Monday, May 20, 2024

‘2020 වන තුරු ජන්දයක් පේන්න නෑ ‘ – මැතිවරණ කොමිසමේ සමාජික හූල්

ජායාරූපය: රත්නජීවන් හූල්.

19වන සංසෝධනය යටතේ පත් කරන ලද මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන ඒච්.රත්නජීවන් හූල් දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් කියන්නේ වැඩ සිද්ධ වන හැටියට 2020 වන තුරු ජන්දයක් නොපැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසම කල්පනා කරන බවයි.

ඔහු මෙසේ කියයි: ‘මැතිවරණයක් සඳහා කිසිම දෙයක් සූදානම් නැත. බෙහෝ විට එය උවමනාවෙන් කරනු ලබන දෙයක් විය හැකිය. මැතිවරණ කොමිසම ( මේ ගැන) ප්‍රසිද්ධියේ කතා කිරීමට අකැමැතිය. එසේ නමුත් අපට පෙනේනනේ වැඩ කටයුතු සිදුවන හැටියට නම් 2020 වනතුරු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවයි. ඒ ඇයිදැයි දැන ගැනීමට මහජනයාට අයිතියක් තිබේ.’

මෙැවැනි මතයක් මැතිවරණ කොමිසම දරන්නේද යන්නත් එසේ නම් ඊට හේතු කවරේද යන්න දැන ගැනීමටත් මහජනයාට අයිතියක් තිබේ.

පමණක් නොවේ. තමන්ට ලැබෙන දීමනා වැඩි කරන්නේ හෝ තමන්ටම වාහනයක් ලබා නොදෙන්නේ නම් හෝ ඉදිරි මැතිවරණ ප්‍රතිපළ සහතික කිරීමට තමන් නොපැමිණෙන බවටත් එමගින් මැතිවරණ ප්‍රතිපල අවලංගු කරන බවටත් තර්ජනයක් ද කරයි. ඒ මෙසේය:

මැතිවරණයක් පවත්වන අවස්ථාවෙහිදී මා දිගටම කොළඹ සිටිය යුතු යැයි මට දන්වා තිබේ. අගමැතිවරයාට බීඑම්ඩබ් වාහන රැසක් සහ හෙලිකොප්ටර් පවා පාවිච්චියට තිබෙත්දී මහජන සේවා සඳහා පාරේ මුත්‍රා කරමින් මගේ පුද්ගලික මුදල් වියදම් කිරීමට මා සූදානම් නැත. ( ඔහු කියන්නේ කොළඹ ඒමට ඔහුට වාහනයක් මැතිවරණ කොමිසමෙන් දී නැති නිසා යාපනයේ සිට ඒමට සිදුව ඇත්තේ බසයෙන් බවත් එසේ එන විට මුත්‍රා කිරීමට සිදුවන්නේ මහපාරේ බවත් ය). එමෙන්ම මැතිවරණයක් කවදා හෝ පැවත්වුව හොත් කොමිසමේ සාමාජිකයන් තිදෙනාම නැතිව මැතිවරණ ප්‍රතිපළ වලංගු වන්නේ ද නැත.’

ැන් ප්‍රශ්ණය වන්නේ හූල් මෙම තනතුර බාර ගන්නා විට මෙම කාරණා මතු නොකළේ මන්ද යන්නයි. මෙම කරුණූ අනුව පෙනෙන්නේ ඔහු විසින් මෙම තනතුර බාර නොගත යුතුව තිබු බවයි.

ිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම බාරව සිටින කිසිදු රජයේ නිලධාරියකු නොකළ යුතු දෙයක් වන ඉදිරි මැතිවරණ ප්‍රතිපළ පිළිබඳව ඔහු අනාවැකි ද කියයි. ඒ මෙසේය:

පළාත් පාලන මැතිවරණහිදී ජනාධිපතිවරණයේදී සිරිසේනට ජන්දය දුන් දෙමළ සහ මුස්ලිම් ජනයා වෙනම තරඟ කර තමන්ගේ පළාත් පාලන ආයතන පිහිටුවා ගන්නවා ඇත. ජන්දය දැමීම අඩු නොවුවහොත් සිරිසේනට බලාපොරොත්තු විය හැකි ලොකුම දේ නම් ඉතිරි ආයතන කිහිපයක් දිනා ගැනීමය. නිල් පාටින් ජයගත් බොහෝ පෙදෙස්හි පළාත් පාලන ආයතන බොහෝය. ආයතන ගණන අතින් පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබූ බව පෙනවීමට ඒකාබද්ධ විපක්ෂයට ( රාජපක්ෂ පිලට) හැකි වනවා ඇත.’

හූල් මැතිවරණ කොමිසමට පත්වීමට අයදුම් නොකළ නමුත් ඔහු පත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනාවක් අනුව බවද වාර්තා වී තිබුණි. දැන් ඔහු විසින් කරනු ලබන මෙම ප්‍රකාශ ස්වාධීන මැතිවරණ කොමිසම ඇත්තටම ස්වාධීන ද යන ප්‍රශ්ණය මතු කරයි.

Archive

Latest news

Related news