Monday, November 25, 2024

සතියටම පොල්තෙල් හැන්දයි! සබන් වලින් හම ගැලවෙනවා. වැසිකිලි යන්නේ බාල්දියකට! සිරකරුවන් මනුෂ්‍යයෝ ද?

සිරකරුවන් යනුවෙන් ද හැඳින්වෙ මිනිස් කොටස යනු වෙනම සත්වයින් පිරිසක් නොවේ. ඔවුන් සමාජයේම කොටසකි. ඒ නිසාම ” සිර කරුවෝද මනුෂ්‍යයෝ ය” යනුවෙන් හැඳින්වුවත් ඔවුන්ගේ සිරගත ජීවීතය දන්නේ එහි වෙසෙන්නන්මය. එහෙත් රාජ්‍ය විසින් තනා ඇති සිර ගෙවල්වලට නීති පණත් සැකසී ඇත. එය ලංකාවට ඉංග්‍රීසි පාලන කාලය තුල දී ඇතුළත් වී ඇති අතර එය කෙනෙකු කියවනු ලැබුවොත්, ඔවුන්ට හිමි අයිතිවාසිකම් කුමක් දැයි වටහා ගත හැකි වුවත් නීතිය විසින් උරුම විය යුතු අයිතිවාසිකම්වලින් ඔවුනට අත්වන්නේ කොපමණ ප්‍රමාණයක් දැයි ගණන් බැලීමට වඩා පැවැසිය හැකි වන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් එකහෙළාම උල්ළංඝණය වී ඇති වබ ය. මෙම සහහනට පසුබිම් සපයන යථාර්ථයේ අංශු මාත්‍රයක් පහතින් කිය විය හැකි වේ.

සතියටම පොල්තෙල් හැන්දයි! වැලිකඩ සබන් වලින් හම ගැලවෙනවා. වැසිකිලි යන්නේ බාල්දියකට! සිරකරැවන් මනුෂ්‍යයෝ ද?

ලංකාවේ බන්දනාගාර වල ඇති ගැටලු සම්බන්දයෙන් වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රයෙන් කරනු ලබන කරුනු පැහැදිලි කිරිමකි

වැලිකඩ බන්ධනාගාරයේ පිහිටිම හා වපසරිය

කොලබ 09 බේස්ලයින් පාරට මුහුනලා අක්කර හැටක පමන භූමිභාගයක් පුරා මෙම බන්දනාගාර පරිසය පිහිටා ඇත. එහි ප්‍රනධාන බන්ධනාගාරය හා බන්දනාගාර මුලස්ථානය පිහිටි බන්ධනාගාරයේ වර්ෂ 2007 ජුනි මස 25 වන දින සිට 2014 එක්තෝබර් මස 30 දින දක්වා දේශපාලන රැදවියෙකු ලෙස රක්ෂිත බන්දනාගාරයේ දිර්ග කාලිනව හදිසි නිතිය හා ත්‍රසතවාදය වැලැක්විමේ පනත යටතේ රදවා සිටි හේවා දලුගොඩගේ සහන් කිර්ති යන රැදවියා විසින් සිය අත් දැකිමි හා බන්දනාගාරයේ ඉහල නිලදාරින් සමග සාකච්චා කර රැස්කර ගත් තොරතුරු අනුව මෙම බන්දනාගාරය හා ලංකාවේ සියලුම බන්දනාගාර වල ඇති ගැටලු හා පුනරුත්තාපන මුලධර්මයන් ක්‍රියාත්මක නොවිම සම්බන්දයෙන් ඉදිරිපත් කරනු ලබන කරුනු වල සම්පුර්න සම්පිඩිත වාර්තාව මේ ආකාරයෙන් ඉදිරිපත් කර සිටියි.

වැලිකඩ බන්දනාගාරය තුල ඇති රැදවියන් මුහුන දෙන ගැටලු

ආහාර හා සනිපාරක්සක පහසුකම්

මුලික රදවා තැබිය හැකි ජාතන්තරව පිලිගත් කුමවේදයන්නට අනුකුල නොවන ආකාරයෙන් විශාල රැදවියන් ප්රනමානයක් රදවා සිටින අතර මෙහි ඉඩකඩ ප්‍රමානය රදවා සිටින රැදවියන් ගණනට වඩා අතිශයින්ම සිමිතය.

