Friday, May 3, 2024

ජනාධිපතිට අල්ලස් කොමිසමෙන් සැර ලියුමක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ජනාධිපතිවරයාට හෝ වෙනත් අයකුට සිය විමර්ශනවලට අදාළ තොරතුරු ලබා දීමට බැඳී නොමැති බව එම කොමිෂන් සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියකින් දැනුම් දී ඇතැයි එජාපයට සම්බන්ධ මාධ්‍ය ප්‍රධානියකු විසින් පවත්වාගෙන යන බවට කියැවෙන වෙබ්  අඩවියක් වාර්තා කරයි.

ව්‍යවස්ථාවට අනුව ස්වාධීන කොමිෂන් සභාවක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය විමර්ශන සිදු කරන්නේ සිය ස්වාධීනත්වය රැක ගනිමින් බවත් එම ලිපියෙන් අනාවරණය කර ඇති බව විශ්වාසදායී ආරංචි ‘ද කලම්බො පෝස්ට්’ වෙත අනාවරණය කරන බවද එම වාර්තාවේ සඳහන් වේ

එම වාර්තාවට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇත්තේ ඊයේ (13) දිනයේ රැස්වීමකින් අනතුරුවය.

– කලම්බු පෝස්ට්

Archive

Latest news

Related news