Tuesday, April 30, 2024

රාජපක්ෂගෙන් විනිසුරටත් අල්ලස්

( ලැජ්ජාවක් නැති දේශපාලනඥයා: රාජපක්ෂ)

මහාධිකරණයේ සුප‍්‍රසිද්ධ විනිසුරුවරුන් පහළොස් දෙනෙකු මහින්ද රාජපක්ෂ පාලන සමයේදී කතරගම මහ දේවාලය අවට රක්ෂිතයෙන් අක්කර 15 බැගින් ලබා ගෙන ඇති බවට රජය තොරතුරු අනාවරණය කර ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සුප‍්‍රසිද්ධ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මේ ඉඩම් පවරා දී ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම යටතේ බවටද තොරතුරු හෙළිවී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරමින් අදාල වගකිව යුතු අමාත්‍යාංශවලින් තොරතුරු ඉල්ලා සිටින බව පැවසූ සමෘද්ධි සහ සමාජ සුභසාදන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එවිට මේ ඉඩම් ලබා ගත් මහාධිකරණ විනිසුරුවරුන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මුළු රටටම තොරතුරු හෙළිවනු ඇතැයිද සදහන් කලේය.

මේ අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේදී තෝරා ගත් සුප‍්‍රසිද්ධ මහාධිකරණ විනිසුරුවන් හැත්තෑ හතර දෙනෙකුට සිංහල සහ හින්දු අලුත් අවුරුද්දත් නත්තල් උත්සවයත් වෙනුවෙන් වාර්ෂිකව වටිනා ත්‍යාග පාර්සල් ලබා දී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව කියවේ. මේ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මේ ත්‍යාග පාර්සල් බෙදා හැර ඇත්තේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ක‍්‍රියා කළ ගාමිණී සෙනරත් මහතාගේ රියදුරා බවද දැන ගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ගාමිණී සෙනරත් මහතා ඔහුගේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටි ගණනක මුදල් එකවර ආපසු ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණයට අදාලව ඔහුගේ රියදුරා මහාපරිමාණ දූෂණ වංචා පිළිබද ජනාධිපති විමර්ශන කොමිසමට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබුණු කටඋත්තර අනුවය.

= ලංකා ඉරිදා සංග්‍රහය

Archive

Latest news

Related news