කාමර පහසුකම්

මෙම කාමරයක රදවා තිබිය හැක්කේ එක් සිරකරුවෙකු පමනක් වුවවත් දැනට මෙම වර්ග ප්රකමානය 6-10 කාමරයක රැදවියන් 3-8 ත් අතර ප්රාමානයක් රදවා තබා තිබෙන අතර එය බන්දනාගාර ආඥාපනත අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරිමකි. තවද මෙම කාමරයක රදවනු ලබන රැදවියෙකු සදහා අනිවාර්යෙන්ම පැදුරක් හා කොට්ටයක් ලබා දිය යුතු වුවත් එවැනි දැ ලබාදෙනු නොලැබේ. මේ නිසා රැදවියන් මුහුනපාන ගැටලුව ලෝක නිතයට අනුව පවා මනුෂත්වයට කරනු ලබන අවමානයකි. යම් රැදවියෙකු බන්දානාගාර ගතකල විට නිතියට අනුව එම සිරකරුට ජම්පර් ඇදුමක් පිගානක් හා කෝපයක් ලබා දිය යුතු වුවත් එවැනි දැ ලබා දෙනු නොලබයි. නිදසුනක් ලෙස ඇතැම් රැදවියන් සිලි සිලි මලු වලට ආහාර ගෙන කැම කන අවස්තා අනත්තවත් ඇත.

ආහාර පහසුකම්

සියලු රැදවියන්ට තුන්වේල කැම ලබාදෙනු ලබන නමුත් ලබා දෙන ආහාර නියමිත ප්‍රමිතියෙන් හා ප්රසමානවලින් මෙන්ම පෝෂණ ගුනයෙන්ද තොරය. නිසි පෝෂණයෙන් තොර ආහාර ලබා දෙන නිසා රැදවියන් කායික හා මානසික රෝගින් බවට පත්විම වැලැක්විය නොහැක.

සනිපාරක්ෂක පහසුකම්

මේ අනුව මුලිකවම වැසිකිලි පහසුකම් රදවා සිටින රැදවියන් ගනනට සමානව කිසිසේත්ම ප්රරමානවත් නැත. නිදසුනක් ලෙස පැයක් වැනි කාලයක් තුල තම ශරීරකෘතිය කර ගැනීමට රැදවියන් 2500 කට ආසන්න ප්‍රමානයට ඇත්තේ වැසිකිලි 50 කට ආසන්න ප්රනමානයකි. වැලිකිසි තුල ජල පහසුකම් නොමැති අතර වෙනත් ස්තානයකින් වතුර පනිට්ටුවක් රැගෙන ගොස් වැසිකිලි යාමට හා මුහුන සේදිමට සිදුව ඇත. වැලිකඩ බන්දනාගාරයේ චැපල් අංශයේ රදවා සිටින රැදවියන් හවස 5 ට පමන සිරමැදිරි තුලට ගාල්කල පසු නැවත එම කාමර අරිනු ලබන්නේ පාන්දර 6ට පමනය. රැදවියන් සිරමැදිතුල සිටින මුලු රාත්රි ය පුරා වැකිකිලි හා කැසිලිකි පහුසකම් ලබාගත නොහැකි අතර මුත්රා කිරිමට සිදු වන්නේ ප්ලාස්ටික් බෝතල් හා වැලිකඩ බන්දානාගාරයෙන් ලබාදෙන පනිට්ටුවකටය. මිට අමතරව වැසිකිලි යාමට සිදුවන විට එයද එවැනිම ආකාරයෙන් කාමරය තුල පනිට්ටුවකට සිදුකල යුතුය. එක් රැදවියෙකු රදවා තැබිමට සාදා ඇති කාමරයක 5ක් දෙනෙකු හෝ ඉට වැඩි ගනනක් රදවා සිටින විට මේ පිරිස මුලු රාත්‍රිය පහන් කල යුතු ආකාරයේ කටුක බව වචනයෙන් විස්තර කල නොහැක.

ජල පහසුකම්

දිනකට එක් සිරකරුවෙකුට ස්නානය කිරිම සදහා ලබා දෙන වතුර ප්රකමානය කිසිසේත් ප්රදමානවත් නැත. මේ අයට ලබාදෙන වැලිකඩ බන්දනාගාරයේ නිෂ්පාදිත සබන් කිසිදු ප්රදමිතියක් නොමැති අතර රෙදිසේදිමට පවා ඒවා සුදුසු නොමැත. අධික කෝස්ටික් සෝඩා ප්රපමානයක් ඇති එම සබන් ඇගේ ගැ විට හම ගැලවි යයි. එම සබන් පවා එක් සිරකරුවෙකුට ලබා දෙන්නේ සති දෙකකට එක් කුඩා සබන් කැටයකි. හිසේ ගාන්නට සති දෙකකට පොල්තෙල් මේස හැන්දක් පමනක් ලබාදෙනු ලබයි.

