Thursday, April 18, 2024

චම්පික රණවක යළි ජාතිවාදය කරා; ජනපති හා අගමැතිට අනතුරු හඟවයි

පසුගිය මැතිවරණයේදී එකසත් ජාතික පක්ෂය සමඟ හවුලේ තරඟ වැද පාර්ලිමේන්තුවට පත් චම්පික රණවක යළිත් දේශපාලන අඩව්වක් අල්ලන්නට සැරසෙන්නේදැයි දේශපාලන අංශයන්හි කතා බවට ලක්වෙමින් තිබේ.

බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ සිංහල අංශය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරන ලද අනතුරු හැඟවීමමීට හේතු වී තිබේ.

යුද හමුදාවේ බුද්ධි අංශ සෙබළුන් පැහැර ගැනීම් සහ ඝාතනයන් වෙනුවෙන් අත් අඩංඟවට ගැනිම වරදක් බව කියන රණවක එම ඝාතනයන්ට සම්බන්ධ අණදුන් පුද්ගලයින් ආරක්ෂා කරන බවට ආණ්ඩුවේ ප්‍රධානින්නට චෝදනා කරයි. ඔහු කියන්නේ මෙම ඩීල් වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

ඔහු බීබීසී සංහල සේවයට මෙසේ කියා තිබේ:

“මම අනතුරු අඟවනවා බොහොම පැහැදිලිව මේ පිරිස් රකින අයට බලගතු දේශපාලන වන්දියක් ගෙවන්න සිදු වෙනවා කියලා” එලෙස චෝදනා කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටද නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහට දැයි බිබිසිය විමසූ විට ඇමතිවරයා පැවසුවේ තමන් ඒ කවුරුන්දැයි නම් කිරීමට සූදානම් නැති බවයි.

අගමැතිවරයාට සහ ජනාධිපතිවරයා යන දෙපළට ලබා දුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැඳී සිටින බව පැවසූ අමාත්‍ය පාටලී චම්පික වැඩි දුරටත් කියා සිටියේ මෙරට සැබෑ සිංහල බෞද්ධ මතවාදය නියෝජනය කරන්නේ ජාතික හෙළ උරුමය බවයි.‘‘

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ත්‍රිකුණාමලයේ සිසුන් ඝාතනය යනාදී අපරාධ සම්බන්ධයෙන් සැක පිට අත් අඩංඟුවේ පසුවන යුද හුමදා පිරිස් බේරා ගැනනිමට රාජපක්ෂ ඇතුළු පිරිසක් මුදල් එක් කරමින් සිටින අතරවාරයේදී මෙම ප්‍රකාශය මගින් චම්පික රණවක එම ව්‍යාපාරයට අත්වැල් අල්ලන බවට දේශපාලන අංහවල කතා බව වේ.

 

 

Archive

Latest news

Related news