Tuesday, July 16, 2024

දුමින්ද ඇතුළු පහකට මරණ දඬුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා  ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය  කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන්ගේ  තීරණය වූයේ දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකු වැරදිකරුවන් බවයි.

සභාපති විනිසුරු  ශිරාන් ගුණරත්න මහතා වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කළ යුතු බව ප්‍රකාශ කළේය.

නඩුවේ පළමු වැනි සැකකරු වූ අනුර තුෂාර ද මෙල්, නඩුවේ දෙවැනි සැකකරු වූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, නඩුවේ හත් වැනි සැකකරු වූ  සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි සැකකරු වූ ජනක බණ්ඩාර ගලගොඩ මරණ දඬුවව ලැබූ සෙසු විත්තිකරුවෝය.

චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.

භාරත ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බව විනිෂ්චය මණ්ඩලයේ බහුතර තීන්දුව විය.

විත්තිකරුවන්ගේ ඉල්ලීම අනුව ජූරි සභාවක් නැතිව නඩුව විභාග විය.

(වෙඩි තැබීම වූ දා ඡායාරූප)

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

DSC_0312
DSC_0327
DSC_0318
DSC_0332
DSC_0340
DSC_0345
DSC_0358
DSC_0365

ස්තුතිය – ලංකාදීප

 

Archive

Latest news

Related news