Friday, May 3, 2024

නටඹුන් වු ජීවිත වෙනුවෙන් පොඩි මිනිසුන් යළිත් විථීයේ !

තමන්ට අවශ්‍ය වන්නේ ජීවත්වීම උදෙසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යැයි පවසමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකින් පැමිණි සිංහල දමිළ ගොවි ධීවර වතුකම්කරු ජනතාව ඊයේ දහවල් කොළඹදී මහජන රැළියක් සහ පාගමනක් පවත්වමින් හඬ නැඟුහ. එම ක්‍ෂේත‍්‍ර නියෝජනය කළ ප‍්‍රජාමුල නායකයින් ද සිවිල් සංවිධාන නායකයින් ද කෙටි දෙසුම් ද පවත්වමින් කියා සිටියේ තමන් අපේක්‍ෂා කළේ ජනතා අදහස් වලට ගරුකරමින් සැමදෙනාට ම සමසේ සැළකෙන ජනතාවාදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහිකර ගැනීම බවයි. එහෙත් ඊට වෙනස් ආකාරයක ව්‍යවස්ථාවක් එළිදක්වන්නට පවතින සුදානමක දී නිශ්ශබ්දව නොසිටිය හැකි බව ඔව්හු ප‍්‍රකාශ කළෝය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සමාජ සුභ සාධනය ද ඉලක්ක කර ගත යුතුය
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සමාජ සුභ සාධනය ද ඉලක්ක කර ගත යුතුය

විවිධ සටන් පාඨ අතැතිව පාගමනේ ගමන්කළ තරුණ කොටස් ද ප‍්‍රකාශ කළේ එදා ආණ්ඩුව අපෙන් විමසූවා අපට අවශ්‍යකරන්නේ කුමන ආකාරයක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්ද යන්න. එසේනම් දැන් අප ලබාදෙන පිළිතුරු ආණ්ඩුව භාරගත යුතු යැයි කියා ය.

නොවැම්බර් මාසයේදි පැමිණීමට නියමිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මූලික වශයෙන් ආර්ථික සමාජීය හා සංස්කෘතික මූලික අයිතිවාසිකම් තහවුරු කරගැනීමට සිදුකරනු ලබන මූලික බලපෑමක් ලෙසට මේ රැළියත් පාගමනත් අපි මෙලෙස පවත්වනවා.

ආර්ථීක අයිතිවාසිකම් ව්‍යවස්ථාව තුළ තහවුරුකර ගත යුතුයි. ඒ තුළ තමයි මේ මොහොතෙ තිබෙන විශාල බලපෑම් ගණනාවක් විසඳා ගන්න වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ හදන ව්‍යවස්ථාව තුළ ආර්ථික අවශ්‍යතාවන් තහවුුරුකර ගැනීමක් සිදුකරගැනීමට.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා ඒකරාශිකළ ජනතා අදහස් යම්කිසි ප‍්‍රමාණයකින් යටපත්වන ස්වරූපයකදි නිශ්ශබ්ද්දව සිටිය නොහැකි බැවින් මෙසේ විථී බසින බව මහජන ව්‍යවස්ථාවක් උදෙසා වන ජනතා ක‍්‍රියාකාරිත්වයේ සම කැඳවුම්කරුවකු වන චින්තක රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේය.

පාලකයින්ට අසේවිද? “දැන් අපේ ඉල්ලිම්වලට සවන් දෙන්න“
පාලකයින්ට අසේවිද? “දැන් අපේ ඉල්ලිම්වලට සවන් දෙන්න“

ජිවත්වීම උදෙසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඊයේ කොළඹට පැමිණ විථී සැරු උතුරු නැගෙනහිර පළාත්වලින් පැමිණ සිටි දමිළ ජනතාවගේ නියෝජනයක් කිහිපයක් අදහස් දක්වමින් අයිතියට කියා සිටියේ්, දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකට මුහුණ දී නටඹුන් වී ඇති ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟා ගැනීම සඳහා මුලික වශයෙන් අවශ්‍යකරන්නේ යුක්ති සාධාරණය ඉටුවන, ජිවත් වීමට රුකුල් ලබාදෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මිස, ප‍්‍රාග් ධනය මෙන්ම රටේ සම්පතක්ව ඇති ස්වභාවික සම්පත් කොල්ලකෑමට රුකුල් දෙන ව්‍යවස්ථාවක් නොවන බවයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහිකර ගැනිමේ ජනතා අදහස් ලබාගැනීමේ කමිටුවේ සාමාජිකාවක වු ආචාර්ය හරිණි අමරසුරිය විසින් ද අදහස් ඉදිරිපත් කළ අතර දිර්ඝවශයෙන් පැවති අදහස් දැක්වීම් පසුව පලකරනු ලැබේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහිකර ගැනිමේ ජනතා අදහස් ලබාගැනීමේ කමිටුවේ සාමාජිකාවක වු ආචාර්ය හරිණි අමරසුරිය විසින් ද අදහස් ඉදිරිපත් කළ අතර දිර්ඝවශයෙන් පැවති අදහස් දැක්වීම් පසුව පලකරනු ලැබේ.
– පිංතුර සහ සටහන මෙලනි මානෙල් පෙරේරා / අයිතිය වෙබ් අඩවිය


Archive

Latest news

Related news