Sunday, April 28, 2024

ලූ ෂුන්: නූතන චීන සාහිත්‍යයේ පියා ගැන අලුත් පොතක්

සාම්ප්‍රදායික චීන සාහිත්‍යය නව ආරකට ගෙන ඒමට සමත්වූ ලූ ෂුන්ගේ ජීවිතය සහ නිර්මාණ සම්බන්ධයෙන් නව පොතක් එළිදක්වා තිබේ. ලූ ෂුන්ගේ තෝරාගත් රචනා සහ ඔහුගේ නිර්මාණ සමබන්ධයෙන් කළ විමර්ෂණයක් මූලික  කරගෙන  ඇති මෙම කෘතිය මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව විසින් රචනා කොට තිබේ. පිටු 202 කින් සමන්විත කෘතිය මුද්‍රණය කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේදීය.

නූතන චීන සාහිත්‍යයේ පීතෘවරයා ලෙස  හැඳින්වෙන ලූ ෂුන් චීනයේ සමාජ සහ දේශපාලන අරගලය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කළ සාහිත්‍යයවේදියෙකි. 1911 විපලය ජනතාවගේ සැබෑ ගැටලු විසඳීමට අසමත් වීම හේතුවෙන් තවදුරටත් ව්‍යාකූල වන සමාජ සනදර්භය හමුවේ සුවිධාල කාර්යයභාර්යයක් සිදුකළ මෙම සාහිත්‍යය බොහෝ දෙනෙකු හඳුන්වනු ලබන්නේ “චීනයේ නීට්ෂ්චේ” යනුවෙනි.

 

Archive

Latest news

Related news