වවුනියා මාධ්‍යවේදියකුගේ නිවසට මැර ප්‍රහාරයක්

502

”දීපම්” පුවත්පතේ වවුනියාව ප්‍රාදේශීය මාධ්‍යවේදී කුමාරසිංහම් ගෝකුලන් මහතාගේ නිවසට කිසියම් පිරිසක් බොතල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

කිසිවකුටවත් හානි සිදුව නැතත් මාධ්‍යවේදියාගේ නිවසේ දොර හා ජනෙල්වලට අලාබහානි සිදුවී තිඇත.

මෑතක සිට නාදුනන පිරිසක් දුරකතනයෙන් තර්ජන එල්ල කරන බවත් ඊයේ (27) රාත්‍රියේදී යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවත් ගෝකුලන් මහතා කියයි.

මේ සම්බන්ධයෙන් ඔහු වව්නියාව පොලීසියට පැමණිගි කර තිබේ.

– ලංකා ට්රුත්