Thursday, May 2, 2024

විග්නේශවරන් නායකත්වය දුන් ‘දෙමළ පිබිදීම‘ විසින් ප්‍රකාශයට පත්කළ ප්‍රතිපත්ති

(විග්නේශ්වරන් උද්ඝෝෂණයට නායකත්වය දෙමින; ජායාරූපය ටැමිල් නෙට්)

2016 වසරේ සැප්තැම්බර් 24 වන දින යාපනයේදී පැවැත්වන ලද ‘එළුග තමිල් 2016’ නොහොත් ‘දෙමළ පිබිදීම‘ වැඩසටහන ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පහත දැක්වේ. මෙම උද්ඝෝෂනයට නායකත්වය දෙන ලද්දේ උතුරු මහ ඇමැති විග්නේශවරන්ගේ නායකත්වයෙන් පිහිටුවා ඇති දෙමළ ජනතා කවුන්සිලය විසිනි. එයට දෙමළ ජාතික සන්ධානය මෙම උද්ඝෝෂණයට සහභාගි වුයේ නැත.

01- ඒකාබද්ධ උතුර නැගෙනහිර දෙමළ ප්‍රදේශවල බලහත්කාරයෙන් බෞද්ධ සිංහලීකරණය කිරීමේ අරමුණින් සිංහල පදිංචි කිරීම්, බෞද්ධ විහාරස්ථාන, බුදු පිළිම තැබීම වැනි කටයුතු මෙම පාලනයේදීද, රජයේ සහාය ඇතිවද, ආක්‍රමණික හමුදාවේ සහාය සමඟද සිදු කරමින් සිටියි. දෙමළ ජනතාවගේ අන්‍යතාවය විනාශ කිරීමටත්, උතුර නැගෙනහිර දෙමළ ප්‍රදේශවල වාර්ගික වෙනස්කම් සිදු කිරීමටත් රජය ක්‍රියාත්මක කරන සියළු වැඩකටයුතු වහාම නවතා දමන ලෙස මෙම ජන විරෝධතාව මඟින් අවධාරණය කරනු ලැබේ.

02- යුද්දය අවසන්වී වසර හතක් ගතවූ නමුත් ආක්‍රමණික හමුදාව උතුර නැගෙනහිර පළාත්වල අධික වශයෙන් ස්ථානගත කර තිබේ. මෙම ආක්‍රමණික හමුදාව දෙමළ මාතෘ භූමියේ අක්කර දහස් ගණනක ඉඩම් අත්පත්කරගෙන සිටින අතර, තවඳුරටත් දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතුවල නිරතව සිටියි. තවද සංචාරක හෝටල්, ගොවිපළ, අනෙකුත් ව්‍යාපාරික කටයුතුවල ද නිරතව සිටියි. එපමණක් නොවන උතුර – නැගෙනහිර පරිපාලන කටයුතුවලද දිගින් දිගටම මැදිහත්වෙමින් සිටියි. උතුර-නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව තම ජීවනෝපාය සඳහා තවඳුරටත් ආක්‍රමණික හමුදාව මත රැඳීමටත්, හමුදාකරණය තුලින් දෙමළ සමාජය බෙදා වෙන්කර, සමාජ සම්බන්‍ධකම් විනාශ කරමින්, දෙමළ ජනතාව ප්‍රජාතාන්ත්‍රිකව එක්වීමට බාධාවක් වන ලෙස හමුදාව කටයුතු කරමින් සිටියි. කාන්තාවන්, ළමුන්ට එරෙහිව හමුදාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය ද දෙමළ ජනතාවගේ පැවැත්ම විනාශ කිරීමේ කටයුත්තකි. එමෙන් උතුර-නැගෙනහිර පළාත්වලින් හමුදාව වහාම ඉවත් කළ යුතු යැයි මෙම විරෝධතාව වැඩසටහන මඟින් අවධාරණය කරන්නෙමු.

