Saturday, May 4, 2024

ලාංකීය දේශපාලනයේ අධිනිශ්චය ජාතික ප්‍රශ්ණයයි – දයාපාල තිරාණගම

( දෙවියන් යදින දෙමළ කාන්තාවක්- AP photo)

මේ සටහන ලිවීමේ අරමුණ ලංකාවේ දේශපාලනයේ අධිනිශ්චය පිළිබද ප්‍රශ්නය මතුකිරීම සදහායි. මගේ අදහස අනුව ලංකාවේ දේශපාලනයේ තවමත් ජාතික ප්‍රශ්නය අධිනිශ්චය කරයි. ආර්ථික ප්‍රජාතන්ත්‍ර වාදය පිළිබද ප්‍රශ්නය වැදගත් සහ ප්‍රබල බවක් සමහර අවස්ථාවන්හිදී විද්‍යමාන වුවත් තීරණාත්මක දේශපාලන ප්‍රශ්න්ය වන්නේ ජාතික ප්‍රශ්නය නැත්නම් ජනවාර්ගික බහුවිධ ප්‍රජාතන්ත්‍ර වාදය පිළිබද ප්‍රශ්න්ය වෙයි.

මෙයට විසදුමක් ලබෙන තාක් කල් ජාතික ප්‍රශනය ලාංකීය දේශපාලනයේ අධිනිශ්චය කරනු ඇත. සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය වෙන කිසිම දෘෂ්ටිය්වාදයකට වඩා බලවත් වූ ප්‍රවාහයක් ලෙස දේශපාලනයට බලපෑම් කරනු ඇත. ජනවාරි 8 දා ජයග්‍රහණය දේශපාලන වශයෙන් මෙයට පරාජයක් අත්කර දුර්වල අඩියකට ඇදදමුවත් දෘෂ්ටිවාදයක් ලෙස එහි ආධිපත්‍ය වාදී ස්වභාවය තවම බෙලහීන තත්වයක් නොලබාම එලෙසම පැවැත්වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව සිය දේශපාලන ජීව වායුව ලැබූයේ සිංහල ජනවර්ගික දේශප්‍රේමය සහ බහුවිධ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන සටන් පාට යෙනි .ඔවුන් මෙනිසාම ජාතික ප්‍රශ්නය අධිනිශ්චය ලෙස පවත්වා ගැනීමට යත්න දරනවා ඇත

.ලංකාවේ වැඩකරන ජනතව තවමත් බෙදා ඇති මුලික දේශපාලන ප්‍රශ්නය මෙය බව අමතක කිරීමට විප්ලවීය උනන්දුවක් ඇති සමහර කොටස් වලට වුවමනාවක් ඇත්තේ මෙය ජාතීන් අතර සමානාත්මතාවය ඇතිකිරීම සදහා මහන්සි වනවාට වැඩ ලෙහිසි කරුණක් වන නිසාය. එයට පරිබාහිරව ජවිපෙ සහ පෙසප ජාතික ප්‍රශ්නය විසදීම සදහා සමාජවාදී විප්ලවය එනතෙක් බලා සිටින ලෙස කරන කතිකාවත ද ජාතික ප්‍රශ්නයේ අධිනිශ්චය දේශපාලන යථාර්තය ව්‍යකුලත්වයකට ඇද දමා ඇත.

වැඩ කරන ජනතාව අතර සිංහල ජාතිවාදයේ අගතිය පිලිබදව නිරන්තර ප්‍රචාරක කටයුතු ගෙයන්නේ නොමැතිව අපට ප්‍රජාතන්ත්‍ර වාදයේ සහ සමාජ විප්ලවයේ මාවත හෙළි පෙහෙළි කිරීමට නොහැකිය. කම්කරු පන්තිය සිංහල ජාතිවාදයේ රුදුරු මුඛයෙන් ගලවා ගන්නේ නොමැතිව ඔවුන්ගේ ඓතිහාසික කාර්යභාරය ඉටුකිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. ඔවුන්ගේ සහ පොදු ජතාවගේ විමුක්තිය වැටී ඇත්තේ එයට දේශපාලන මග හෙළිකරන ප්‍රජාතන්ත්‍ර වාදය පිළිබද ප්‍රශ්නය ඔස්සේ ගමන් කිරීමෙන් මිස ආර්ථික ප්‍රජාතන්ත්‍ර වාදය පිළිබද මග හෙළි පෙහෙ‍‍ළිකිරීම මෙන්ම නොවේ.

මෙය සාකච්චාවට ගැනීම වම ගතයුතු මග පිලිබදව කරන සංවාදයක් ලෙස කලයුතු බව මම අදහස් කරමි.

– දයාපාල තිරාණගම මුහුණු පොතෙනි

Archive

Latest news

Related news