Sunday, April 28, 2024

නිල්වලාවේ මිලියන 4012 වංචාවට අදාළ බී වාර්තාව මෙන්න

පසුගිය 26 දා ගාල්ලේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළිකල පරිදි නිල්වලා ගඟ හැරවුම් ව්‍යාපෘතියේ සිදුවී ඇති රුපියල් මිලියන 4012 රාජ්‍ය මුදල් අවභාවිතයට අදාළව ඉදිරි විමර්ෂණ සදහා ලංකා බැංකු ගිණුම් විස්තර ලබාගැනීමට නියෝග කරන මෙන් ඉල්ලා සිටිමින් මූල්‍ය අරපාධ විමර්ශණ කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන ලද බී වාර්තාව අප වෙත ලැබී තිබේ.

අවස්ථා දෙකකදී මුදල් අමාත්‍යංශය හරහා මෙම ව්‍යාපෘතියට යැයි පවසමින් රුපියල් මිලියන 4012 නිදහස් කරගෙන ඇති අතර චීන සමාගමක් අතර ඇතිවූ ගිවිසුමකින් පසුව එහි ප්‍රථම කොටස ලෙස 2012 වසරේදී රුපියල් මිලියන 1000 ද එහි දෙවනි සහ අවසන් කොටස ලෙස රුපියල් මිලියන 3012 නිදහස් කරගෙන ඇත.

ජනාධිපතිවරණයට දිනකට පෙර :

එම දෙවන කොටස නිදහස් කරගෙන ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය පැවැත්වීමට දිනකට පෙර එනම් 2015 ජනවාරි 07 වන දිනදීය. මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් සෘජුවම මෙම මුදල් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කර ඇත.

කෙසේ වුවද මෙලෙස රුපියල් මිලියන 4012 (කෝටි 400) මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත්තද කිසිදු සංවර්ධන කටයුත්තක් ආරම්භ කර නොමැති අතර එම ව්‍යාපෘතිය නමින් කිසිදු ලිපිගොනුවක්වත් මුදල් අමාත්‍යංශය සතුව නොමැති බව වාර්තා වේ.

අලූත් පාඩමක් ඉගැන්වීම :

වංචාව, දූෂණය, අක්‍රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලූදෙනාට අලූත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බව පසුගිය 26දා පෙරවරුවේ ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රීක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අමතමින් පැවසූ ජනාධිපතිවරයා, පසුගිය රජය සමයේ නිල් වලා ගඟ ව්‍යාපෘතිය සඳහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක්‍රමිකතාවයක් පිළිබදවද කරුණු අනාවරණය කළේය.

අදාළ ‘බී’ වාර්තාව පහත පළවේ.

nilwala 1

nilwala 2

– Sri Lanka mirror

 

Archive

Latest news

Related news