Friday, May 3, 2024

පොරොන්දු නොතකා වෙරළ නසමින් පොට් සිටියට වැලි හාරයි.

ජායාරූපය: පෝට් සිටිය වැල්ලෙන් පිරවීම colomboportcity.lk අඩවියෙනි.

මෙගා පොලිස් උප ඇමති අලගියවන්න 2016 ඔක්තෝම්බර් මාසයේදී දුන් පොරොන්දුව නොතකා චීන සමාගම විසින් දිගින් දිගටම වෙරලේ සිට කිලෝ මීටර් 10 මෙපිටින් වැලි හෑරීම පිලිබදව එතුමන්ට අපගේ දැඩි විරෝධය දන්වා සිටීමට පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය ජනවාරි 22දා අංක 64 පරණ හලාවතපාර යන ස්ථානයේදී පැවැත්වූ රැස්වීමේදී තිරණය කර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරමිධීවර අයිතීන් මානව අයිතීන්යන් උප ඇමති අලගියවන්න මැති තුමා උපවාසයේ සිටි ධීවරයින්ට මේ පොරොන්දුව දුන් නිසා එතුමගේ වචනය විශ්වාස කර දින පහක් උපවාසයේ යෙදී සිටි ධීවරයෝ තම විරෝධය නතර කර දැමූහ. ධීවරයන් හා කතෝලික සභා නායකත්වය ඉදිරියේ දුන් මෙම පොරොන්දුව රෑපවාහිනී නාලිකා හරහා දර්ශණය විය.

www.marinetracking.com වෙබ් අඩවිය වැලි හාරන නැව් දෙක(Jung Yang 1 සහ Wan Qing Sha) වෙරලේ සිට කි.මී 6-7 දුරක සිට දැනුත් ක්‍රියාත්මක වන ආකාරය අවශ්‍ය ඔනෑම කෙනෙකුට පැය 24 පුරාම දැක ගත හැක. ධීවර ජනතාව තම ඇසින් දකින දේ ඉහත වෙබ් අඩවිය සපයන තොරතුරැ මගින් සනාථ කරනු ලබයි.  තවද  GPS යන්ත්‍රය මගින් ගත් පිංතූර ද ධීවරයන් සතුව ඇත.

ධීවර අයිතීන් මානව අයිතීන්ය

කෙසේවෙතත් මෙගා පොලිස් ඇමති චම්පික රණවක ඇමති තුමාගේ සහ උප ඇමති අලගියවන්න මහත්මයාගේ නිද්‍රාශීලිබව පෙන්නුම්කරන්නේ ධීවරයන් සහ කතෝලික සභා නායකත්වය  නොමග යවා මුලා කිරීමේ අරමුණින් ඔව්හු ගත් උත්සාහයක් වශයෙනි.

පෝට් සිටි විරෝධී ජනතා ජනතා ව්‍යාපාරය ආර්ම්භයේ සිටම දැරෑ ස්ථාවරය වූයේ වැලි හාරා මුහුද ගොඩකිරීම ධීවරයන්ගේ ජීවනෝපායන්ට අනවශ්‍ය, කිසිසේත් සාධාරනීය කළ නොහැකි හා අන්ත්‍රාදායක ව්‍යපෘතියක් බව පමණක් නොව බස්නාහිර වෙරල තීරයටම අනතුරැ දායක ලෙස බලපෑ හැකි බවයි. ඒ හේතූන් නිසාම අගමැතිතුමා එකල විපක්ෂනායක තුමා වශයෙන් මැතිවරණ කාලයේදී ජනතාවගේ අවසරය පතා සිටියේ ද මෙම ව්‍යාපෘතිය නතර කිරීමටය.

මේ වනවිට බටහිර වෙරල තීරයේ කීප ස්ථානයකම සිදුවී ඇති වෙරල කාදනය පැහැදිලිව හා කිසිම සැකයකින් තොරව සනාථ කරන්නේ මෙම ව්‍යාපෘතිය භෞතිකව හා සමාජ වාතාවරණයට අහිතකර බවය.

එබැවින් එදා මෙන්ම අදත් අපි ජනාධිපති තුමාගෙන්  හා අගමැති තුමා ගෙන් එක හෙලා ඉල්ලා සිටින්නේ මෙම ව්‍යාපෘතිය නතර කරන ලෙසය.

පෝටි සිටි විරෝධී ජනතා ව්‍යපාරය

කැදවුම්කාර මණ්ඩලය

ෂෙරාර්ඩ් ජයවර්ධන පියතුමා 0714259133

සරත් ඉක්දමල්ගොඩ පියතුමා. 0714315124

අරැණ රොෂාන්ත මහත්මා   0715344570

 

Archive

Latest news

Related news