Tuesday, July 16, 2024

ඉරුදින කර්තෘ විමලනාත් වීරරත්න ඉවත් කරයි! කතු මඩුල්ල වැඩ නවතයි!!

‘ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ බව දක්වමින් ‘ඉරුදින’ සේවක එකමුතුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

‘ඉරුදින’ සේවක එකමුතුව,
24, කටුකුරුදුවත්ත පාර,
රත්මලාන.

2017. 03. 01

මාධ්‍ය ආයතන / වෘත්තීය සමිති / සිවිල් සංවිධාන / මානව හිමිකම් සංවිධාන /
දේශපාලන පක්ෂ වෙත,

මහත්මයාණෙනි / මහත්මියනි,
‘ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

පෙබරවාරි 27 දින සඳහන් කරමින් ඉරුදින පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව පෙබරවාරි 28 දින සිට විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කර ඇත. කිසිදු කරුණක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් හෝ යම් විමර්ශනයක් හෝ සිදු නොකොට හදිසියේ මෙසේ ප්‍රධාන කර්තෘවරයා ඉවත් කිරීම නීතිවිරෝධී මෙන් ම අයුක්ති සහගත ද වේ. ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති සහ සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් කොටස් ගෙවා නැති තත්ත්වයක් තුළ මාර්තු මාසයේ වැටුප පමණක් ගෙවීමේ පොරොන්දුව පිට මෙසේ සේවකයකු ඉවත් කිරීම තරයේ හෙළා දැකිය යුතුය.

මේ නිසා අදාළ නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් සහ එම පියවර ගන්නා තුරු පුවත්පතේ රාජකාරි වලින් ඉවත් වන බව ස`දහන් කරමින් ‘ඉරුදින’ කර්තෘ මණ්ඩලය ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ස්තූතියි.

‘ඉරුදින’ සේවක එකමුතුව

Archive

Latest news

Related news