේක්ෂා කළ පරිදිම ඊයේ පැවැති නෙදර්ලන්ත මහා මැතිවරණයෙන් ජාතිවාදී අන්ත දක්ෂිනාංශික දේශපාලනය පරාජයට පත්විය. ග්‍රීට් වෙල්ඩරස් විසින් නායකත්වය දෙනු ලබන ‘නිදහස සඳහා පක්ෂය‘ ආසන 20ක් ලබා ගනිමින් දෙවැනි තැනට පත්ව ඇතත් තුන්වන සහ හතරවන තැනට පත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දෙක ආසාන 19 බැගින් ලබා ගත්තේය. වැඩිම ආසන ගණනාවක් දිනා ගත්තේ හිටපු අගමැතිවරයාගේ මධස්ථ දක්ෂිනාංශික ‘නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා පක්ෂය‘යි.  එය සමස්ත ආසන 152න් ආසන 33ක් ලබා ගත්තේය‍.

විල්ඩර්ස්ගේ මැතිවරණ පොරොන්දු වුයේ නෙදර්ලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීම. කුරානය තහනම් කිරීම, මුස්ලිම ජනයා නෙදර්ලන්තයට ඇතුල්විම වැලැක්වීම යනාදියයි. විල්ඩර්ස් දිනනු ඇතැයි ඝෝෂාවක් නංනව ලද්දේ උණු කැවුම් පුවත්යැයි මහජන කුතුහළය දැනවීමට ක්‍රියාකල පැය 24 පුවත් නාලිකා විසිනි.

30 හැවිරිදි ජෙසි ක්ලවර්  නයකත්වය දෙන පස්වැනි තැනට පත් ‘හරිත වම‘ නම් පක්ෂය ආසන ගණන 4ක සිට 16 දක්වා ඉහළ දමා ගැනීමට සමත් වීම වෙල්ඩර්ස්ගේ පරාජයට වැඩි වැදගත්කමකින් යුතු වර්ධනයක් බව විචාරකයෝ පෙන්වා දෙති. ‘හරිත වම‘ සහ හයවැනි තැනට පත් සමාජවාදී පක්ෂය එකතුව ලබා ගත් ආසන ගණන විල්ඩර්ස්ගේ ආසන ගණනට වැඩිය.

විල්ඩර්ස් සිය පරාජය දේශපාලන පරාජයක් ලෙස තවමත් පිළිනොගන්නා අතර ට්වීට් පනිවිඩයක් යවමින් කියා සිටියේ අගමැති මාක් රුත්තේ තවම තමාගේ පස්ස (ආපසු හැරි යාම) තවම දැක නැති බවයි. එසේ නමුත් යුරෝපයෙහි නැගී එන දක්ෂිනංශික ජනප්‍රියජනතාවාදයට නෙදර්ලන්ත ජන්දදායකයින් විසින් දැනෙන පරාජයක් අත් කර දී ඇති බව නිසැකය.

සමාන්‍යෙයන් සියයට 60කට අඩු ජන්ද ප්‍රකාශ කිරීමක් පවතින එරට  ඊයේ පැවැති මැතිවරණයේදී ජන්දය දුන් ප්‍රතිශතය සියයට 80 ඉක්මවා යැමෙන් පෙනී ගියේ දක්ෂිනංශික අන්තවාදය පැරදිවීමට ඇති මහාජන උනන්දුවයි. එමෙන්ම නෙදර්ලන්තයෙහි සම්ප්‍රදායික ඉවසන සුලු සමාජ රටාව විනාශ කිරිමට අන්තවාදී පිරිස් අසමත් වි ඇති බවයි.

ජර්මන් වාන්ස්ලර් ඇන්ජෙලා මැරකල් නෙදර්ලන්ත මැතිවරණ ප්‍රතිපල ‘ යුරෝපා සංගමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ‘ ජයග්‍රහණයක් ලෙස හැදින් වූ අතර යුරෝපා සංගමය ද එම ප්‍රතිපලය සතුටට කරුණක් බව කියා සිටියේ ය.

Archive

Latest news

Related news