03- නීතිමය සාධාරණයකට අභ්‍යන්තර විභාග ක්‍රිමවේදයකින් කිසිඳු ප්‍රයෝජනයක් නැති බව දිගින් දිගටම දෙමළ ජනතාව ඉතා පැහැදිළිව ප්‍රකාශ කර සිටියි. එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ 2015 සැප්තැම්බර් වාර්තාවෙහි ද ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති අංශය යුද්දයෙන් සිදුවූ අපරාධවලට නීතිමය සාධාරණයක් ලබාදීමට සුදුසු තත්වයක නොමැති බව ඉතා පැහැදිළිව සඳහන් කර තිබුණි. කෙසේ නමුත් එක්සත් ජාතීන් සංවිධානයේ සාමාජික රටවල් එක්වී ශ්‍රී ලංකාවට මිශ්‍ර යාන්ත්‍රණයක් සුදුසු බව 2015 සැප්තැම්බර් මස යෝජනාවක් මඟින් සම්මත කර තිබුණි. එම අවස්ථාවේ එය පිළිගත් ශ්‍රී ලංකා රජය දැන් විදේශ විනිසුරුවරුන්ව සහභාගි කර ගැනීමට නොහැකි බව ප්‍රකාශ කර තිබේ. මිශ්‍ර යාන්ත්‍රණය අහෝසි කර යළි අභ්‍යන්තර විභාග යාන්ත්‍රණයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටියි. මෙවැනි තත්වයකදී මෙම විරෝධතා වැඩසටහන ජාත්‍යන්තර විභාගයක් සඳහා වූ දෙමළ ජනතාවගේ ඒකමතික ස්ථාවරය අවධාරණය කර සිටියි.

04- පසුගිය වසර 35කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දහස් ගණනක දෙමළ තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර කිහිප දෙනෙකු වසර 15-20කට අධික කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන සිටියි. 2015 වසරේ සැප්තැම්බර් මස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට එක්සත් ජාතීන් මානව හිමිකම් සභාව ඉදිරියේ සහතකිවූ නමුත් මෙතෙක් එම පනත අහෝසි කර නොමැත. තවද එම පනත යටතේ තවඳුරටත් තරුණ තරුණියන් බොහෝ දෙනෙකුව අත්අඩංගුවට ගනිමින් සිටියි. මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාරවල සිටින දෙමළ දේශපාලන රැඳවියන් සියළු දෙනා කොන්දේසි විරහිතව වහාම නිදහස් කළ යුතු අතර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතද වහාම අහෝසි කළ යුතු යැයි මෙම විරෝධතා වැඩසටහන මඟින් අවධාරණය කරන්නෙමු.

05- යුද්දය පැවැති කාලයේදී, දේශපාලන හේතු මත පැහැරගෙන යෑමට ලක්වූවන්, යටත්වීමෙන් අනතුරුව අතුරුදන්වූ දෙමළ තරුණ තරුණියන් සියළු දෙනා සිටින්නේ කොහෙද? නැතිනම් ඔවුන්ට සිදුවුයේ කුමක් දැයි වහාම පරික්‍ෂණ පවත්වා එය ප්‍රසිද්ධ කළ යුතු අතර, ඔවුන්ට සාධාරණයක් ලබාදිය යුතුයි.

06- යුද්දය පැවැති කාලයේ නාවික හමුදා තහනම් නියෝග හේතුවෙන් උතුර-නැගෙනහිර ධීවරයන්ට සිය ජීවනෝපාය කටයුතු අහිමිව තිබුණි. නමුත් යුද්දය අවසන්වී වසර හතක කාලයක් ගතවූ නමුත් අදටත් උතුර නැගෙනහිර ධීවරයන් පීඩාවට පත්වෙමින් සිටිති. දකුණේ ධීවරයන් අනවසරයෙන් උතුර නැගෙනහිර මුහුදු කලාපයතුලට ඇතුල් වන අතර, උතුර නැගෙනහිර ධීවරයන්ගේ ධීවර බෝට්ටුද නීති විරෝධි ලෙස බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම, අනවසරයෙන් නීති විරෝධි නවාතැන් ඉදිකිරීමෙන්ද ප්‍රදේශයේ දෙමළ ධීවරයන්ට තම ප්‍රදේශවලින්ම පලවා හැරීමේ තත්වයක් උදාවී තිබේ. තවද දකුණේ ධීවරයන් උතුර-නැගෙනහිර මුදුහු ප්‍රදේශයේදී තහනම් ධීවර ක්‍රම භාවිත කර මසුන් මැරීමේ කටයුතුවල නිරතවන හෙයින් දෙමළ ධීවරයන්ගේ ජීවනෝපාය කටයුතු අඩාලවී තිබේ. මෙමඟින් සමස්ත දෙමළ ජනතාවගේ ආර්ථිකයද බාධාවට පත්ව තිබේ. මෙවැනි ආක්‍රමණික කටයුතු මැඩපැවැත්වීමට රජය වහාම පියවර ගත යුතු යැයි මෙම විරෝධතාව මඟින් අවධාරණය කර සිටින්නෙමු.