වෛද්‍ය පහසුකම්

සිරකරුවන් අතර බෝවන රෝග හා චර්ම රෝග බහුලව දක්නට ඇත ඊට හේතුව වන්නේ ආහාර වල පෝෂණ ගුනය අඩුකම ඇදුම් පිරිසිදු කිරිමට ඇති අඩු පහසුකම් හා රැදවියන්ට පිරිසිදුව ඉන්ට තරම් ජල පහසුකම් නොමැති නිසා රැදවියන් දෛනිකව රෝගි වෙයි. බන්දනාගාරය තුලට දෛනිකව පැමිනෙන වෛද්යලවරුන් එහි රැදි සිටින්නේ සිමිත වේලාවකි. තවද මෙම වෛද්යනවරුන් නියමිත සුදුසුකම් සහිත අය නොවන අතර බන්දනාගාර රෝහල පිහිටා ඇත්තේ වැලිකඩ බන්දනාගාරයෙන් පිටත වන අතර හදිසි රෝගි තත්ත්වයකදි සියලු නෛතික විදි විදාන අනුගමනය කර රෝහලට රැගෙන යන විට පැයකට ආසන්න කාලයක් ගත වන අතර ඒ නිසා බෝහෝ රෝගින් මිය යයි. බන්දනාගාරය තුල අත්යනවශ්ය් බෙහෙත් නොමැතිකමද බරපතල ගැටලුවකි.

අනිත් අතට බන්දනාගාර රෝහල තුල සැත්කම් සදහා පහසුකම් මෙන්ම සමහර රෝහලක තිබිය යුතු මුලික පහසුකම් පවා නොමැති නිසා ජාතික රෝහලෙන් එය ලබා ගැනිමට සිදුවෙයි. එහිදි ජාතික රෝලහට රැදවියන් ඉදිරිපත් කිරිමේ දි බන්දනාගාර දෙපාර්තමේන්තුවේ ඇති පරිපාලන අඩුපහඩු හා නොසැලකල්ල නිසා ද රැදවියන් මිය යන අවස්තා ඇත. බන්දනාගාරය තුල ලිංගාශ්‍රියත රෝග ව්යඅප්තිය ඉතා වැඩි අතර ලිංගාශ්රියත රෝග බෝවිමට බහුල ඉඩක් ඇත. රෝගින් වෙන්කර රදවා තැබිමේ ක්රලමවේදයක් නැත..

නඩුකටයුතු නිසා සිදුවන අසාධාරනකම්

අධිකරනවලින් ලැබෙන අසාධාරන තින්දු වලට ලක්වුවන්ට නිති ආධාර ලබා ගැනිමට හැකි නිසි ක්රවමවේදයක් ක්රිනයාත්මක නොවිම නිසා රැදවියන් දිර්ග කාලිනව බන්දනාගාර ගතවිම. නිදසුනක් ලෙස මහේස්ත්රා්ත් අදිකරනයේ කමිස 12ක් සොරකම් කල අයෙකුට එක් කමිසයකට වසර 2ක බැගින් වසර 24 ක සිර දඩුවමක් ලබා දිම. මෙවැනි රැදවියන්ට මුදල් වියදම් කර අභියාචනා කිරිමේ හැකියාවක් ද නැත.

බන්ධනාගාර අඥාපනතේ සිකරකරු ප්‍රතිපාදන ක්‍රියාත්මක නොවිම

වසර 1994 ට පෙර ක්‍රියාත්මක වු රැදවියන් පුනරුත්තාපනය කර නැවත සමජගත කිරිමේ ක්රිමවේදය ඇතුලත් බන්ධනාගාර ආඥා පනතේ 40 වගන්තිය දැනට අක්රි්යව තිබිම. බන්දනාගාරයෙන් පිටත වැඩ සහන සදහා යොදවා ඇති රැදවියන්ට නියමිත යම් යාවත්කාලින වැටුපක් ලබා දෙනු ලැබුවද ඒහා සමාන සේවාවක් බන්දනාගාරය තුල සේවය කරන රැදවියන්ට ලබා නොදිම. එමෙන්ම පුනරුත්තාපනය කරනු ලබන රැදවියන්ටද තම දඩුවම් කාලය ගෙවා යලි සමාජගත වන්නට ඇති අවස්තාව ඉතා සිමිත විම නිසාම මේ රැදවියන්ගේ පවුල් වල අය විශාල අගතියකට මුහුන දිම.

