Friday, March 29, 2024

ප්‍රහාරක ගුවන් යානා මිලදී ගන්නේ කාට ගහන්නද?

ආණ්ඩුව ගුවන්යානා ප්‍රහාරක යානාවන් මිලදී ගැනීමට යනබව වාර්තාවෙයි.අඩුම ගන්නේ ප්‍රහාරක 8ක් වත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව හෙළිකර ඇත.මෙයට කෝටි ගණන් මුදල් වැය කිරීමට මේ ආණ්ඩුව මූල්‍යමය හැකියාව පමණක් නොව දේශපාලන සහ සදාචාරමය වරම ලබා ගන්නේ කෙසේද යන්න ප්‍රශ්න කල යුතුය.

තමන්ගේ රටේ ජනතාවකට එදිරිව කල කෘර තිස් අවුරුදු ජනඝාතක යුද්ධයකින් පසුව එයින් ජනිත කරනලද්දාවූ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්නයන් විසදීම පසෙක තබා ආණ්ඩුවේ රණකාමී ප්‍රතිපත්තිය පණදීමට ගන්නා උත්සාහය සංහිදියාවට දෙන ඇතුල් පහරකි.

මෙය සිංහල බෞද්ධ බහුතරය අමන්දානන්දයට පත්කොට ද්‍රවිඩ ජනතාවගේ බිය සහ සැකය ජනිත කිරීමට හේතුවන පියවරක් ලෙස ආණ්ඩුවට දකින්න බැරිවීම කණගාටුවට කරුණකි.ප්‍රහාරක යානාවන් මිලදී ගැනීමට වඩානැවත යුධ්ධයක් ඇතිවීමට වලක්වන හේතුවලට පිළියම් යෙදීම ප්‍රහාරක යානාවන් මිලදී ගැනීමට වඩා බලවත්ය.ලාභය.මානුෂිකය. එය ජනවර්හික සමානාත්මතාවය මුල පිරීමක් වෙයි.

යුද්ධයෙන් තවදුරටත් දුගීකරණයට ඇද දමා ඇති ද්‍රවිඩ ජතාවට අඩුම ගන්නේ සහන සැලසීමට වත් මේ මුදල් යොදා ගැනීම සදාචාරමය වශයෙන් උත්කෘෂ්ට දෙයකි.

ලංකාව වැනි දිලිදු රටක්, තමන්ගේ ජනතාව පෝෂණය කිරීමට ජාත්‍යන්තරව දහ අතේ නයවන රටක්, ප්‍රහාරක යානා මිලදීගැනීම තරම් සදාචාර විරෝධී උමතුවකට පත්වීම කොතරම් භයානක ද? ලංකාවේ බොහෝ පාසල්වල ළමයින්ට පාවිචිචි කිරීමට වැසිකිලිපහසුකම් නැත.අධ්‍යාපනය දිනෙන් දින පෞද්ගලික අංශයට ගොදුරුවන අතර සෞක්‍ය සේවාවන් පෞද්ගලික කරණය ට ගොදුරු කරමින් ප්‍රහාරක යානා මිලට ගැනීම හාස්‍ය ජනක කරුණක්.

මෙය ආණ්ඩුවේ කෙරුමන්ට කොමිස් මුදල් ලබා ගන්නා ගනුදෙනුවක් බවට පත්වීමේ අනතුර පවතින අතර මෙයට පවතින උද්යෝගය බොහෝවිට එමගින් ජනිත කරන්නක්ද වෙයි.

– – දයාපාල තිරානාගම මුහුණු පොතෙනි

Archive

Latest news

Related news