Tuesday, July 16, 2024

2015 ජනපතිවරණයේ හමුදා මෙහෙයුම් එළියට

පසුගිය ජනාධිපතිවරණ සමයේ ආරක්ෂක අංශවල තනතුරු දරමින් සිටිය දී දේශපාලන කටයුතුවල නියැළුණු නිලධාරීන් රැසක් ගැන තොරතුරු ඇතුළත් වාර්තාවක් සකස් කර ඇති බව ‘සත්හඬ’ වාර්තා කරයි.

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට ඉඩ ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ වෙතින් වාර්තාවක් සකස් කර ඇති බවත්, ඊට සමගාමීව ආරක්ෂක අංශවල දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී සිටින නිලධාරීන් ගැන ද වෙනම විමර්ශනයක් සිදු කර තිබෙන බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

එම පුවත් වාර්තාවට අනුව, පසුගිය රාජපක්ෂ සමයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඍජුවම දායක වූ හමුදා නිලධාරීන් විශාල පිරිසක් ද හඳුනාගෙන ඇත.

ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් !

මීට පෙර ද එම හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ලබා දීමට නීතිඥ කණ්ඩායමක් කටයුතු කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදුව තිබුණේ නැත.

එහෙත් මේ වන විට මෙම හමුදා නිලධාරීන් රැසක් කුමන්ත්‍රණකාරී ලෙස වත්මන් ආණ්ඩුව පෙරළීමේ කටයුතුවල නිරතව සිටින බවට තොරතුරු ලැබී තිබේ.

විශේෂයෙන්ම ජාතිවාදය ආගම්වාදය පතුරුවා හැර සමාජය තුළ යළි සිවිල් කෝලහල ඇති කිරීමටත් ආරක්ෂක අංශ තුළ ජනාධිපතිවරයා හා අගමැතිවරයා කෙරෙහි කලකිරවන මත පැතිරවීමත් මෙම පිරිස විසින් සිදු කරන බවට තොරතුරු ආනාවරණය වී ඇත. ඒ අනුව යුද හමුදා බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කොට තිබේ.

1438 z iccprICCPR ජාත්‍යන්තර වගන්තිය :

මෙම හමුදා නිලධාරීන්ට එරෙහිව 2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනත (ICCPR) අනුව චෝදනා ගොනු කර නීතිය හමුවට කැඳවීමට හැකියාවක් ඇති බව ද දැන ගැනීමට තිබේ.

එම පනතේ 3.1 වගන්තිය අනුව “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වන සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම නොකළ යුතුය.” මේ යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු වුවහොත් දින 05 සිට දින 45 දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ හැකි අතර ඇප ලබා දීමක් ද සිදු නොවේ.

එජාපයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන්නේ ද මේ අනුවය. ඒ රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර වූ ව්‍යාජ ගිවිසුමක් පදනම් කරගෙන ජාතිවාදී ප්‍රකාශයක් නිකුත් කිරීමට අදාළවය.

Daya 1දයා රත්නායකට චෝදනා රැසක් :

මෙම බුද්ධි අංශ වාර්තා අනුව වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වන විට සිටි හමුදාපති ලුතිනන් දයා රත්නායකට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබේ.

නව වසරේ සුබපැතුම් ලෙස යුද හමුදාපතිවරයා පිටු 5කින් යුතු දීර්ඝ ලේඛනයක් ජනාධිපතිවරණය ඉලක්ක කර නිකුත් කිරීම, රණවිරු පවුල්වලට හදිසියේ වියළි ආහාර බෙදා හැරීම, ඡන්දය දින උදේ හමුදාපතිවරයා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට දුරකථනයෙන් අමතා රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය යුතු බව පැවසීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වී තිබේ.

ඔහු එවකට ප්‍රසිද්ධියේම දේශපාලන කටයුතුවලට සම්බන්ධව සිටි අතර 2015 මහ මැතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ද ඍජුව මැදිහත්ව සිටියේය.

ඒ අතර හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ ද ඍජුවම දේශපාලනික කටයුතුවලට හවුල් වී සිටියේය. අලුත්ගම සිදු වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහු චෝදනා ලැබ තිබේ.

මේජර් ජෙනරාල් ලාල් පෙරේරා :

එමෙන්ම මේ වන විට විශ්‍රාමිකයකු වන එවකට නැගෙනහිර ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් ලාල් පෙරේරා හමුදා සෙබළුන්ට මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ටී ෂර්ට් අන්දවා පත්‍රිකා බෙදීමට හා පෝස්ටර් ගැසීමට යෙදවීම, මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එම පළාත් තුළ මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම, අම්පාර, ත්‍රිකුණාමලය හා පොළොන්නරුව ප්‍රදේශවල ගංවතුර ආධාර බෙදාහැරීමේ මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම ආදිය සිදු කර තිබේ.