තවද ඉන්දිය ධීවරයන්ගේ නීති විරෝධි ධීවර කටයුතු නිසා ද දෙමළ ධීවරයන් පීඩාවට පත්ව සිටිති. දෛනික රැකියාවකින් තම ජීවනෝපාය පවත්වාගෙන යන මෙම ධීවරයන්ගේ අයිතිවාසිකම ආරක්‍ෂ කරගත යුතු අතර, දෙමළ ධීවරයන්ගේ මුහුදු සම්පත, අනවසරයෙන් පැමිණ නීති විරෝධි ලෙස සූරාගෙන කෑම මෙම විරෝධතාව මඟින් තරයෙන් හෙළාදැකින්නෙමු.

07- නිදහස වෙනුවෙන් සටන් කළ ජාතික ජාතීන් අතර ඔවුන්ගේ විමුක්තිය නිදහස ඉල්ලා සිටීමේ ආශාව විනාශ කර දැමීමේ අරමුණින් තරුණ, තරුණියන් අතර මත්ද්‍රව්‍ය භාවිතාව ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවල බොහෝ රටවල්වල එහි ආණ්ඩුව විසින්ම සිදු ඇත. දැඩි හමුදා නිරීක්‍ෂණයක් යටතේ දෙමළ මාතෘ භූමිය තබාගෙන සිටින නමුත් අප ප්‍රදේශයන් තුල මත්ද්‍රව්‍ය අධික වශයෙන් බෙදා හරමින් තිබේ. තවද හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ද උතුර-නැගෙනහිර පළාත්වල අධික වශයෙන් බෙදා හැරිමන් තිබේ. උතුර-නැගෙනහිර පළාත්වල හමුදාව විසින් පවත්වන ක්‍රීඩා උත්සවවලදී දෙමළ තරුණයන්ට හමුදාව සෘජුවම මත්පැන් භාවිතාවට අනුබල දීමේ සාක්‍ෂි සටහන් කර තිබේ. මෙවැනි තත්වයකදී මේ සියල්ල අපගේ තරුණ පරපුරේ අනාගතය සැලසුම් සහගතව විනාශ කිරීමේ වැඩපිළිවලක් බවට අදහස් කිරීමට සිදුව තිබේ. මෙය මැඩපැවැත්වීම සඳහා රජය ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි මෙම විරෝධතා වැඩසටහන මඟින් අවධාරණය කර සිටින්නෙමු.

උද්ඝෝෂනයට දහස් ගණනක් ජනයා සහභාගි වූහ
උද්ඝෝෂනයට දහස් ගණනක් ජනයා සහභාගි වූහ

දේශපාලන විසඳුම ගැන..

මෙතෙක් විසඳුමක් නොමැති දෙමළ ජාතික ප්‍රශ්ණයට, අවසන්වූ යුද්දයෙන් සෘජුව හා වක්‍රවූ ප්‍රතිවිපාකයන් ඉහත සඳහන් දේශපාලන විපාකයන් කිසිවක් මින් ඉදිරියට සිදු නොවන ආකාරයක – දෙමළ මහජන සභාව විසින් යෝජනා කළ දේශපාලනල විසඳුම් යෝජනාවට අනුව ස්වයං පාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතු යැයි මෙම විරෝධතා වැඩසටහනින් ප්‍රකාශයට පත්කරන්නෙමු.

දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කරනවා යන අරමුණින් 3වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට මෙම රජය ජාත්‍යන්තර ප්‍රජාවට පවසා සිටියි. නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ඒකීය පාලයක් තුල විසඳුමක් බවත්, බෞද්ධත්වයට ලබාදී තිබෙන ප්‍රමුඛත්වයෙහි කිසිඳු වෙනසක් සිදු නොකරන බවට දිගින් දිගටම පවසා සිටියි. ඒකීය පාලනයක් තුල දෙමළ ජනතාව අවම වශයෙන් ලබාදිය හැකි බලය බෙදීමක් ලබාදීමට මෙම රජය උත්සහ දරමින් සිටියි. කඩිමුඩියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමෙන්තුවේදී සම්මත කර මහජන ජන්ද විමසීමකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පිළිගැනීමක් ලබා ගැනීම සඳහා රජය උත්සහ කරමින් සිටියි. බහුතර දෙමළ ජනතාවගේ ජන්දය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලැබුණේ නම් එමඟින් දෙමළ ජනතාව දේශපාලන විසඳුමක් ලබාදුන් බවට පෙන්වාදීම රජයේ අරමුණවී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියළු ජනතාවගේම අභිලාෂයන් පිළිගත යුතුයි යන්න අපගේ ඉල්ලීමවේ. දෙමළ ජනතාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ තිබිය යුතු දැයි අදහස් ප්‍රකාශ කිරීමද, එක්රැස්වී ස්ථාවරයක් ගැනීමද, එය ගැන ප්‍රජාතාන්ත්‍රිකව එක්රැස්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකප්පල් කිරීමට ගන්නා ලද උත්සහක් බවට පෙන්වාදීමද අපි තරයෙන් හෙලා දැකින්නෙමු. ඒ අනුව පහත සඳහන් ස්ථාවරය මෙම විරෝධතා වැඩසටහන මඟින් අවධාරණය කරන්නෙමු.

දෙමළ මහජන කවුන්සිලය උද්ඝෝෂනය සංවිධානය කළේය
දෙමළ මහජන කවුන්සිලය උද්ඝෝෂනය සංවිධානය කළේය
අ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අපට ලබාදුන් අත්දැකීම යටතේ, ශ්‍රී ලංකා දේශපාලනයේ සිංහල බෞද්ධ ආධිපත්‍ය දේශපාලන සංස්කෘතිය තුලින් දෙමළ ජනතාව ලබාගත් පසුගිය වසර 68ක අත්දැකීම්වලට අනුව එකීය පාලනයක් තුල දේශපාලන විසඳුමකට කිසිඳු හැකියාවක් නැති බව අපි අවධාරණය කරන්නෙමු.

ආ. දෙමළ මහජන සභාව විසින් ඉදිරිපත් කළ විසඳුම් යෝජනාවලට අනුව ජාතික ප්‍රශ්ණයට ප්‍රායෝගික විසඳුම, දෙමළ ජනතාව ශ්‍රී ලංකා දීපයේ උතුර-නැගෙනහිර එක් දේශයක් ලෙස ඔවුන්ගේ ස්වයං අයිතියට ගරුකරන, ස්වෛරි පාලනයක් ස්ථාපිත කරන දේශපාලන වැඩපිළිවලක් මඟින් බව පවසා සිටින්නෙමු.

ඉ. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය, ඒ යටතේ වූ දෙමළ දේශයේ ස්වෛරි භාවය, ආයතන වශයෙන්, ෆෙඩරැල් ක්‍රමයක් මඟින් ලබාගත හැකි බව අපි පවසා සිටින්නෙමු.

ඊ. දෙමළ දේශයේ අනන්‍යතාවය, දෙමළ ජනතාව ස්වයං නිර්ණ අයිතිය පිළිනොගත්, අන්තර්ගතය තුළ ඇතුලත් කරුණුවල පැහැදිළි භාවයක් නොමැති අඩුපාඩු සහිත විසඳුමක් පිළිගැනීමට නොහැකි බව සඳහන් කරන්නෙමු.

උ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා රහසිගතව සකසමින් සිටියි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් සිදුකළ මහජන අදහස් විමසීමේ වාර්තාව දෙමළ ජනතාවගේ යෝජනාවන් ඉවත්කර ඉදිරිපත් කර තිබේ. ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත පිළිබඳව ජනතාවගේ මත විමසුමට පෙර විනිවිද භාවයෙන් යුත්, ප්‍රජාතාන්ත්‍රික සාකච්ඡාවකට ජනතාව අතර පැවැත්වීමට කල් අවකාශයක් ලබාදිය යුතුයි. මර්ධනකාරි වැඩපිළිවලක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවන් සිදු කිරීමට නොහැක. උතුර නැගෙනහිර පළාත්වල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විවෘත විවාදයක් සිදු කිරීමට ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කළ යුතුයි. හමුදාකරණය ඉවත්කරගත යුතු යැයි අප ඉල්ලා සිටිනනෙමු.

දෙමළ පිබිදීමේ ඉල්ලීම් සංහල බසින් ද  දක්නට ලැබුණි; ජායාරූපය ගගන වෙතිනි
දෙමළ පිබිදීමේ ඉල්ලීම් සංහල බසින් ද දක්නට ලැබුණි; ජායාරූපය ගගන වෙතිනි

Archive

Latest news

Related news