රැදවියන් සියලු දෙනාම අධිකරනයෙන් වරදකරුවෙකු කල පසු ඒ අයගේ තරාතිරම කල අපරාදය සලකා ඒ අයට අසාමන ලෙස සැලකිමට බන්දනාගාර නිලධාරින්ට හැකියාවක් නැත. කල වරද මත පදනම් වන්නේ නම් අඩුම තරමේ මේ අය වෙන වෙනම රදවා තැබිය යුතුය. මේ නිසා අධිකරනයෙන් වරදකරු වු රැදවියන් බන්දනාගාරය තුලදි නැවත අනියමින් දඩුවමකට යටත් කිරිම සිදුවිම අසාධාරනය. අනෙක් අතට මරණීය දන්ඩනයෙන් සිර දඩුවම් ලැබුවන් කිසිදු පුනරුත්තාපන ක්රිනයාදාමයකට යටත් නොවන අතර මේ රැදවියන් දිර්ග කාලයක් නිකරුනේ ගාල්කර තැබිම. ජනාධිපති විසින් ව්යිවස්ථාවට අනුව ලබාදෙන පොදු සමාව නිතිපති දෙපාර්තමේන්තුව විසින් කල වරද අනුව වර්ග කර ඇතැම් වරදවල් අනුව ජනාදිපති පොදු සමාව අහිමි කිරිම කටයුතු සම්පාදනය කිරීම

තවද මේ වන විටත් මෙම ජනාධිපති පොදු සමාව යටතේ මහින්ද රාජපක්ෂට හිතවත් බොහෝ අපරාධකාරයන් නිදහස් කර තිබෙන අතර අහිංසක කිසිවක් කර කියාගත නොහැකි රැදවියන් නිකරැනේ අපාදුක් විදීම. දුම්න්ද සිල්වා වැනි වරප්‍රසාදිත සිරකරැවන් සම්බන්ධයෙන් නැවත සමාලෝචන සිදු කරන නමුදු වෙනත් රැදවියන් තිරිසන් සතුන් ලෙස ගාල්කර සිටියි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා වන කමිටුව වශයෙන් අප දිගින් දිගටම යහ පාලන රජය දැනුවත් කලද යහ පාලන ආණ්ඩුව ඒ ගැන තඹ දොයිතුවකට මායිම් නොකරයි.

ලංකාවේ බහුතරයක් සිතන්නේ බන්ධනාගාර ගත කරන්නේ වරදකරැවන් නිසා ඔවුන් වෙඩ් තබා මැරැවත් ඔවුනට කන්න නොදුන්නත් නාන්න නොදුන්නත් කිසිදු ගැටලුවක් නොවන බවය. නමුත් අප සැවොම කල්පනා කළ යුත්තේ මේ හිරගෙවල් වල හෙට දින අපට ඉන්නට සිදුවීම සිදුවිය හැකි බව නොවෙද? අප විසින් හෙට දින උදෑසන 10 ට වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්ව යහ පාලන ආණ්ඩුවට බල කරනු ලබන්නේ සිරකරැවන් මනුෂයණයන් බව පිළිගන්නවා නම් බන්ධනාගාර රැදවියන්ට මනුෂ්යණයන්ට හිමි මූලික පහසුකම් හෝ ලබා දෙන ලෙසය. නැතිනම් බන්ධනාගාර තාප්පයේ ඇති දැන්වීම් පුවරැව සිරකරැවන් අමුනුෂ්යනයෝය ලෙස වෙනස් කරන ලෙසය. මානව හිතවාදී සියලු පුරවැසියන්ට හෙට දින වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ අප සමග එක්වන ලෙස අප ඉල්ලා සිටිමු. අරගලය ජයග්රෙහණය කරන තුරැ නතර නොකරන්නට අප සපථ කරන්නෙමු.

තුෂාර එන් දස්කොන්

සේනක පෙරේරා

සුදේශ් නන්දිමාල්

බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Archive

Latest news

Related news