මධ්‍යම පළාත් ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් මනෝ පෙරේරා විසින් බදුල්ලේ නාය යෑම සම්බන්ධයෙන් ආපදා සහන සලසමින් තවත් සහන ලැබීමට නම් රාජපක්ෂවරුන් ජයග්‍රහණය කළ යුතු බවට එහි ජනතාවට පැවසීම, මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමස්ත යුද හමුදාවේම අණ දෙන නිලධාරීන් හමුදා මූලස්ථානයට කැඳවා රාජපක්ෂවරුන්ගේ සේවය ඇගයීමක් සිදු කර සංග්‍රහ කිරීමත් රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය සඳහා ක්‍රියා කළ යුතු බවට පැවසීම, තැපැල් ඡන්දයට බලපෑම් කිරීම, මූල්‍ය කළමනාකරණ ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ආර්. වී. උඩවත්ත (ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ව්‍යාජ සාක්ෂි දුන් අයෙකි) හා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ බ්‍රිගේඩියර් කේ. ජේ. ජයවීර විසින් රජයේ අයවැය යෝජනා ඇතුළත් පත්‍රිකාවක් ජනාධිපතිවරණය වෙනුවෙන් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධ චෝදනා එල්ල වී ඇත.

එසේම සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, සහ යුද හමුදා පොලීසියේ මේජර් ජෙනරාල් විජේසිරි යන අයට ද චෝදනා එල්ල වී ඇත.
DSC01478උඩුවේ හිමිගේ දේශපාලන බණ :

දයා රත්නායකගේ මැදිහත් වීමෙන් යුද හමුදා මනෝ විද්‍යාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් උඩුවේ ධම්මාලෝක හිමි යොදවාගෙන හමුදාව තුළ හා ප්‍රාදේශීය වශයෙන් සාමාන්‍ය ජනතාව ද කැඳවා දේශපාලන ධර්ම දේශනා පැවැත්වීම හරහා මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම ගැන ද තොරතුරු අනාවරණය වී ඇත.

මේ අතර පසුගිය දා හදිසි අනතුරකින් මිය ගිය මේජර් ජෙනරාල් සුමිත් මානවඩුව (2010 ජනාධිපතිවරණය ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වැටලීම හා සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගැනීම සිදු කළේ මොහු විසිනි), මේජර් ජෙනරාල් ජගත් විජේසිරි, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු කණ්ඩායමක් 2015 ජනාධිපතිවරණයේ රහසිගත මෙහෙයුම් කමිටුවට එක්ව සිටියහ.
සොයිසාගේ මෙහෙයුම :

එය ගෝඨාභය රාජපක්ෂ යටතේ මේජර් ජෙනරාල් එන්. එස්. ආර්. සොයිසා විසින් හසුරනු ලැබ තිබේ.

2015 ජනවාරි 08 වන දින කොළඹ විශේෂ ආරක්ෂක සැලසුමක් ක්‍රියත්මක කර තිබී අතර එය ජනාධිපතිවරණය පරාජය වුවහොත් නැවත බලය අල්ලා ගැනීම සඳහා සිදු කෙරුණු කුමන්ත්‍රණයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වී තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් තොරතුරු එදිනම හෙළි වූ අතර එය වැළැක්වීමට විපක්ෂය සමත් වීම මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ නමුත් එම විමර්ශනය ඉදිරියට ගියේ නැත.

එමෙන්ම යාපනයේ හිටපු ආඥාපතිවරයාව එම සේවා කාලය ඉක්මවීමට පෙර ඉන් ඉවත් කර විදේශගතව සිටි මේජර් ජෙනරාල් ජගත් අල්විස් (සුදු වෑන් කල්ලියේ ප්‍රධානියා ලෙස චෝදනා ලැබූවෙකි) උතුරු පළාත් ආඥාදායකයා ලෙස පත් කර ඔහු ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සහ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ විසින් හමුදාවේ සියලු සාමාජිකයන් වෙත ජනාධිපතිවරණ ප්‍රචාරක පත්‍රිකාවක් බෙදාහැරීම, යාපනයේ සන්නද්ධ යතුරුපැදි කල්ලි (ආවා කණ්ඩායම වැනි) ඇති කර භීෂණය පතුරුවා උතුරු පළාතේ දෙමළ ජනතාව ඡන්ද ප්‍රකාශයට පත් කිරීම අඩපණ කිරීම සඳහා කටයුතු කිරීම ආදී තොරතුරු හෙළිව ඇත.

යුද හමුදාවේ සාමාජික නීතිඥවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංගමයේ සාමාජිකයන් කිරීමට බ්‍රිගේඩියර් රංජිත් රාජපතිරණ (ෆොන්සේකා මහතාට එරෙහිව බොරු සාක්ෂි ගොතා නඩු දැමීම සිදු කළ අයෙකි) විසින් කටයුතු කිරීම මඟින් එම නීතිඥ සංගමයට බලපෑම් කිරීම ගැන ද චෝදනාවක් එල්ල වී තිබේ.
viyathmagaවියත්මඟ’ – ජාතිවාදී මත පැතිරවීම :

