( ගල් අඟරුවලින් ගසා කෑම)
කැබිනට් මණ්ඩලය නොමග යවන්න ව්‍යාජ කරුණු ඉදිරිපත් කළ ලේකම්ලා 3 ගැන රාජ්‍ය පරිපාලනය සද්ද නෑ. – ප්‍රසම්පාදන කොමිෂම පිහිටුවන්නේ නැත්තේ හිතේ හැටියට හොරකම් කරන්නයි. ‘දුෂණ විරෝධී පෙරමුණ‘ කියයි.
නොරච්චෝල පිහිටි ගල්අගුරු බලාගාරය සදහා ගල්අගුරු මිල දී ගැනීම සදහා ලබා දුන් ටෙන්ඩරය මගින් අවම වශයෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 1,803 ක පාඩුවක් සිදු කර ඇති පුද්ගලයින්ට ශේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවෙන් සති දෙකක් ගතවී ඇතත් මේ දක්වාම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2016 මාර්තු 2 දින විගණන වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අවස්ථා තුනක දී ගල් අගුරු මිලදී ගැනීම මගින් මෙම පාඩුව සිදුව ඇති බවයි. ඇමරිකානු ඩොලර් 51.29 කට ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක් මිලදී ගැනීමට අවස්ථාව තිබිය දී ඇ.ඩො. 58.00 බැගින් මෙම මිලදී ගැනීම සිදු කොට ඇති බව විගණන වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයේ ශ්‍රී ලංකාවේ ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබීය. අංක SC FR NO. 394/2015 නඩු තීන්දුව මගින් ‘මහජන මුදල්‘ සම්බන්ධයෙන් රජයේ නීති විරෝධී කටයුතු වැලැක්වීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ශේෂ්ඨාධිකරණය පවසන්නේ [Shocks the conscience of the Court, especially when the awarding of the tender involves “Public Funds”] ලෙසිනි.
ලංකාවේ ශේස්ඨාධිකරණය කම්පනයට පත් කළ මහජන මුදල් සම්බන්ධ ටෙන්ඩර් ගනුදෙනුවකින් සති දෙකකට පසුවත් මෙම කටයුත්තට සම්බන්ධ සියලු රාජ්‍ය නිලධාරීන් තවමත් අවම වශයෙන් මුලික පරීක්ෂණයක් හෝ නොමැතිව එම තනතුරුවලට කටයුතු කරමින් සිටී.
ශේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින්,
1. රාජ්‍ය නිලධාරීන් ගණනාවකගෙන් සමන්විත ටෙන්ඩර් කමිටුව විසින් ටෙන්ඩර් කැදවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගණනාවක් උල්ලංඝණය කොට ඇත.
2. කැබිනට් මණ්ඩල අනුමැතිය ලත් විශේෂ ප්‍රසම්පාදන කමිටුව යහපත් චේතනාවෙන්, තමන් වෙත පැවරිනු වගකීම් හැර වෙනත් පරිබාහිර කටයුතු සදහා භාවිත නොකිරීම, වෙනත් අනවශ්‍ය සලකා බැලීම් (මුදල්?) වලට ලක් නොවීම සිදු විය යුතු බව ද දක්වයි.
3. එසේ නමුත්, ඉහත කරුණු ඉටු කිරීමට ‘කැබිනට් මණ්ඩල අනුමැතිය ලත් විශේෂ ප්‍රසම්පාදන කමිටුව‘ අසමත්ව ඇති බව නඩු තීන්දුවේ දැක්වේ.
4. ලංකා ගල් අගුරු සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් මගින් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතා ට පිළිගත් කාර්ය පටිපාටියෙන් බාහිරව තීන්දු ගැනීම සිදුවන්නේ නම් එය අනාගතයේ දී ‘බලවත් චෝදනා‘ එල්ල විය හැකි බව දක්වා ඇත.
5. එසේ තිබිය දී, ඉතා සුක්ෂම ලෙස කැබිනට් මණ්ඩලයට පවා කරුණු වසන් කොට ‘කැබිනට් මණ්ඩල අනුමැතිය ලත් ප්‍රසම්පාදන කමිටුව‘ ක්‍රියාකොට ඇත.
6. ප්‍රසම්පාදන කමිටුව බලය අයුතු ලෙස භාවිත කොට ඇති බව (පිටුව 16) කර ඇත.
7. ප්‍රසම්පාදන කමිටුව තමන් වෙත පැවරී ඇති බලයට පරිබාහිරව කටයුතු කිරිම තුලින් ඔවුන් විසින් ගනු ලැබූ සියලු තීරණ අවලංගු වන බවත් (පිටුව 16)
8. (අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සකස් කරනු ලැබූ) කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය නොමග යවා ඇති බවත්
9. කැබිනට් මණ්ඩලය නොමග යවා ලබාගත් 22.09.2015 දරණ තීන්දුව වලංගු නොවන බවත් දැක්වේ.
10. ඒ අනුව වත්මන් රජය යටතේ සිදු කිරීමට උත්සහ දැරූ අති දැවැන්ත මුල්‍ය වංචාවට සම්බන්ධ ටෙන්ඩරය අහෝසි කිරීමට
ශේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි තෙන්නකොන් මහතා පවසයි.
මෙය දැවැන්ත මුල්‍ය වංචාව සිදු කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් මේ දක්වාම රාජ්‍ය සේවයේ අවම වශයෙන් මුලික පරීක්ෂණයකින් හෝ තොරව කටයුතු කරමින් සිටී.
අමාත්‍ය මණ්ඩල තීරණවලට එරෙහිව නඩු පැවරීමට හැකි පරිසරයක් ගොඩනැගී තිබීම පිළිබද අප සතුටු විය හැකිය. එසේ වුව ද, මෙවැනි දුෂණ සදහා සෘජුව දායකවන දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ඉතා අවසනාවන්ත තත්වයකි.
රජය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කළ යුතු ප්‍රසම්පාදන කමිටු පිහිටුවීම දිගින් දිගටම පැහැර හැරීම මගින් මෙවැනි වංචා දුෂණ සදහා තවදුරටත් අවස්ථාව සැලසෙන බව තෙන්නකෝන් මහතා පැවසීය.
මෙම අවස්ථාවට මංජුල ගුණරත්න, චමීර පෙරේරා යන මහත්වරුද එක්වී සිටියහ