මෙහි දී මෙම හමුදා නිලධාරීන් විසින් හිටපු ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරවීම සඳහා හමුදා සෙබළුන් හා නිලධාරීන් පෙලඹවීම, මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගතහොත් සිදු විය හැකි අයහපත්, අවාසිදායක, ජාතිවාදී මත පැතිරවීම ආදී හැඟීම් වක්‍ර හා ඍජු ආකාරයෙන් සෙබළුන් හා නිලධාරීන් තුළ ඇති වන ආකාරයේ මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියක් සිදු කිරීම යනාදිය පදනම් කරගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව නීති අංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර පසුගිය දා විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත්මඟ’ නම් සංවිධානයක් සමඟ රට පුරා සම්මන්ත්‍රණ 100ක් සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඔහු විසින් පසුගිය දා ගාල්ලේ පැවැති සම්මන්ත්‍රණයක දී ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බවත් උතුරේ යළි යුද්ධයක් ඇති විය හැකි බවත් හැඟී යන පරිදි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමේ සූදානමක් ද ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර ඔහු විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළ කෘතිය ද යුද හමුදා සේවයෙහි යෙදී සිටිය දී එම සම්පත් හා එම නිලධාරීන් යොදවා සිදු කර ඇති බවත් එය නීති විරෝධී කටයුත්තක් බවත් පැවසේ.
ෆොන්සේකාට දඬුවම් කල හැටි :

රාජපක්ෂ සමයේ දී සරත් ෆොන්සේකාට හමුදා අධිකරණය හමුවේ එල්ල වූ බරපතළ චෝදනාවක් වූයේ හමුදා සේවයෙහි යෙදී සිටිය දී දේශපාලන කටයුතු සිදු කළ බවය.sarath fonseka courts colombo telegraph

ඒ අනුව ඉහත කී නිලධාරීන්ට එරෙහිව නීතිය මඟින් කටයුතු කළ හැකි බවට පූර්වාදර්ශයක් ද තිබෙන බැවින් මෙම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව නීතිවේදීන් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් රාජපක්ෂවරුන් ක්‍රියාත්මක කළ මෙම දේශපාලන කටයුතුවලට ඍජුවම එරෙහි වූ නිලධාරීන් ද සිටි අතර ජනවාරි 08 වන දින සිදු කිරීමට ගිය කුමන්ත්‍රණය ඒ අනුව වැළකී ගිය බවත් පැවසේ.
ubayaමේ/ජෙනරාල් උබය මැදවල :

විශේෂයෙන්ම මේජර් ජෙනරාල් උබය මැදවල ඒ වෙනුවෙන් මැදිහත්ව තිබේ. එසේම ඒ වන විට විදේශ සේවයේ සිටි වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා ද මෙරටට කැඳවා මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවට හවුල් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කර තිබුණත් සිල්වා මහතා ඒ ප්‍රතික්ෂේප කර තිබිණි.

එසේම මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ද එවකට බ්‍රිගේඩියර්වරුන් වූ සුනිල් වන්නිආරච්චි, දර්ශන වන්නිආරච්චි යන අය ද මීට එරෙහිව ඍජුව කටයුතු කර තිබේ. මේ නිසා තර්ජනාත්මක අනතුරු හැඟවීම් ද එවකට ඔවුන්ට එල්ලව පැවැති බව ද හෙළි වේ.

චම්පිකගේ මැදිහත්වීමක් :

මේ අතර යුද්ධයට සම්බන්ධව සිටි නමුත් දේශපාලන කටයුතුවලට මැදිහත් නොවූ ප්‍රකට ඉහළ හමුදා නිලධාරීන් කිහිප දෙනකු රජයේ ඉහළ තනතුරු කිහිපයකට පත් කිරීම සඳහා යෝජනාවක් මහනගර හා බස්නාහිර පළාත් ඇමැති චම්පික රණවක මහතා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට යෝජනා කර ඇති බවත් වාර්තා වේ.

ඒ අතර ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස් යන නිලධාරීන් සිටින බව දැන ගැනීමට ඇත.

එසේම යුද හමුදාවට එල්ල වී ඇති මානව හිමිකම් කඩ කිරීම හා වෙනත් චෝදනා නිසා ඇතැම් නිලධාරීන් තුළ පවතින කලකිරීම් සමනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
කුමන්ත්‍රණයක් කතාවේ ඉලක්කය මහේෂ් ?

makeshමේ අතර දිනේෂ් ගුණවර්ධන මහතා හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනාවෙහි කිසිදු පදනමක් නැති බව ද යුද හමුදා බුද්ධි අංශ වාර්තාව පෙන්වා දී ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිතවත් නිලධාරීන් කිහිප දෙනකු හමුදාවේ ඉහළ නිලතලවල සිටීමට අමතරව මේ වන විට යාපනයේ ආඥාපතිව සිටින මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක අනාගත යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම සිදු වුවහොත් රාජපක්ෂවාදීන් ගෙන යන ජාතිවාදී දේශපාලන ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට බලවත් බාධාවක් වනු ඇති බවත් හැඟී යාම පදනම් කොටගෙන මෙම හමුදා කුමන්ත්‍රණ කතාව නිර්මාණය කෙරී ඇති බවට සැකයක් ඇති බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
(සත්හඬ – සුභාෂ් ජයවර්ධන/ SriLanka Mirror)

Archive

Latest news

Related news